ඔරිස්සා මාවෝවාදී කැරැලිකරුවන්ගේ ඉල්ලීම්වලට හිස නමා, සිරකරුවන් 27 දෙනකු නිදහස්කොට, ප‍්‍රාණ ඇපයේ සිටි ඉතාලි ජාතික සංචාරක මග පෙන්වනකු සහ ප‍්‍රාන්ත සභා මන්තී‍්‍රවරයකු බේරා ගැනීමට ඉන්දීය රජය ඊයේ (5) කටයුතු කළේය.
ප‍්‍රාණ ඇපයේ සිටි දෙදෙනා මුදා හැරීමට නම් ඉන්දීය රජයේ අත්අඩංගුවේ සිටින මාවෝවාදී කැරැලිකරුවන් මුදා හරින්නැයි මාවෝවාදීන් රජයට බල කළේ මීට සති කිහිපයකට පෙර සිටය.
ඒ අනුව අකමැත්තෙන් වුවද සිරකරුවන් 27 දෙනා මුදා හැරීමට තමන්ට සිදු වූ බව ඔරිස්සා ප‍්‍රාන්ත බලධාරීහු පවසති.
ඊයේ සවස මාධ්‍ය හමුවක් පවත්වමින් ප‍්‍රාන්ත මහ අමැති නවීන් පට්නීක් ප‍්‍රකාශ කළේ ප‍්‍රාණ ඇපයේ සිටි ඉතාලි ජාතිකයාත් ප‍්‍රාන්ත සභා මන්තී‍්‍රවරයාත් ඉතා හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බවත් ඔවුන් මුදා ගැනීමේ කටයුතු සාර්ථකව සිදුවූ බවත්ය.
පෝලෝ බොසුස්කෝ නමැති එම ඉතාලි ජාතික සංචාරක මඟ පෙන්වන්නා මාවෝවාදී කැරැලිකරුවන්ගේ ග‍්‍රහණයට හසුවූයේ ඉකුත් මාර්තු 14 වැනිදා තවත් ඉතාලි ජාතික සංචාරකයක වූ ක්ලෝඩියෝ කොගැන්ජිලෝ සමඟය.
පෝලෝ බොසුස්කෝ ඔරිස්සා ප‍්‍රාන්තයේ සංචාරක සමාගමක් පවත්වාගෙන යයි. ඔහු ඉන්දියාවේ ජීවත් වන්නේ වසර ගණනක සිටය. කැරැලිකරුවන් ප‍්‍රකාශ කළේ දියනාමින් සිටි කාන්තාවන්ගේ ඡායාරූප ගැනීමේ වරදට ඉතාලි ජාතිකයන් දෙදෙනා පැහැරගෙන ගිය බවය.
පැහැර ගැනීමෙන් දින 11 කට පසු ක්ලෝඩියෝ කොගැන්ජිලෝ මුදා හැරීමට මාවෝවාදී කැරැලිකරුවෝ කටයුතු කළහ. කැරැලිකරුවන් ඔරිස්සා ප‍්‍රාන්ත සභා මන්තී‍්‍ර ජින්නා හිකාකා පැහැර ගත්තේ ඉන්පසුවය. ඒ, ඉකුත් 24 වැනිදාය.
හිකාකා, ඔරිස්සා ප‍්‍රාන්තයේ බලය අල්ලා ගෙන සිටින ‘ජනතා දාල්’ පක්ෂයේ පසු පෙළ මන්තී‍්‍රවරයෙකි
							
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1956										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1544										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 540										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ප‍්‍රාණ ඇපකරුවන් බේරාගන්න ඉන්දීය රජය සිරකරුවන් 27 ක් මුදාහරී