තද සුළං සහ මහ වැසි ද සමඟ ‘ටෙම්බින්’ නමැති ප‍්‍රචණ්ඩ සුළි කුණාටුව ඊයේ (23) සවස තායිවානයට කඩා වැදුණි.
කුණාටුව පැමිණීමත් සමඟ අවදානම් ප‍්‍රදේශවල ජීවත් වූ 3,000 ක් දෙනා වහාම ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට බලධාරීහු යුහුසුළු වූහ.
පැයට කිලෝ මීටර් 144 ක වේගයකින් හමා ආ සුළි කුණාටුවෙන් වැඩිපුරම බලපෑම් එල්ල වූයේ නැගෙනහිර තායිවානයේ කඳුකර ප‍්‍රදේශලටය. ස්ථාන කිහිපයක නායයෑම් හටගත් බව ද වාර්තා වේ.
කුණාටුව ගැන කල් තියා අනතුරු ඇඟවීම් කිරීමත් සමඟ ජනතාව ආරක්ෂක ස්ථාන වෙත යොමු කිරීමට තමන්ට හැකි වූ බව එරට ආපදා කලමණාකරණ දෙපාර්තමේන්තුව පවසයි.
සුළි කුණාටුවේ බලපෑම් නිසා ගුවන් ගමන් කටයුතු අත්හිටුවීමට ද තායිවාන ගුවන් ගමන් පාලන අධිකාරිය තීරණය කර ඇතැයි වාර්තා වේ.
තායිවාන රජය පැවැසුවේ ජනතාවට සහාය දීමට 50,000 ක අමතර හමුදා භට පිරිසක් ද සීරුවෙන් තබා ඇති බවය.
තායිවානය මෙම මාසය මුලදී ‘සෝලා’ නමැති සුළි කුණාටුවෙන් ද බැට කෑවේය. එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන අන්දමට මේ වනවිට තවත් සුළි කුණාටුවක් තායිවානය දෙසට ඇදී එමින් පවතී.
2025 දෙසැම්බර් මස 04
691
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
449
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ප‍්‍රචණ්ඩ සුළි කුණාටුවක් තායිවානයට කඩා වදී
ප්‍රවීන් - මැනිලා Sunday, 26 August 2012 12:51 PM
කැරකිලා කැරකිලා පිලීපීනෙටම පාත් වෙයිද දන්නේ නැහැ. (නි)