IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


පෙර සිරිතට බැටළුවෝ මැඞ්රිඞ් එති

ස්පාඤ්ඤ එඬේරුන් පිරිසක් තම බැටළුවන් 2000 ක් පමණ මැඞ්රිඞ් අගනුවර වෙත ගෙන   ආහ. එසේ  කෙළේ  පුරාණයේ සිට පැවත එන චාරිත‍්‍රයක් සිහි කැදැවීමටය. උණුසුම් වසන්ත සමයේදී ස්පාඤ්ඤයේ කඳුකර ප‍්‍රදේශයන්හි සිටිමින් සිය සතුන් රැකබලා ගන්නා එඬේරු ශීත සමය එළැඹෙන විට සතුන් සමග පහළ තැනිතලා ප‍්‍රදේශ වෙත පැමිණේති. එසේ පහළ තැනිතලා බිම් වෙත පැමිණීමටත් දේශගුණය වෙනස් වන විට නැවත කඳුකර ප‍්‍රදේශකරා යාමටත් ඔවුන්ටම විශේෂ වූ මාර්ග පැවැතිණි. මැඞ්රිඞ් නගරය මේ විශේෂ මාර්ග වල සංධිස්ථානයකි.ඒ අතිතයේ මැඞ්රිඞ් නගරය රටේ ආර්ථික මර්මස්ථානය වූ නිසාවෙනි. කාලයාගේ ඇවෑමෙන් එඬේර සංස්කෘතිය ක‍්‍රමයෙන් වියැකී යන්නට පටන් ගත් අතර වර්තමානයේ ස්පාඤ්ඤයේ බැටලූ පාලනය බොහෝ විට සිදු කෙරෙන්නේ ගොවිපොළේදීය. නමුත් සාම්ප‍්‍රදායික ක‍්‍රමය අනුගමනය කරමින් බැටළුවන් පාලනය කරන එඬේරු ස්පාඤ්ඤයේ තවමත් සිටී.ඔවුන් අතීතයේ තම මුතුන්මිත්තන් කළ පරිදි සිය බැටලූවන් ඇති දැඩි කරයි. සිය සතුන් රටේ විවිධ ස්ථාන වලට ගෙන යෑමට ඔවුන් තවමත් භාවිතා කරන්නේ තම මුතුන් මිත්තන් භාවිතා කළ මාර්ගමය.එනිසා ක්වේ. මැඞ්රිඞ් නගරයට එඬේරුන් සමග පැමිණි බැටලූවෝ ජනාකීර්ණ වීදි තමන් සතු කර ගනිමින් දකුණු ප‍්‍රදේශය බලා ගමන් ගත්හ.



අදහස් (0)

පෙර සිරිතට බැටළුවෝ මැඞ්රිඞ් එති

හේමන්ත Monday, 29 October 2012 05:25 PM

සත්ත්ව හිංසාවක මහත .මේ සතුන් එක පිට එක යටවෙලා මැරෙනවා නේද? (නි)

:       0       0

තුවාන් Monday, 29 October 2012 07:49 PM

මේ බැටළුවෝ ටික අපිට දුන්නානම් අපි ආගමානුකූලව මොනවා හරි කරනවනේ (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site