බි‍්‍රතාන්‍යයේ  ඩෙවොන් ප‍්‍රාන්තයේ වෙස්ට්වුඞ් මහත්මියගේ බළල් සුරතලා වන මර්ලින් උස් හඬින් පුරු පුරු ගෑමේ හපනෙකි.

ජංගම දුරකථනයක වූ ශබ්දයේ තීව‍්‍රතාවය මිනිය හැකි මෘදුකාංගයක් ආධාරයෙන් මර්ලින්ගේ පුරුපුරුවේ තීව‍්‍රතාවය මැනි විට එය ඩෙසිබල් 98 ක උපරිම අගයක් ලෙස සටහන් වූ බව වෙස්ට්වුඞ් මහත්මිය කියයි.සාමාන්‍ය අගය පැවත ඇත්තේ ඩෙසිබල් 68---70 අතර කලාපයේය.ඒ බැව් සනාථ කෙරෙන වීඩියෝවක්ද අන්තර්ජාලයට එක් කිරීමටද ඇය කටයුතු කර ඇත.මර්ලින් පුරුපුරු ගානා විට එය විදුලි බුරුමයක් ක‍්‍රියාත්මක වීමේදී නැගෙන හඩක් මෙන් උච්ච ස්වරයෙන් ශ‍්‍රවනය කළ හැකි බවද ඇය පවසයි.

තෘප්තිමත් බව පෙන්වීමට බළලූන් පුරුපුරු ගානා බවට විශ්වාස කළද ඒ පිටුපස ඇති සැබෑ හේතුව තවමත් අභිරහසකි.සොයාගෙන ඇති පරිදි මේ පුරුපුරු ශබ්දය නැගෙන්නේ ඔවුන්ගේ ස්වර තන්ත‍්‍ර හරහා වාතය වේගයෙන් ගමන් කිරීම නිසාවෙන්ය.  සාමාන්‍යයෙන් බල්ලකුගේ පුරුපුරුවේ තීව‍්‍රතාවය ඩෙසිබල් 25 ක පමණ අගයක් ගනී.

ලෝකයේ උච්චතම පුරුපුරුවට හිමි ගිනස් වාර්තාවට දැනට හිමිකම් කියන්නේ ‘‘ස්මෝකි’’ නම් බළලෙකි.  ඌ නඟන පුරුපුරුව ඩෙසිබල් 67 කි.එය පන්තිකාමරයක සිසුන් එකිනෙකා සමග කතිකා කරමින් සිටින අවස්ථාවකදී නැගෙන ශබ්දයට සමාන කර තිබේ.