IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


පයිලට් දෙන්නාට දඩුවම්

ගුවන් යානය පියාසර කරමින් තිබෙන අතරතුර නියමු කුටියට ගෙන්වා ගත් මෝස්තර නිරූපණ ශිල්පිනියක හා ඡායාරූප වලට පෙනී සිටි වියට්නාම ජාතික ගුවන් නියමුවන් දෙදෙනෙකුට වැඩ වැරදී ඇත.

මේ ඡායාරූප ගන්නා අවස්ථාවේදී යානය තිබී ඇත්තේ පොළොවේ සිට අඩි දහස් ගණනක් උඩිනි.

ඡායාරූප වලට පෙනී සිටින අවස්ථාවේ ගුවන් යානය ‘‘ස්වයංක‍්‍රීය නියමු‘‘ පාලනය යටතේ පැවැත ඇතැයි සදහන්ය.ස්වයංක‍්‍රීය නියමු පාලනයේදී ගුවන් යානය ස්වයංක‍්‍රීයවම හැසිරවීම සිදුවන අතර එය සිදුකරන්නේ ගුවන් යානයේ පරිගණක පද්ධතිය මගිනි.ගුවන් යානය ස්වයංක‍්‍රීය නියමු පාලනයට යොමු කළ විට ගුවන් නියමුවෙක් යානය පාලනය කිරීමට අවශ්‍ය නොවේ.එසේ වුවද ස්වයං පාලනයට ගුවන් යානය යොමු කර විවේක ගැනීමේ අවසරයක් කිසිදු ගුවන් නියමුවෙකුට ලබා නොදෙයි.ගුවන් යානයේ ගමන් මග පරීක්ෂා කිරීම,පාලන පුවරුව පරීක්ෂා කිරීම,අවශ්‍ය විටකදී ස්වයං පාලනයෙන් තමන් අතට ගුවන් යානය ගැනීම ආදී කටයුතු සිදු කිරීමට ගුවන් නියමුවා හොද අවධානයෙන් සිටිය යුතුම වේ.

තම වගකීම් අමතක කර ඇති මේ වියට්නාම ගුවන් නියමුවන් දෙදෙන වරෙකට එකා බැගින් මෝස්තර නිරූපණ ශිල්පිණිය සමග ඡායාරූප වලට පෙනී සිට ඇත.මේ ඡායාරූප කෙසේ හෝ අන්තර්ජාලට එක් වී ඇති අතර ගුවන් නියමුවන් දෙදෙනාට දඩුවම් කිරීමට වියට්නාම ගුවන් සේවය තීරණය කර ඇත්තේ ඒවා දැකීමෙනි.ගුවන් නියමුවන් දෙදෙනාට මසක වැඩ තහනමක් පනවා දඩයන්ද නියම කිරීමට බළධාරීන් ක‍්‍රියා කර ඇත.මේ හා සමානම සිදුවීමක් ඉන්දියාවෙන්ද පසුගියදා වාර්තා වූ අතර එහිදී ගුවන් සේවිකාවකට යානයේ පාලනය භාර දුන් ගුවන් නියමුවන් දෙදෙන ව්‍යාපාරික පන්තියට වී නිදා ගෙන සිට බව සදහන් විය.



අදහස් (0)

පයිලට් දෙන්නාට දඩුවම්

අමිල කටුනායක Wednesday, 15 May 2013 11:18 AM

ඕවා ඇතුළේ මොන මොන වැඩ වෙනවද දන්නෙ නැහැ (නි)

:       0       0

ගාමිණී-සිරි Tuesday, 14 May 2013 04:29 PM

තාක්ෂණය දියුණු කාලයේ ,ගුවන් යානා සමගම නිතරම පියාසර කරන නියමුවන් සමග සම්බන්ධතාවයක් තබාගත යුතුයි, කැමරා සවිකර තිබීමෙන් ඔවුන් හරියට රාජකාරිය ඉටුකරනවාද පරීක්ෂා කිරීමට‍..සමාගමට එය අපහසු නම් නියමු කුටියේ කැමරාව මගීන්ට බැලීමට සැලැස්විය යුතුයි.මගීන්ගේ ජීවිත ගැන නොසලකා නොහොබිනා වැඩ කරනවට කන හරහට දෙකක් දෙන්නයි තියෙන්නේ (නි)

:       0       0

අජිත් කරුණාරත්න Wednesday, 15 May 2013 04:12 PM

එතකොට මේගොල්ලගේ පින්තූර ගත්තු කෙනාට මොකද වුණේ? (නි)

:       0       0

හේරත් Tuesday, 14 May 2013 06:03 PM

අනේ ඉතින් අපි කන බොන මිනිස්සු නේ. ඔය පින්තූරයක් ගත්තට ඔච්චර දඬුවම් දෙන්ට ඕනෙයෑ? (නි)

:       0       0

කුමාරසිරි Wednesday, 15 May 2013 12:37 PM

පින්තුර අරගෙනද නැත්තම් ..........? (ස)

:       0       0

දයා අළහකෝන් Tuesday, 14 May 2013 07:08 PM

මේ දෙන්නටම ගෙවල් වලිනුත් සෝලි එන්න ඇති. (නි)

:       0       0

අමල් Tuesday, 14 May 2013 03:20 PM

නිළිය දැක්කම උන් හිටි තැන අමතක වෙන්න ඇති. (ස)

:       0       0

හේමන්ත Tuesday, 14 May 2013 03:20 PM

දඩුවම නම් මදි. (ස)

:       0       0

සීතා Tuesday, 14 May 2013 03:21 PM

චිත්තයක් දැක්කොත් විනාසයි. (ස)

:       0       0

ගිහාන් Tuesday, 14 May 2013 03:21 PM

මෙයාලට මගින් ගැන තියා තමන් ගැනවත් ගානක් නැති හැටි (නි)

:       0       0

හේරත් Tuesday, 14 May 2013 07:53 PM

අර සුන්දරියට මොකද දඬුවමක් නොදෙන්නේ? අවරුදු 5 කට ගුවන් ගමන් බලපත තහනම් කරනු. මම පෙළපාලි යනවමයි.(නදී)

:       0       0

හේමන්ත Wednesday, 15 May 2013 06:16 PM

යන්නේ නැහැ මීට පස්සේ එයාර් ඉන්දීයා වල නම්.(නදී)

:       0       0

සුරංග Wednesday, 15 May 2013 06:46 PM

මේ වගේ පිස්සු නටාගෙන ගිහින් යානය පුපුරලා වැටුනා නම් කියයි "අල්කයිඩා" එකේ වැඩක් කියලා (නි)

:       0       0

ශාෆික් Wednesday, 15 May 2013 10:30 AM

මෙවැනි දේවල් කරන අයට නිසි දඩුවම් දියයුතුයි (නි)

:       0       0

දිසානායක Wednesday, 15 May 2013 03:13 PM

හේරත් කොල්ලෝ නැගපිය පොල් ගහකට.(නදී)

:       0       0

හේරත් Wednesday, 15 May 2013 07:42 PM

අම්මප හැබෑව...පොල්ගහට නැග්ගොත් හරියටම හරි. ඒ වුණාට වටපිටාවේ අයියලා බලන් ඉන්නේ වෙන දේකට නෙවැ.ගැටලුව එතනයි මාමේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 195 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 397 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 168 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site