ලොව දිගම අධිවේගී දුම්රිය මාර්ගය පසුගියදා චීනයේදී විවෘත විය.

චීනයේ බීජිං හා ගුඇන්සු නගර යා කරන මේ නව දුම්රිය මාර්ගය කිලෝමීටර 2298 ක් පුරා විහිදේ. සාමාන්‍ය දුම්රියකින් පැය 20 ක් පමණ ගතවන මේ ගමනට අධිවේගී දුම්රියේ පිහිටෙන් දැන් ගතවන්නේ පැය 8 ක් පමණි.

නව දුම්රිය මාර්යේ ධාවනයට යොදවා ඇති දුම්රිය විදුලි බලයෙන් ජව ගැන්වේ. පැයට කිලෝමීටර 300 ක උපරිම වේගයකින් ගමන් කිරීමේ හැකියාවද ඇත.චීනයේ දුම්රිය ප්‍රධාන ප්‍රවාහන මාධ්‍යයක් වන අතර දැනට කිලෝමීටර 9300 කට ආසන්න දුරක් පුරා දිවෙන දුම්රිය මාර්ග පද්ධතියක් එහි ඇත.