16 වැනි ශුද්ධෝත්තම බෙනඩික් පාප්තුමන් සිය පදවියෙන් ඉල්ලා අස්වීමට තීරණය කිරීම ලෝ පුරා කතෝලික බැතිමතුන් තුළ කම්පනයක් ඇති කිරීමට සමත් වී ඇත.
අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් තමන් ඉල්ලා අස්වන බව 16 වැනි බෙනඩික් පාප්තුමන් නිල වශයෙන් නිවේදනය කළේ පෙරේදා (11) ය.
එතුමන් ඉල්ලා අස්වීමට සැරසෙන බව එතුමන්ගේ සමීපතමයන් පවා දැන නොසිටි බව මාධ්‍ය වාර්තා කළේය. ඒ අනුව කාගේ හෝ බලපෑමක් මත පාප්තුමන් ඉල්ලා අස්වූයේදැයි සැකයක් බටහිර මාධ්‍ය ඇති කර තිබුණි.
කෙසේ නමුත් 85 හැවිරිදි බෙනඩික් පාප්තුමන් පැහැදිලි කළේ පාප් පදවියේ රැඳී සිටිමින් කටයුතු කිරීමට තරම් කායික ශක්තියක් තමන්ට නැති බවය.
16 වැනි පාප්තුමන් ලෙස එම ධුරයට පත් වූයේ ජර්මන් ජාතික කාඩිනල් පියතුමකුව සිටි ජෝසප් ඇලෝසියස් රැත්සිංගර් ය. එතුමන් 2005 වසරේ දී එම පදවියට තේරී පත් වූයේ ශුද්ධෝත්තම දෙවැනි ජෝන් පාවුල් පාප්තුමන්ගේ අභාවයෙන් පසුවය.
පාප් පදවියට පත් වූ අවස්ථාවේ සිටම එතුමන් කියා සිටියේ තමන් එම පදවියට පත් වේවි යැයි කිසිදා නොසිතූ බවය. ලෝක සාමය සහ ආගමික සමඟිය ඇති කිරීම කෙරෙහි පාප්තුමන් පසුගිය වසර කිහිපයේ කැප වී කටයුතු කිරීමෙන් ලොව සියලූම ආගම්වල පැසැසුමටත් ගෞරවයත් පාත‍්‍ර වූයේය.
එම හේතුව නිසාම එතුමන් ඉල්ලා අස්වීමට ගත් තීරණය රෝමානු කතෝලික පල්ලියට, කි‍්‍රස්තියානි ප‍්‍රජාවට පමණක් නොව මුළු මහත් ලොවටම කම්පනයක් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙවියන් වහන්සේ එතුමාට ඉල්ලා අස්වෙන්න කිවුවේ නැහැනේ. එතුමාට රෝගී කළෙත් නැහැනේ. ඉතින් කොහොමද මෙය දේව කැමැත්ත වෙන්නේ? (නි)
ආගම් වාදියනි, ඔන්න ආගමික විශ්වාස වලට මෙතන මරාගන්න ලැහැස්ති වෙනවා එහෙම නෙවේ ඔන්න... (ස)
දැන් හැමදේම වෙන්නේ කරුමෙන් කියලා ඔප්පු කරල පෙන්නනවද (ස)
දොන්, හැමදේම වෙන්නේ කරුමෙට කියලද බුදුන් වදාළේ? (නි)
දැන් එතුමා වයසට ගියේත්, අසනීප උනේත්, ඉල්ලා අස් උනේත්, කරුමෙටලු.... (ස)
ඔව් මේ දේවල් සිදුවී ඇත්තේ කර්මානුරූපවයි. දේව කැමැත්ත නම් තර්කයෙන් අරගන්න අය නරක කෙනෙක් කියලා. එයා නරක කෙනෙක් නොවෙයිනේ...(ස)
බුදුන් වහන්සේ කරුමයක් කියලා දෙයක් ගැන කියලා නැහැ කියලා හොදින් තේරුම්ගන්න. (නි)
කර්මය යනු නියම ධර්ම 5 න් එකක් පමණි. බුදු දහම නොදන්නේ නම් ඒ ගැන අදහස් දැක්වීමෙන් වළකින්න. (නි)
කාදිනල් මැල්කම් රංජිත්පියතුමත් මේ අය ඒක්ක හිටියනමි ලාංකිකයන් හැටියට අපිටත් ෙගාඩාක් සතුටු වෙන්න තිබුණා..(ස)
මෙහි අදහස් දක්වා ඇති බෞද්ධයනි, ඔබේ හිතරිදුනා නම් සමාවෙන්න....කිතුණුව්න්ටද ඔවුන්ගේ ආගම විවේචනය කරන විට එසේම හැඟෙන බව හිතන්න......(ස)
ඔප්පු කරන්න ...(ස)
දෙවියන්ගේ කැමැත්ත ඔප්පු කිරීමට බැරි සේම කරුමයත් ඔප්පු කොට පෙන්විය නොහැක. මේවා සියල්ල විශ්වාස වේ. (ස)
ලොව කිතුණු ජනගහණය 36% මුස්ලිම් 24% ආගමක් නොමැති 16% බෞද්ධ 5% (ස)
කිතුණු ආගම නොදන්නේ නම් ඒ ගැන තර්ක කිරීමෙන් වලකින්න...(ස)
හිංදු 08% (ස)
දැන් මෙතන හරි රුවන්ද චන්න ද? (ස)