ශුද්ධෝත්තම 16 වැනි බෙනඩික් පාප්තුමන් ඊයේ (28) සිය ධුරයෙන් ඉවත් වූ අතර එතුමෝ වතිකානුවෙන් ද නික්ම යෑමට නියමිතව සිටියහ.
ධුරයට සමුදීමට පෙර එතුමන් ශාන්ත පීතර් චතුරස‍්‍රයේදී කතෝලික බැතිමතුන් එක් ලක්ෂ 50,000 ක් අමතමින් එම පිරිසට ආයුබෝවන් කීවේ කඳුළු පිරි දෙනෙතිනි.
85 වැනි වියෙහි පසුවන බෙනඩික් පාප්තුමන් සිය ධුරයෙන් ඉවත් වීමට තීරණය කළේ එතුමන්ගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙනි. එතුමන් ධුරයෙන් ඉවත් වන බව කියා සිටියේ ඉකුත් 11 වැනිදාය.