මරියතුමියගේ සහ ශාන්ත ජෝසප් තුමාගේ සංකේත වඩ වඩාත් ඉස්මතු කිරීම සදහා පළවන ප්‍රැන්සිස් පාප්තුමාගේ නිල ලාංඡනයේ වෙනස් කම් කිහිපයක් සිදු කර ඇත.

කොන් පහක් වූ තරුවේ නව සැකැස්ම කොන් අටක් වී ඇත. මිදී පොකුරක් ලෙස නිරූපණය වූ ධාන්‍ය මල් පොකුර නව ලාංඡන‍යේ මල් ඉත්තක් ලෙස දක්වා ඇත. නිල ලාංඡන‍යේ නිල් පැහැති පසුබිමේ අඩංගු සලකුණු මඟින් පාප් දූරයේ උසස් බව පෙන්නුම් කරයි . ලාංඡන‍යේ ඉහල කොටසෙන් පාප්තුමාට හිමි ශුද්ධවු සැලසුම සහ කතෝලික ජනයා පෙන්නුම් කරයි.

පළවන ප්‍රැන්සිස් පාප් තුමා මහා ධීවරයාණන් බව සංකේතවත් කරන මුදුව සවෙනි පාවුළු පාප්තුමා වෙනුවෙන් නිර්මාණය කල එහෙත් භාවිතයට නොගත් එකක් බැව් වතිකාන ආරංචි මාර්ග කියයි. පාප්තුමාගේ මුදුව නිර්මාණය කර ඇත්තේ හෙන්රි මැන්ප්‍රින් නම් චිත්‍ර ශිල්පියෙකු විසිනි.