රෝමයේ සෙන්ට් පීටර්ස් චතුරස්ර යේ දී බදාදා පැවැති දේව මෙහෙයේදී ෆ්රැතන්සිස් පාප්තුමා ගඩු සහිත මිනිසකු කිසිම පිළිකුලක් නොමැතිව සිප වැළද තම යාඥාවට එකතු කරගත්තේය.
පාප්වහන්සේ දේවමෙහෙය අවසානයේ රෝගීන්ට ආශීර්වාද කරන අවස්ථාවේ මෙම රෝගියා සිය මුහුණ ආවරණය කරගෙන පාප්වහන්සේ අසළට පැමිණ ඇත.
රෝගියා කලාතුරකින් ඇතිවන රෝගයක් වන නියුරෝෆිබ්රෝමැටෝසිස් රෝගයෙන් පෙළෙන්නෙකි. එය දුර්ලභ රෝගයක් වන අතර එහිදි වායු ගෙඩි, අන්ධභාවය ඇතිවන අතර සමහර අවස්ථාවන් වල පිළිකාවන්ද ඇතිවිය හැක. මෙම රෝගයට ගොදුරු වන්නන් අලි මිනිසුන් යන නමින් හැඳින්වේ.
පාප්වහන්සේ මෙම පුද්ගලයා බදාගත් අතර පාප්වහන්සේගේ දයාව හා කරුණාව බොහෝදෙනෙකුගේ ඇගයීමට ලක්විය.
පාප්වහන්සේගේ මෙම ක්‍රියාව 13 වන සියවසේ විසූ අසීසියේ ශෘන්ත පාප්වහන්සේගේ ක්‍රියාවට සමානය.එහිදි පාප්වහන්සේ විසින් ලාදුරු රෝගියෙකු සිපගත් බව කියති.
පළමු වැනි ෆ්‍රැන්සිස් පාප්තුමන් ලෙස තමා හඳුවන්නැයි එතුමන් තීරණය කළේ, 13 වැනි සියවසේ ඉතාලියේ ෆ්‍රැන්සිස්කන් නිකායේ පුරෝගාමී අසීසයේ ශාන්ත ෆ්‍රැන්සිස් පාප්තුමන්ට ගරු කරමිනි. අසීසයේ ශාන්ත ෆ්‍රැන්සිස් පාප් තුමන් ද දුප්පතුන් වෙනුවෙන් කැපැවී කටයුතු කළ අයෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ නියම ක්‍රිස්තු ආදරය ප්‍රදර්ශනය කිරීමක් සෑම කිතුනුවෙකුම මෙතුමා අනුගමනය කරනවානම් ඔබට නියම කිතුනුවෙකු වී ලොවටම සාමය සහ ආදරයේ නිදසුනක් තැබිය හැකි වේවි (දී)
ලෝකෙටම ආදර්ශයක් දෙවියන් වන්සේට ප්‍රසංශා වේවා (දී)
ඔබවහන්සේට දෙවි පිහිටි!! (දී)
මෙවන් උතුම් නායකයෙක් තමඊ ශ්‍රී ලංකාවට සම්ප්‍රත්ත වෙන්න යන්නේ, අපි ආගම් බේදයකින් තොරව එතුමන්ව පිළිගත යුතුයි. (අ)
මම බුද්ධාගමේ ,,,,පාප් තුමනි, ඔබ වහන්සේ වැනි ආගමික නායකයෝ, තව තවත් ලෝකයට බිහිඋනොත් ලෝකවාසී අපි සැවොම වාසනාවන්ත වෙනවා.ඔබ වහන්සේට දීර්ඝායුෂ. (ස)
ඇසට කදුළු ආවා පියතුමනි (නි)
දෙවියන්ගේ බැල්මෙන් නිසැකයෙන්ම මේ රෝගියා ඉක්මනින්ම හොඳ වෙනවා .පාප් වහන්සේ ජේසු තුමාගේ වෙනුවට කල අනර්ග ක්‍රියාවක් ...(නදී)
අපිටත් ඉන්නවා හොඳ නායකයෙක්.(නදී)
ඔබවහන්සේට නය ගැති වෙමු ....සියලු රෝගීන්ට ඉක්මන් සුවය පතමු ..(දී)
ඔබවහන්සේට දෙවි පිහිටයි! (නි)
මනුසත් බව විශිෂ්ඨ මෙම ක්‍රියාව මට බුදු දහම නැවත මෙනෙහි කරවනවා (අ)
මෙතුමා ඇත්ත කිතුනු වගකීම ගැන ආදර්ශයක් දෙනවා. ක්‍රිස්තියානි ආගම සහ ඉහළ තනතුරු අපිට තිබෙන "ආභරණ" නෙමෙයි, අන් අයට සේවය කරන්න අපිට ලැබෙන දේවල් කියො මේ පාප් තුමා කරලාම පෙන්නනවා. ඔබට ජේසු පිහිටයි. (නි)
පාප් තුමනි, ඔබට මගේ ගෞරව ආදරය පුදමි. එලෙසම එතුමාගේ ක්‍රියාව පසසමින් මෙහි අදහස් පල කල සැම ආගම්වල හිතවතුන් එම ක්‍රියාව අගය කිරීම වඩාත් අගයමි.(නදී)
හොද ආදර්ශයක් (නි)
අපි එදා කැරොල් වොයිතිල්ල පාප් වහන්සේට ආදරේ කලා වගේ ඔබ වහන්සේටත් ආදරෙයි.ඔබ වහන්සේගේ දයාව කරුණාව මුලු ලෝකය පුරාම පැතිරේවා... ආමේ%
ශ්‍රේෂ්ට ක්‍රියාවක්. දෙවි පිහිටයි ඔබ තුමාට. සුබ දසුන්. (ස)
මට කියන්න වචන නැහැ. ඔබ වැනි නායකයොත් මෙලොව ඉන්න එකම අපේ ලබපු වාසනාවක් පාප තුමෙනි.මේ මොහොතෙත් මගේ ඇස දෙකේ කදුළු ගලනවා.මෙවන් ආගමික නායකයෙක් ලැබිමත් අපේ ලොකු භාග්‍යක්.... (ස).
මේ කුෂ්ඨ රෝගියා මා වුනා නම් මා කෙතරම් වාසනාවන්තද? (නදී)
මෑත කාලයේ බිහිවුන උත්තරීතර, ආගම් නායකයෙක් ඔබ තුමා.ඔබේ කරුණාවන්තකම ලොවටම ආදර්ශයක් වේවා.මා බෞදයෙක් උනත් ඔබට හිස නමා ගෞරව කරමි. (ස)
දෙවියන් වහන්සේට ප්‍රශංසවේවා
අපේ හාමුදුරුවොන්ටත් ආදර්ශයක් ගත හැකි අවස්ථාවක් මෙය. බුදුරජාණන් වහන්සේත් පුතිගත්ත තිස්ස තෙරුන් වන්සේට උපස්ථාන කළා. ගිලනුන්ට උපස්ථාන කිරීම බුදුන්ට උපස්ථාන කළා වගේ කියල උන්වහන්සේ වදාරලා තියෙන්නේ. (ස)
අපේ රටේ අයත් මෙහෙම උනා නම්, අපි කොච්චර වාසනාවන්තද? (ස)
මගේ හදවතටත් ආදරයක් කරුණාවක් ඇති වුනා මේ පිංතූරය දැකලා කියවද්දි. තෙරේසා මවුතුමිය අපේ හදවත් වල සදාකාලිකයි. ඒ පිරි ඉතිරි පිටාරා ගැලු මිනිස්කමත්, ආදරයත් කරුණාවත් නිසා, ෆ්රැන්සිස් පාප් තුමනි, ඔබ තුලිනුත් මා එය දකිනවා, ආඩම්බරයි අපිට. (ස)
ඔබ වහන්සේට ශුද්ධ ආත්මය ලැබේවා...!! ඔබගේ ප්‍රේමයෙන් රෝගින් සුව වේවා..!!! ඔබ වහන්සේට ජේසු පිහිටයි...!!! (ස)
හරිම ආදරය හිතෙන පින්තූරයක්.මගේ ඇස්දෙකට කඳුළු අවා. ඔබ වහන්සේ ජීවමාන දෙවි කෙනෙක්. (නි)
මෙන්න නායකයෝ තමන් අනුන්ට කියලා විතරක් නෙමේ, තමන් කරලා අනෙක් අයට ආදර්ශය දෙන්නේ. අපේ රට කවදා මේ වගේ වෙයිද ???? (ස)
ආශිර්වාද වේවා මා හිමියනි, ලොවටම සුවය ගෙනදුන් මැනවි (නි)
මම බෞද්ධයෙක්, ඔබ වහන්සේගේ මේ ක්‍රියාව දුටුවම මට හිතුනා මේ ලෝකයේ තියෙන්නේ එකම ආගමක් නේද කියලා. ඔබවහන්සේට දීර්ඝායුෂ ! (නි)
එතුමා අපේ කාලයේ ජේසු චරිතයයි. තෙරේසා මවුතුමිය වගේ රත්තරන් හදවතක් තියෙන්නේ (නි)
මෙතුමා ලොවටම ආදර්ශයක් (නි)
මෙතුමා ඇත්තටම ජේසුතුමන්ගේ මාර්ගය අනුගමනය කරන පාටයි. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා! (නි)
හරි ආඩම්බරයක් දැනෙනවා මෙවැනි උතුම් ගතිගුණ දැකීමෙන් (නි)
මෙන්න නියම ආගමික නායකයෝ (නි)
වඩාත් සතුටක් ලැබුනා අදහස් කියෙවුවම. ඔක්කොම එකම වගේ අදහස් (නි)
"දෙවියන් වහන්සේට" ප්‍රශංසා වේවා! මේ ලොවේ පවතින හැම ආගමකින්ම සිදුවන්නේ, ලෝකයේ පැවැත්ම සදහා තම ආගමික නීති රාමුවක් තුළ සැමත් සමග දුක-සැප,ආදරය-කරුණාව,දයාව-ප්‍රේමය බෙදාගනිමින් ජිවත්වීමට කියාදීමයි. පාප්තුමනි, එය ඉතා ඉහළින් ඔබගෙන් සිදුවන බව ඔබගේ ජිවතය තුළ අපි දකිමු. ඔබතුමාගේ මේ උතුම් ක්‍රියාව ලෝක ආගම් නිකායවල ආගමික නායකයන්ට ඉතා උතුම් ආදර්ශයක්. ඔබට "දෙවියන් වහන්සේගේ" කරුණා දයාව වැඩි වැඩියෙන් ලැබේවා! මේ පාපයෙන් පිරි ගමන් කරන්නාවූ ලෝක සමාජයේ දිශාව වෙනස් කරන්නට වරම් ලැබේවා! ඔබට "ජේසු පිහිටයි." (නි)
සැබැවින්ම ජේසු අනුගාමිකයා සහ කතෝලික සභා නායකයා වන ඔබ වහන්සේට ජේසු පිහිටයි. (ස)
මමත් බොදු ආගමිකයෙක්.ඔබ වැන්නවුන් මගේ රටේ සිටී නම්.... (නි)
දෙවියන් වහන්සේට සියල්ල කලහැකිය.(නදී)
ආරයක මහිමේ........ (ස)
ඔබ තුමා නියම ආගමික නායකයෙක් (දී)
ලෝකෙටම ආදර්ශයක්. දෙවියන් වන්සේට ප්‍රසංශා වේවා !! (ස)
මුළු ලොවටම සාමය පතුරුවාලිය මැනවි (නි)
ජේසුනි මම වෙනස් උනා. (අලේ ලුයා) (ස)
ඔබ තුමාගේ මෙම ක්‍රියාව නිසා,කතෝලිකයකු වීම අපටත් මහත් ආඩම්බරයක් .... ජේසු පිහිටයි !!!!(අ)
ජේසු ජීවමානයි! ඔබ සැමට සාමය වේවා! (නි)