ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය රෝමයේ ශාන්ත මරියා මැජියෝරේ බැසිලිකාවේදී අද (26) මිහිදන් කෙරුණි.
සිය වසරක සම්ප්‍රදාය වෙනස් කරමින් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ කළ අවසන් ඉල්ලීමට අනුව උන් වහන්සේගේ දේහය රෝමයේ ශාන්ත මරියා මැජියෝරේ බැසිලිකාව මිහිදන් කිරීම සිදුවිය.
රෝමයේ ප්‍රධාන දුම්රියපොළ අසළ, කම්කරු පන්තියේ ජනතාව වෙසෙන කලාපයක පිහිටි ශාන්ත මරියා මැජියෝරේ බැසිලිකාව සිය අවසන් ගිමන් ස්ථානය ලෙස තෝරාගැනීමෙන් ද පිළිබිඹු වන්නේ සමාජයේ සැලකිල්ලට භාජනය නොවූ මිනිසුන් කෙරෙහි ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ තුළ වූ අනුකම්පාව බව වතිකානය පවසා ඇත.
බිලියන 1.4ක ප්‍රජාවක නියෝජනය කරන කතෝලික පල්ලියේ ප්‍රධානියා වන ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ වතිකානයේ කාසා සැන්ටා මාර්තාහි පිහිටි උන්වහන්සේගේ නිවහනේදී ස්වර්ගස්ථ වූයේ පසුගිය සඳුදා දිනයේය. උන්වහන්සේ 88 වැනි වියෙහි පසුවුණි.
පසුව උන්වහන්සේගේ දේහය මහජන බුහුමන් සඳහා ශාන්ත පීතර බැසිලිකාවේ තැන්පත් කෙරුණේ පසුගිය බදාදා සිටය. එතැන් පටන් දෙදිනක් දේහය පුරා දේහයට ගෞරව දැක්වීමට ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් පිරිසක් ඒ වෙත පැමිණියහ. කිලෝ මීටර් ගණන් දිගු පෝලිම් පැවැතිණි.
දේහයට ගෞරව දැක්වීමට ඊයේ (25) පස්වරු හයෙන් අවසන් වූ අතර, ඉන් අනතුරුව චාරිත්‍රානුකූලව උන් වහන්සේගේ දේහය මුද්‍රා තැබීමට සිදුවිය.
දේහය සම්බන්ධ අවමංගල කටයුතු අද (26) පෙරවරුවේ ආරම්භ වූයේ ශුද්ධෝත්තමයන් වහන්සේගේ දේහය ශාන්ත පීතර චතුරස්‍රයේ විවෘත භූමිය වෙත රැගෙන ඒමෙන් අනතුරුවය.
මෙතෙක් සිටි පාප්වරුන් වෙනුවෙන් පැවති වඩා චාම් මෙන්ම සරලවූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල දිව්‍ය පූජා යාගය සියැසින් දැකගැනීමට ලක්ෂ දෙකකට ආසන්න පිරිසක් ශාන්ත පීතර චතුරස්‍රය වෙත රැස්ව සිටියේය.
පැය දෙකකට ආසන්න කාලයක් පැවැති අවමංගල දේව මෙහෙය සිදුකෙරුණේ කාර්දිනල්වරුන්ගේ සංසදයේ ප්‍රධානී 91 හැවිරිදි ජියෝවානි බැටිස්ටා රේ කාදිනල් හිමියන්ගේ ප්‍රධානත්වයෙනි.
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඉතාලි අගමැති ජෝර්ජියා මෙලොනි, යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි, ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් ඇතුළු රාජ්‍ය නායකයින් අවමංගල්‍යයට පැමිණ සිටියහ. ඊට අමතරව බ්‍රිතාන්‍යයේ කිරුළ හිමි විලියම් කුමරු මෙන්ම ඇමෙරිකානු හිටපු ජනාධිපති ජෝ බයිඩන් ඇතුළු සම්භාවනීයයන් රැසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
(බීබීසී)
ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්තයේ හෝටලයක හටගත් ගින්නකින් 14 ක් ජීවිතක්ෂයට පත්වූහ. සිවු දෙනෙක් බරතළ ලෙස තුවාල ලැබූහ.
ඊසානදිග චීනයේ ලියාඕයැං නගරයේ අවන්හලක ගින්නක් හටගත්තේය. එම ගින්නට හසුවීමෙන්, විසි දෙදෙනකු මියගොස් තවත් තිදෙනක් තුවාල ලැබූහ.
ඉන්දු කාශ්මීරයේ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු, ඉන්දියාව සමඟ යුදමය තත්ත්වයක් නිර්මාණය වී, ඉන්දියාව එල්ල කරන ප්‍රහාරයකට
තායි රජු සහ රැජින පසුගිය අප්‍රේල් 25 වැනිදා ඔවුන්ගේ බෝයිං වර්ගයේ නිල ගුවන් යානය පියාසර කරමින්, භූතානයේ නිල සංචාරයක් සඳහා පැමිණියහ.
කැනඩා මහ මැතිවරණයෙන් දිගටම බලයේ රෑදී සිටීමට අවස්ථාවක් උදා වූ ලිබරල් පක්ෂය ප්‍රමුඛ එහි නායක මාර්ක් කාර්නි, ලිබරල් පක්ෂයට සහාය දක්වන සෙසු පක්ෂ හවුල් කර
ස්වීඩනයේ, උප්සාලා නගරයේ වෙඩි තැබීමක් සිදුවිය. පොලිසිය වාර්තා කර ඇත්තේ, එම වෙඩි තැබීමෙන් තිදෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවය.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
පාප් වහන්සේගේ දේහය මිහිදන් කෙරේ