පොප් ගායක මයිකල් ජැක්සන්ගේ මරණයට වගකිවයුතු යැයි කියන ඔහුගේ වෛද්‍යවරයා පෙරේදා (4) ලොස් ඇන්ජලීස් උසාවියක් ඉදිරියේ පෙනී සිටි අතර ඔහුගේ පෙම්වතියගෙන් හා ඖෂධ ශාලා හිමිකරුගෙන් ප‍්‍රශ්න කිරීම් එදින ආරම්භ විය. රජයේ නීතිඥන්ගේ හරස් ප‍්‍රශ්නවලට පිළිතුරු දුන් වෛද්‍ය කොන්රඞ් මරේගේ පෙම්වතිය, නිකොලායි අල්වාරෙස් කියා සිටියේ වෛද්‍ය කොන්රඩ් හට ඖෂධ තොග විශාල ප‍්‍රමාණයක් ජැක්සන්ගේ ඖෂධ ශාලා හිමිකරුගෙන් ලැබුණු බව දන්නා නමුත් ඒවා නිර්වින්දන ප්‍රොපෝෆෝල් ඖෂධ දැයි නොදැන සිටි බවයි. තමා වෛද්‍ය මරේ සමග විවාහ වී නොසිටි බවත්, පුතෙකු බිහිවීමෙන් පසු තිදෙනා ඇන්ටා මොනිකා නගරයේ නිවසක පදිංචි වී සිටියදී, තම සැමියා, මයිකල් ජැක්සන්ට ප‍්‍රතිකාර කිරීම සඳහා වරින් වර, ජැක්සන්ගේ නිවසට ගිය බව දැන සිටි බවත් පැවසුවාය. වෛද්‍ය මරේ හට ඖෂධ ශාලා හිමිකරු ටිම් ලෝපස්ගෙන් ජැක්සන් මිය යාමට පෙර දින නිර්වින්දන ප්‍රොපොෆෝල් කැස්පි 255 ක් ලැබී තිබුණු බවද සාක්‍ෂිවලින් හෙළිවිය. තමා එම ඖෂධ ජැක්සන්හට ප‍්‍රතිකාර ලෙස ලබා දුන්නද ඔහුගේ මරණයට තමා වරදකරු නොවේ යැයි වෛද්‍ය මරේ කියා සිටියේය.
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
පොප් ගායක ජැක්සන්ගේ වෛද්‍ය මරේ යළිත් උසාවිය හමුවේ