පෞද්ගලික සත්වෝද්‍යානයක් හිමි පුද්ගලයකු උමතුවෙන් මෙන් සතුන් ගාල්කර තිබූ කූඩුවල දොරවල් හැර දැමීම නිසා මහා මාර්ගයට පැමිණි සතුන් නිදහසේ ඒ මේ අත දුවන්නට පටන් ගැනීමේ සිද්ධියක් ඔහියෝ ප‍්‍රාන්තයෙන් වාර්තා වෙයි. එම පුද්ගලයා ඒ අවස්ථාවේදීම සිය දිවි නසාගෙන ඇති බවද පොලිසිය කියයි. අඳුර වැටීගෙන එන අවස්ථාවේදී ඉබාගාතේ ගිය සිංහයන්, කොටින් හා වළසුන් මෙල්ල කිරීමට වෙඩි තැබීම හැර අන් පියවරක් ගැනීමට නොහැකි වූ බව එම ප‍්‍රාන්ත භාර නිලධාරියකුවන මුෂ්කිම්ගුඞ් ෂෙරීෆ් පැවැසීය. නිවෙස්වලින් බැහැරට නොයන ලෙසත් ගේට්ටු දොරවල් වසා තබන ලෙසත් ශබ්ද විකාශන යන්ත‍්‍ර මගින් ජනතාවට දැනුම් දීමටද කටයුතු යොදන ලදී. සතුන් 44 දෙනෙකු පමණ මරා දැමීමට සිදුවූ අතර තවත් සතුන් හය දෙනෙකු තවමත් නිදැල්ලේ සිටින බවද එම සතුල් අල්ලා ගැනීමට උත්සාහ කරමින් සිටින බවද හෙළිවේ. ටෙරී තොම්සන් යන සත්තු වත්ත හිමි පුද්ගලයා ගැන මීට පෙර පැමිණිලි ගණනාවක්ම ලැබී තිබුණු බවද පොලිසිය පවසයි. එම සත්තු වත්තේ සතුන් නිතර නිතර උන්ගේ කූඩුවලින් එළියට පැනගත් අවස්ථා මීට පෙරද තිබූ බව එම ආරංචි මාර්ග කියා සිටී. තවද එම සතුනට ප‍්‍රමාණවත් ආහාර දීමට සත්තුවත්ත අයිතිකරු කටයුතු නොකළ බවට තවත් පැමිණිල්ලක් ලැබී තිබුණි.
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
පෞද්ගලික සත්තු වත්තක කූඩු හැරදා අයිතිකරු සියදිවි නසාගනී