පදික වේදිකාවේ සිය ජීප් රථය ධාවනය කළේයැයි චෝදනා ලැබූ කාන්තාවකට ඇමරිකාවේ ක්ලීව්ලන්ඞ් නගරසභා අධිකරණය අපූරු දඩුවමක් නියම කළේය ඒ,‘‘පදික වේදිකාවේ රථ ධාවනය කරන්නන් මෝඩයෝය’’යන ලියැවුණු පුවරුවක් ප‍්‍රසිද්ධියේ දිනකට පැය 2 ක් බැගින් දින 2 ක් ප්‍රදර්ශනයට එල්ලාගෙන සිටීමටය.ඇයගේ රියදුරු බලපත‍්‍රයද දින 30 කට බලපැවැත්වෙන පරිදි අවලංගු කෙරුණූ අතර ඩොලර් 250 ක දඩයක්ද නියම විය. මෙම කාන්තාව මග නවතා තිබූ පාසැල් සිසුන් ප‍්‍රවාහනය කළ බස් රථයකට ඉඩ නොදී පදික වේදිකාව මත සිය ජීප් රිය ධාවනය කරගෙන යන අයුරු පාසැල් බසයේ රියැදුරා සිය ජංගම දුරකථනයේ කැමරාවෙන් පටිගත කර බලධාරීන්ට පෙන්වා තිබේ.පාසැල් බස් රථයේ රියැදුරා හා ඇයගේ අසල්වාසීන් සදහන් කරන ආකාරයට ඇය මෙසේ පදික වේදිකාවේ සිය රථය ධාවනය කරන්නේ කලක සිටය.එය සැළැකිල්ලට ගත් පොලිසිය මග සිට ඇය රථය එසේ රථය ධාවනය කරන අතරතුරේදීම අත්අඩංගුවට ගෙන අනතුරුව නඩු පැවැරීමට කටයුතු කර ඇත. (කො.වි.)
1
රාජ්ය සේවය කළශඹන ඉහළ පුටු සෙලවීම
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාසල් බස්රථ රියදුරාගේ වැඩ තහනම් කරන්න ඕනෙ - එයා අර ළමයි ගෙනියන බස් එක එලවන ගමන් ජංගම දුරකථනයෙන් ගෑණියෙක් රිය පදවන එක වීඩියෝ කරලා - ලංකාවෙ නම් පාසල් බස් රථයෙ හිටපු ළමයි ටික හදිසි අනතුරු ඒකකයෙ තමයි නතර වෙන්නෙ......හම් (ස)
මේවා නොවෙයි නිතිය ක්‍රියාත්මක කරන්න (දී)
අපේ රටේ ????.(ස)
ඔය වගේ දඩුවම් හරියන්නේ ලැජ්ජාවක් තියෙන මිනිස්සුන්ට. අපේ රටේ රියදුරන්ට ලැජ්ජාවක් තියෙනවද ??.(ස)
ඇමරිකාවෙ එහෙම වුනත් .... ලංකාවේ එහෙම වෙන්නෙ නෑ .....(ස)
මෙයා අඩුම ගානෙ ලංකාවෙ පළාත් සභාමන්ත්‍රී කෙනෙක් ලඟවත් වැඩ කරපු කෙනෙක් වෙන්න ඇති..(ස)
අයියෝ සල්ලි
ඇමරිකාවේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ .(ස)
ලංකාවේ දේශපාලන බලය තියෙනවා නම් ඕනෑම තැනක, ඕනෑම විදියකින් වාහන පදවන්න පුලුවන්. (නි)
අපේ රටේ අය බය නැහැ
බොහෝ දෙනෙක් ඕනෑම දේකට තමන්ගේ රටටයි රටේ මිනිස්සුන්ටයි බණිනවා. හැබැයි ඉතින් තමනුත් ඒ රටේම ඉඳන් හොඳ හැටි වැරදි වැඩත් කරනවා. හැමදේටම රටට බැණ බැණ ඉඳලා හරියන්නේ නැහැ. තම තමන් වැරදි නොකර හැදෙන්න උත්සහ කරන්න ඕනෑ. (නි)
ජයවේවා නියමයි
අපේ රටේ කොහෙද පදික වේදිකා තියෙන්නේ රිය පදවන්න පුලුවන්? දැන් ඒවාලත් මිනිස්සු කඩවල් දාගෙනනේ ඉන්නේ. (නි)
මේ ප්‍රවෘත්තිය නිසා තීරෝද රථ රියදුරෝ බිය වේවි (ස)
ඔය නීති අපේ රටේ තිබුණට ක්‍රියාත්මක වෙන්නේ නෑ ,නීතිය ක්‍රියාත්මක කරොත් ගොඩක් අනතුරු වලක්වාගතහැකි වේවි (ස)
ඒ ඇමරිකාවෙනේ (ස)
කියන්න දුකයි , අපේ රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ පොඩි අයට විතරයි. ලොක්කෝ නීතියෙන් නිදහස් (ස)
ඕක ලංකාවේ කරන්න ගියොත් අපේ ලොක්කෝ පාරවල්වලම ඉදීවි (ස)
ලංකාවේ එහෙම වෙන්නෙ නෑ .(ස)
ඇමරිකාවේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ (ස)
අන්න හොදයි
ලංකාදීප පුවත් ඇත්තටම හොඳයි...නියමයි (ස)
අපි මේ පුවතින් ගතයුතු ආදර්ශය අමතක කරලා ඇමෙරිකාවට බනිමු (ඉරාකයේ, ඇෆ්ගනිස්තනයේ මානව හිමිකම් කඩනවා කියල) (ස)
පදිකන් කොහොමද යන්නේ
ලංකාවේ මෝඩයෝ නැති නිසා මේක ලංකාවට බලපාන්නේ නෑ (ස)
පාර්ලිමේන්තු පාර සහ කෝට්‍ටේ පාර අතර පදික වේදිකාව උඩින් යතුරුපැදිකරුවන් යන්නේ ඉගිල්ලිලා. (නි)
ලංකාවෙ නම්...? (නි)