IMG-LOGO

2025 ජුලි මස 05 වන සෙනසුරාදා


පදික මඟේ රිය පැදවු කතට අපූරු දඬුවමක්

පදික වේදිකාවේ සිය ජීප් රථය ධාවනය කළේයැයි  චෝදනා ලැබූ කාන්තාවකට ඇමරිකාවේ ක්ලීව්ලන්ඞ් නගරසභා අධිකරණය අපූරු දඩුවමක් නියම කළේය ඒ,‘‘පදික වේදිකාවේ රථ ධාවනය කරන්නන් මෝඩයෝය’’යන ලියැවුණු පුවරුවක් ප‍්‍රසිද්ධියේ දිනකට පැය 2 ක් බැගින් දින 2 ක් ප්‍රදර්ශනයට  එල්ලාගෙන සිටීමටය.ඇයගේ රියදුරු බලපත‍්‍රයද දින 30 කට බලපැවැත්වෙන පරිදි අවලංගු කෙරුණූ අතර ඩොලර් 250 ක දඩයක්ද නියම විය. මෙම කාන්තාව මග නවතා තිබූ පාසැල් සිසුන් ප‍්‍රවාහනය කළ බස් රථයකට ඉඩ නොදී පදික වේදිකාව මත සිය ජීප් රිය ධාවනය කරගෙන යන අයුරු පාසැල් බසයේ රියැදුරා සිය ජංගම දුරකථනයේ කැමරාවෙන් පටිගත කර  බලධාරීන්ට පෙන්වා තිබේ.පාසැල් බස් රථයේ රියැදුරා හා ඇයගේ අසල්වාසීන් සදහන් කරන ආකාරයට ඇය මෙසේ පදික වේදිකාවේ සිය රථය ධාවනය කරන්නේ කලක සිටය.එය සැළැකිල්ලට ගත් පොලිසිය මග සිට ඇය රථය එසේ රථය ධාවනය කරන අතරතුරේදීම අත්අඩංගුවට ගෙන අනතුරුව නඩු පැවැරීමට කටයුතු කර ඇත. (කො.වි.)



අදහස් (0)

පදික මඟේ රිය පැදවු කතට අපූරු දඬුවමක්

චතූ Wednesday, 07 November 2012 02:21 PM

පාසල් බස්රථ රියදුරාගේ වැඩ තහනම් කරන්න ඕනෙ - එයා අර ළමයි ගෙනියන බස් එක එලවන ගමන් ජංගම දුරකථනයෙන් ගෑණියෙක් රිය පදවන එක වීඩියෝ කරලා - ලංකාවෙ නම් පාසල් බස් රථයෙ හිටපු ළමයි ටික හදිසි අනතුරු ඒකකයෙ තමයි නතර වෙන්නෙ......හම් (ස)

:       0       0

පෙරේරා Friday, 09 November 2012 09:45 AM

මේවා නොවෙයි නිතිය ක්‍රියාත්මක කරන්න (දී)

:       0       0

සඳූන් Wednesday, 07 November 2012 03:04 PM

අපේ රටේ ????.(ස)

:       0       0

එරංග Wednesday, 07 November 2012 03:00 PM

ඔය වගේ දඩුවම් හරියන්නේ ලැජ්ජාවක් තියෙන මිනිස්සුන්ට. අපේ රටේ රියදුරන්ට ලැ‍ජ්ජාවක් තියෙනවද ??.(ස)

:       0       0

නෆ්හාන් Wednesday, 07 November 2012 03:28 PM

ඇමරිකාවෙ එහෙම වුනත් .... ලංකාවේ එහෙම වෙන්නෙ නෑ .....(ස)

:       0       0

අසෝක Wednesday, 07 November 2012 03:23 PM

මෙයා අඩුම ගානෙ ලංකාවෙ පළාත් සභාමන්ත්‍රී කෙනෙක් ලඟවත් වැඩ කරපු කෙනෙක් වෙන්න ඇති..(ස)

:       0       0

සමන් Friday, 09 November 2012 10:53 AM

අයියෝ සල්ලි

:       0       0

ශාන්ති Wednesday, 07 November 2012 03:46 PM

ඇමරිකාවේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ .(ස)

:       0       0

සිල්වා1 Wednesday, 07 November 2012 04:41 PM

ලංකාවේ දේශපාලන බලය තියෙනවා නම් ඕනෑම තැනක, ඕනෑම විදියකින් වාහන පදවන්න පුලුවන්. (නි)

:       0       0

බණ්ඩාර Thursday, 08 November 2012 06:05 PM

අපේ රටේ අය බය නැහැ

:       0       0

තිලංක Wednesday, 07 November 2012 04:53 PM

බොහෝ දෙනෙක් ඕනෑම දේකට තමන්ගේ රටටයි රටේ මිනිස්සුන්ටයි බණිනවා. හැබැයි ඉතින් තමනුත් ඒ රටේම ඉඳන් හොඳ හැටි වැරදි වැඩත් කරනවා. හැමදේටම රටට බැණ බැණ ඉඳලා හරියන්නේ නැහැ. තම තමන් වැරදි නොකර හැදෙන්න උත්සහ කරන්න ඕනෑ. (නි)

:       0       0

ජනක Wednesday, 07 November 2012 04:54 PM

ජයවේවා නියමයි

:       0       0

රත්නායක Wednesday, 07 November 2012 05:23 PM

අපේ රටේ කොහෙද පදික වේදිකා තියෙන්නේ රිය පදවන්න පුලුවන්? දැන් ඒවාලත් මිනිස්සු කඩවල් දාගෙනනේ ඉන්නේ. (නි)

:       0       0

පාලිත Wednesday, 07 November 2012 11:56 AM

මේ ප්‍රවෘත්තිය නිසා තීරෝද රථ රියදුරෝ බිය වේවි (ස)

:       0       0

යොහාන් Wednesday, 07 November 2012 12:14 PM

ඔය නීති අපේ රටේ තිබුණට ක්‍රියාත්මක වෙන්නේ නෑ ,නීතිය ක්‍රියාත්මක ‍කරොත් ගොඩක් අනතුරු වලක්වාගතහැකි වේවි (ස)

:       0       0

වරුණ Wednesday, 07 November 2012 12:20 PM

ඒ ඇමරිකාවෙනේ (ස)

:       0       0

ඉන්දික Wednesday, 07 November 2012 12:24 PM

කියන්න දුකයි , අපේ රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ පොඩි අයට විතරයි. ලොක්කෝ නීතියෙන් නිදහස් (ස)

:       0       0

නුවන් Wednesday, 07 November 2012 12:27 PM

ඕක ලංකාවේ කරන්න ගියොත් අපේ ලොක්කෝ පා‍රවල්වලම ඉදීවි (ස)

:       0       0

කපිල Wednesday, 07 November 2012 12:34 PM

ලංකාවේ එහෙම වෙන්නෙ නෑ .(ස)

:       0       0

සිල්වා Wednesday, 07 November 2012 12:54 PM

ඇමරිකාවේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ (ස)

:       0       0

ගමගේ Saturday, 10 November 2012 06:28 PM

අන්න හොදයි

:       0       0

අසෝක Wednesday, 07 November 2012 01:50 PM

ලංකාදීප පුවත් ඇත්තටම හොඳයි...නියමයි (ස)

:       0       0

ස්ටැල්ක් Wednesday, 07 November 2012 01:53 PM

අපි මේ පුවතින් ගතයුතු ආදර්ශය අමතක කරලා ඇමෙරිකාවට බනිමු (ඉරාකයේ, ඇෆ්ගනිස්තනයේ මානව හිමිකම් කඩනවා කියල) (ස)

:       0       0

ජයන්ත Wednesday, 07 November 2012 01:47 PM

පදිකන් කොහොමද යන්නේ

:       0       0

සනත් Wednesday, 07 November 2012 01:49 PM

ලංකාවේ මෝඩයෝ නැති නිසා මේක ලංකාවට බලපාන්නේ නෑ (ස)

:       0       0

ජයන්ත Thursday, 08 November 2012 11:50 AM

පාර්ලිමේන්තු පාර සහ කෝට්‍ටේ පාර අතර පදික වේදිකාව උඩින් යතුරුපැදිකරුවන් යන්නේ ඉගිල්ලිලා. (නි)

:       0       0

චන්න Sunday, 11 November 2012 05:55 PM

ලංකාවෙ නම්...? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 26 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 394 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 842 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site