IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


පෘථිවිය අසලින් ගිය දැවැන්ත ග‍්‍රහකය 2036 දී ආයේ එනවා

මීටර් 325 ක විෂ්කම්භයකින් යුත්, අති දැවැන්ත ග‍්‍රහකයක් පෙරේදා (9) පෘථිවිය අසළින් ගමන් කළ බවත්, එම ග‍්‍රහකය යලිත් වරක් එනම් 2036 වසරේ අපේ‍්‍රල් 13 වැනිදා ආපසු පැමිණෙන විට එය පෘථිවිය සමඟ ගැටීමේ අවදානමක් පවතිනු ඇති බවත් ඇමෙරිකා සහ යුරෝපා විද්‍යාඥයෝ පෙන්වා දෙති.
එම ග‍්‍රහකය නම් කර ඇත්තේ ‘ඇපොපිස්’ යන නමිනි. ඇපොපිස් යනු ඊජිප්තු මිථ්‍යා කතාවලට අනුව නපුරට අධිපති දෙවියාය. ග‍්‍රහකය පෙරේදා ගමන් කළේ පෘථිවියේ සිට කිලෝ මීටර් මිලියන 14.5 ක් දුරිනි.
2004 වසරේ දී සොයා ගනු ලැබූ මෙම ග‍්‍රහකය ගැන යුරෝපීය අභ්‍යවකාශ ආයතනයත් ඇමෙරිකාවේ නාසා ආයතනයත් විමසිල්ලෙන් පසු වූ අතර, ග‍්‍රහකය නිරීක්ෂණය කිරීමේදී විද්‍යාඥයන්ට උපකාරී වූයේ අභ්‍යවකාශයේ ඈත රඳවා ඇති හේෂල් දුරේක්ෂයයි.
‘ඇපොපිස්’ ග‍්‍රහකය 2029 වසරේ දීත් 2036 වසරේදීත් යළි පෘථිවිය අසලින් ගමන් කිරීමට නියමිතය. 2029 වසරේ දී ‘ඇපොපිස්’ ග‍්‍රහකය පෘථිවියේ හැපෙනු ඇතැයි විද්‍යාඥයෝ මුලින් පැවැසූහ. 2029 දී ග‍්‍රහකය ගමන් කරනු ඇත්තේ පෘථිවියේ සිට කිලෝමීටර් 30,000 ක් ඈතිනි.
පසුව ගණනය කිරීම්වලදී හෙළි වී ඇත්තේ එම ගැටුම 2036 වසරේ අපේ‍්‍රල් මාසයේ සිදුවනු ඇති බවය.
2036 දී ග‍්‍රහකයා තවත් පෘථිවියට ලංවෙයි. ‘ඇපොපිස්’ ග‍්‍රහකය පෘථිවියේ ගැටුණහොත් නිසැකවම ලෝක විනාශය සිදුවනු ඇතැයි ද විද්‍යාඥයෝ වැඩි දුරටත් කියා සිටිති.
‘ඇපොපිස්’ ග‍්‍රහකයට අමතරව තවත් ග‍්‍රහකයක් ලබන පෙබරවාරි 15 වැනිදා පෘථිවිය අසලින් යාමට නියමිතය. විද්‍යාඥයන් එය හඳුන්වා ඇත්තේ ඞී.ඒ. 14 යන නමිනි. ග‍්‍රහකවලට අමතරව වල්ගාතරු දෙකක් ද මේ වසරේ පෘථිවිය අසළින් ගමන් කිරීමට නියමිතය.
අභ්‍යවකාශයේ ගමන් කරන විශාල පාෂාණ කැබැලි ග‍්‍රහක යනුවෙන් හැඳින්වෙයි. සාමාන්‍යයෙන් ඉතා කුඩා ප‍්‍රමාණයේ ග‍්‍රහක කැබැලි නිරන්තරයෙන් පෘථිවියට කඩා වැටෙන අතර එසේ කඩා වැටෙන එම කැබැලි උල්කා සහ උල්කාෂ්ම යනුවෙන් හැඳින්වේ. පෘථිවියට තර්ජනයක් එල්ල වන්නේ දැවැන්ත ග‍්‍රහකවලිනි.
වල්ගාතරු එසේත් නැතිනම් ධූමකේතු නිර්මාණය වන්නේ සෞරග‍්‍රහ මණ්ඩලයේ ඈතින් ඇති, වායු කොටස් සහ දුවිලි අංශු අධික ලෙස සිසිල් වීමෙනි. මේවා සූර්යයාට ආකර්ෂණය වී, නිරන්තරයෙන් එය වටා ගමන් කරයි.  වල්ගාතරු දීප්තිමත්ව බබළන්නේ සූර්යයාගෙන් නිකුත්වන ආලෝකය පරාවර්තනය කරන නිසාය. වල්ගාතරු ලක්ෂ ගණනක් හිරු වටේ ගමන් කරමින් ඇත. එහෙත් විටින් විට අපට පෙනෙන්නේ වල්ගාතරු 150 ක් තරම් සුළු ගණනකි වල්ගාතරුවක ‘වල්ගය’ ඇතිවන්නේ සූර්ය තාපය නිසා එහි වායු සහ දුවිලි පිටතට විසිරී යෑමේදීය.



අදහස් (0)

පෘථිවිය අසලින් ගිය දැවැන්ත ග‍්‍රහකය 2036 දී ආයේ එනවා

සෙනෙවි Friday, 11 January 2013 12:13 PM

අයියෝ සල්ලී ... 2036 (ස)

:       0       0

මිලි Friday, 11 January 2013 05:02 PM

2036 වෙනකල් සැපසේ ඉන්න පුළුවන් (දී)

:       0       0

අනූ Saturday, 12 January 2013 07:52 AM

අපිට ප්‍රශ්නයක් නැහැ. ඒක වදින්නේ හදේලු. (නි)

:       0       0

ෂානි Friday, 15 February 2013 05:45 PM

ව්ශ්කම්භය මීටර 325 ක ග්‍රාහකයකට පෘතිවියම සම්පූර්ණයෙන් විනාශ කරන්න පුලුවන් කියලා මම නමි හිතන්නේ නැහැ.(නදී) .

:       0       0

තිලක් Saturday, 12 January 2013 10:36 PM

මම නම් පිළිගන්නේ මායාවරු කිවුවොත් විතරයි. (නි)

:       0       0

නලින් ප්‍රසන්න Saturday, 12 January 2013 11:28 PM

ළගින් යන්නේ සැපදුක් බලන්න වෙන්න ඇති. (නි)

:       0       0

ජනක Sunday, 13 January 2013 05:53 AM

අයියෝ සල්ලි.... කියනකොටත් බයයි (දී)

:       0       0

බණ්ඩා Monday, 14 January 2013 09:03 AM

මම නම් මැරෙන්න බය නැහැ. (නි)

:       0       0

අජිත් කරුණාරත්න Sunday, 13 January 2013 08:49 AM

මේ අවුරුදු 23ත් ටක් ටක් ගාලා යයි. (නි)

:       0       0

කසුන් Saturday, 12 January 2013 10:14 AM

පරිස්සමෙන් ඉන්න ඕනේ (දී)

:       0       0

ලාල් Sunday, 13 January 2013 05:49 PM

ඒ කාලේදී අපි ඉදිද දන්නෙත් නැහැ (දී)

:       0       0

අජිත් කරුණාරත්න Sunday, 13 January 2013 08:58 AM

2036 සිංහල අවුරුද්දට කිරිබත් කන්න වේවිද? (නි)

:       0       0

තිලින Saturday, 12 January 2013 02:18 PM

මේ වගේම කාලයක් 2036 නැවත එයි (දී)

:       0       0

සඳුන් Friday, 11 January 2013 03:13 PM

හොඳයි අනේ (ස)

:       0       0

නිත්‍යා Saturday, 12 January 2013 11:04 AM

අයෙත් කට්ටිය 2036 වෙනකම් බලන් ඉඳිවි, හැංගෙන්න තැන් හොයාවි (ස)

:       0       0

චමී Saturday, 12 January 2013 02:28 PM

2038 වෙනකන් හොඳින් ජීවත්වෙමු එහෙනම් (ස)

:       0       0

චන්ද්‍රා Friday, 11 January 2013 10:15 AM

2036 බඩුම තමයි (ස)

:       0       0

ඩිල්ශාන් Sunday, 13 January 2013 07:50 PM

2012 වගේ වෙයිද දන්නෙ නැහැ? (නි)

:       0       0

නාලක Friday, 11 January 2013 10:27 AM

2036 වෙනකල් පරිස්සමෙන් ඉන්න පුළුවන් (දී)

:       0       0

පෙරේරා Friday, 11 January 2013 10:45 AM

මටනම් බයයි දැන් (දී)

:       0       0

ඉන්දික Sunday, 13 January 2013 12:55 PM

අපි ඒ කාලේදී බලමු මොකද වෙන්නේ කියලා (දී)

:       0       0

සුරේෂ් Sunday, 13 January 2013 09:25 PM

ලෝකේ කොයි පැත්තෙන්ද දන්නේ නැහැ යන්නේ (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 664 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17744 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 744 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site