IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


පෘතුගාලයට - ඔස්ට්‍රියාවට දැඩි සීමා පැනවේ


කොරෝනා වයිරසය පැතිරීම පාලනය කිරීම සඳහා ඔස්ට්‍රියාව හා පෘතුගාලය නව සීමා පනවා තිබේ.

ඒ අනුව ඔස්ට්‍රියාව රාත‍්‍රී 8.00 සිට උදෑසන 6.00 දක්වා ඇඳිරි නීතිය පනවා ඇති අතර ආහාර පිටතට රැගෙන යාම සඳහා පමණක් අවන්හල් විවෘත කර තැබේ. වයිරසය හේතුවෙන් එරට පනවා ඇති නව සීමා ලබන අගහරුවාදා සිට මේ මාසය අවසානය දක්වා ක‍්‍රියාත්මක වේ.

එරට ප‍්‍රාථමික පාසල් පවත්වාගෙන යාමට අවසර දී ඇති නමුත් උසස් පාසල් සහ විශ්වවිද්‍යාල අධ්‍යාපන කටයුතු අන්තර්ජාලය ඔස්සේ පමණක් සිදුකළ යුතුය.

ඔස්ට්‍රියාවෙන් ඊයේ හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 5349 කි.

පෘතුගාලයේ පනවා ඇති සීමා එරට සියයට 70 ක ප්‍රදේශ ආවරණය කරයි.රැකියාවලට, පාසල්වලට සහ අත්‍යවශ්‍ය හේතුවකදී මිස නිවෙස්වලින් පිටතට යාමට ඒ අනුව ජනතාවට අවසර හිමි නොවේ.

කෙසේ වෙතත් හැකියාව පවතී නම් නිවෙස්වල සිට රාජකාරී කටයුතුවල නියැලෙන මෙන් එරට ජනතාවට උපදෙස් දී ඇත. වෙළෙඳසැල් රාත‍්‍රී 10 ට වසා දැමීම අනිවාර්ය කර තිබේ. සති දෙකකට පසු මෙම සීමා නැවත සලකා බැලීමට නියමිතය.

පෘතුගාලයෙන් ඊයේ ආසාදිතයින් 4007 දෙනෙකු හඳුනාගෙන ඇති අතර වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 39 කි.

බීබීසී ඇසුරෙනි

226



අදහස් (0)

පෘතුගාලයට - ඔස්ට්‍රියාවට දැඩි සීමා පැනවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 31 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 875 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2509 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site