පාකිස්තාන අගවිනිසුරු ඊෆ්ටිකා චෞද්‍රිගේ පුතු අල්ලස් ගැනීම සම්බන්ධයෙන් අගවිනිසුරුවරයා දැන සිටි බවත් ඒ ගැන කිසිවක් නොදන්නවා යැයි ඔහු පැවැසීම මුසාවක් බවත්, ඇමෙරිකන් ඩොලර් මිලියන 3.6 ක එම අල්ලස් මුදල චෞද්‍රිගේ පුතුට දුන් පාකිස්තානයේ කෝටිපති ව්‍යාපාරික මලික් රියාස් පවසයි.
මලික් රියාස් එම අල්ලස් මුදල චෞද්‍රිගේ පුතු අර්සලාන් චෞද්‍රි ට ලබා දී ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගවලට බලපෑම් කිරීම සඳහාය. අල්ලස් මුදල ගැනීම සම්බන්ධයෙන් ලිඛිත සාක්ෂි රැුසක් මලික් රියාස් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
චෞද්‍රිගේ පුතුට එරෙහි එම අල්ලස් ගැනීමේ චෝදනා මේ වනවිට විභාග වෙමින් පවතී. චෝදනා විභාග කිරීමට ද්වි පුද්ගල විනිසුරු මඬුල්ලක් පත් කිරීමට අගවිනිසුරු චෞද්‍රි පියවර ගත් අතර එම නඩු විභාගයේ අපක්ෂපාතී බව පෙන්වීමට ඔහු එම විනිසුරු මඬුල්ලෙන් ඉවත් වී සිටී. වරදකරු වුණොත් පුතුට එරෙහි තදින්ම නීතිය කි‍්‍රයාත්මක කරන බව අගවිනිසුරු කියයි.
2025 දෙසැම්බර් මස 18
152
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
952
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පුතා අල්ලස් ගත් බව පාකිස්තාන අගවිනිසුරුවරයා දැන සිටියා
වජ්ජා Thursday, 14 June 2012 06:56 PM
අපේ නම් ගත්තෙ පුතා නෙමේ. දැන් අපිට බණ කියන, ඒ කාලෙ අනියම් පෙම්වතිය සමග මෝටර් රියේ පෙම් කොට පොලීසියට අසුවුන හිටපු අගවිනිසුරු තුමෙකුගෙ කාලෙ,... මහනුවර වැව රවුමෙ හෝටලයක් තියෙන, උපුල් ශාන්ත සන්නස්ගලයින්ගෙන් ඇහුවොත් දන්න එක්කෙනා, ලේකම් කෙනෙකුත් සමග අල්ලස් ගත් බව, නොදන්නා කෙනෙක් නොමැත.
කින් බානට් Thursday, 14 June 2012 06:20 PM
අනේ ලංකාවේ NSB එකේ වෙච්ච දේවල් නම් අපේ අධිකරණයේ අය දන්නෙත් නැ
සුජිත් Thursday, 14 June 2012 02:31 PM
ඔන්න දෙනවනම් අල්ලස් !!! ඒකට ලංකාවේ ....අල්ලස්වල ගාණ හොඳටම මදි...
අලිබබා Thursday, 14 June 2012 03:00 PM
නීතිය නීතියම තමයි. නීතිය හදාරන්ට ඕනෑ නමි යන්න පාකිස්තානයට.
එච්.හසිත Thursday, 14 June 2012 10:10 AM
ලංකාවෙ කවද්ද මේ වගේ දෙයක් උනේ..??
අචිනි Thursday, 14 June 2012 10:30 AM
ආ ...........මේ පකිස්තානේ..ඒත් මම බැලුවා මෙහේ කවුද මේව කරන්නේ කියලා...මෙහේ එහෙම අය නෑනේ...
සිසිර Thursday, 14 June 2012 11:56 AM
නියම අගවිනිසුරු කෙනෙක්
වාසල Thursday, 14 June 2012 05:26 PM
ඔච්චර අපිත් එක්ක කිට්ටු රටක් වෙලත් ඇයි අපේ අයගෙන් ඕවා කරන විදිය හරියට ඉගෙන නොගන්නේ.අපේ අහවලා හම්බ වෙන්නකෝ