පාකිස්තාන අගවිනිසුරු ඊෆ්ටිකා චෞද්‍රිගේ පුතු අල්ලස් ගැනීම සම්බන්ධයෙන් අගවිනිසුරුවරයා දැන සිටි බවත් ඒ ගැන කිසිවක් නොදන්නවා යැයි ඔහු පැවැසීම මුසාවක් බවත්, ඇමෙරිකන් ඩොලර් මිලියන 3.6 ක එම අල්ලස් මුදල චෞද්‍රිගේ පුතුට දුන් පාකිස්තානයේ කෝටිපති ව්‍යාපාරික මලික් රියාස් පවසයි. මලික් රියාස් එම අල්ලස් මුදල චෞද්‍රිගේ පුතු අර්සලාන් චෞද්‍රි ට ලබා දී ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගවලට බලපෑම් කිරීම සඳහාය. අල්ලස් මුදල ගැනීම සම්බන්ධයෙන් ලිඛිත සාක්ෂි රැුසක් මලික් රියාස් අධිකරණයට ඉදිරිපත් කර තිබේ. චෞද්‍රිගේ පුතුට එරෙහි එම අල්ලස් ගැනීමේ චෝදනා මේ වනවිට විභාග වෙමින් පවතී. චෝදනා විභාග කිරීමට ද්වි පුද්ගල විනිසුරු මඬුල්ලක් පත් කිරීමට අගවිනිසුරු චෞද්‍රි පියවර ගත් අතර එම නඩු විභාගයේ අපක්ෂපාතී බව පෙන්වීමට ඔහු එම විනිසුරු මඬුල්ලෙන් ඉවත් වී සිටී. වරදකරු වුණොත් පුතුට එරෙහි තදින්ම නීතිය කි‍්‍රයාත්මක කරන බව අගවිනිසුරු කියයි. අගවිනිසුරු පුත්  අර්සලාන් ඉෆ්තිකාර්