රුසියාවේ මීළඟ ජනපති ලෙස තේරී පත්ව සිටින ව්ලැඩිමීර් පුටින් ඔහුගේ ‘එක්සත් රුසියා’ පක්ෂ නායකත්වයෙන් පෙරේදා (24) ඉල්ලා අස්වූයේය. ‘එක්සත් රුසියා’ පක්ෂ නායකත්වයට ජනපති ධුරයට සමු දෙන දිමිති‍්‍ර මෙඞ්වදේව් පත් කිරීමට ද පුටින් යෝජනා කර ඇතැයි වාර්තා වේ. එහෙත් මෙඞ්වදේව් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගේ සිත් දිනා ගැනීමට නොහැකි වූ තැතැත්තෙකැයි ද රුසියා දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. පුටින් රුසියා ජනපති ලෙස දිවුරුම් දීමට නියමිතව ඇත්තේ ලබන මැයි 7 වැනිදාය. පසුගිය මාර්තු 4 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ඔහු සියයට 63 ක ඡන්ද ලබා ගනිමින් ජයග‍්‍රහණය කළේය. පුටින්ට එරෙහිව විරෝධතා පවත්වන විපක්ෂ දේශපාලන කණ්ඩායම් පවසන්නේ එක්සත් රුසියා දූෂිත එකක් කියාය. පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ පැවැත්වුණු රුසියා පාර්ලිමේන්තුව (දූමා) මැතිවරණයේදී එක්සත් රුසියා පක්ෂය හොර ඡන්ද දැමූ බව පවසයි. විපක්ෂ කි‍්‍රයාකාරීන් දස දහස් ගණනින් පුටින්ට එරෙහිව රුසියාවේ ප‍්‍රධාන නගරවල විරෝධතා රැලි ආරම්භ කළේ ඉන් පසුවය. ජනපතිවරණයෙන් පුටින් ජයග‍්‍රහණය ලැබූ පසුව ද එම විරෝධතාවල අඩුවක් දකින්න නොලැබිණි. පුටින් මීට පෙර අවස්ථා දෙකකදී රුසියාවේ ජනපති ධුරය හොබවා ඇත. පිටපිට තෙවරක් ජනපති ධුරයට පත්වීමට එරට ව්‍යවස්ථාවෙන් ඉඩක් නොලැබුණු අතර ඔහුගේ සගයා දිමිති‍්‍ර මෙඞ්වදේව් ජනපති වූයේය. පසුගිය මාර්තු ජනපතිවරණයට තමන් ඉදිරිපත් වන බව පුටින් පැවැසූ අවස්ථාවේදී මෙඞ්වදේව් කියා සිටියේ තමා වහාම ජනපති ධුරයෙන් ඉවත් වන බවය.
2025 දෙසැම්බර් මස 18
171
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
152
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පුටින් එක්සත් රුසියා පක්ෂ නායකත්වයෙන් ඉවත් වෙයි