පාකිස්තාන සහ ඇෆ්ගන් හමුදා සෙබළුන් අතර මීට දින කිහිපයකට පෙර හටගත් දේශසීමා අවි ගැටුම හේතු කොට ගනිමින් ඊයේ (13) ඇෆ්ගනිස්තානයේ දේශසිමාබද පළාත් දෙකක ජනයා පාකිස්තාන විරෝධී රැලි කිහිපයක් පැවැත්වූහ.
|
විරෝධතාවට එක්වූ පිරිස්.. |
විරෝධතා රැලි පැවැත්වූයේ හේරත් සහ ෆාරා පළාත්වලය. ඇෆ්ගනිස්තානයේ තලේබාන් සටන්කාමීන්ට පාකිස්තාන රජයේ සහාය හිමිවන බවට ද විරෝධතාවට එක් වූ පිරිස චෝදනා කළහ.
පාකිස්තාන හමුදා සෙබළුන් සහ ඇෆ්ගන් සෙබළුන් අතර වෙඩි හුවමාරුව පැවැතියේ ඉකුත් දෙවැනිදාය. ඒ, දේශසීමාබද නාගර්හාර් පළාතේදිය. වෙඩි හුවමාරුවේදී ඇෆ්ගන් සෙබළකු ජීවිතක්ෂයට පත් වූ අතර පාකිස්තාන සෙබළු දෙදෙනෙක් තුවාල ලැබූහ.
ඇෆ්ගන් හමුදාව ප‍්‍රකාශ කළේ පාකිස්තාන සෙබළුන් අනවසරයෙන් තම දේශසීමාවට පැමිණි නිසා වෙඩි තැබූ බවය. දෙපිරිස අතර පැවැති වෙඩි හුවමාරුව පැය දෙකක් තිස්සේ පැවැති බව වාර්තා විය.
ඉකුත් 11 වැනිදා පැවැති පාකිස්තාන මහ මැතිවරණය හේතුවෙන් පාකිස්තාන රජය සහ ඇෆ්ගන් රජය අතර මේ අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අවස්ථාවක් හමුනොවිණි. එම අර්බුදය විසඳා ගැනීමට හැකි වන්නේ යළිත් වරක් අගමැති ධුරයට තේරී පත් වුණු නවාස් ෂරීෆ්ගේ නව රජයටය.
මහ මැතිවරණය හේතුවෙන් දින තුනක කාලයකට ඇෆ්ගන් පාකිස්තාන මෙන්ම ඇෆ්ගන් ඉරාන දේශසීමාව ද වසා දැමුණු බව පාකිස්තාන රජය පැවැසීය.
මේ අතර ඇෆ්ගනිස්තානයේ සතුරන්ට එරෙහිව සටන් කරන්න රජය සමඟ එක් වෙන්නැයි එරට ජනපති හමීඞ් කර්සායි තලේබාන් සටන්කාමීන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
ඇෆ්ගනිස්තානයේ ‘සතුරන්’ යැයි ජනපති කර්සායි පැවැසුවේ පාකිස්තානයටය.
දේශසීමා අර්බුදයේදී තමන්ට සහාය දෙන්නැයි ඇෆ්ගන් ජනපති එරට කි‍්‍රයාත්මක තලේබාන් සටන්කාමීන්ගෙන් ඉල්ලා සිටීම ගැන තමන් පුදුමයට පත්වන බව ඇමෙරිකාව පවසා ඇත.
තලේබාන් සටන්කාමීන් සමඟ සාම කතා පැවැත්වීමට ඇෆ්ගන් ජනපති වසර කීපයක් තිස්සේ උත්සහ ගනී. ඒ වෙනුවෙන් සාම මණ්ඩලයක් ද පිහිටුවා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නදීකා, මෙතන ආගම් ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ දේශ සීමා ප්‍රශ්නයක්. ඔයා පොඩි වැඩියි මේවා දැන ගන්න. ඒකයි. (නි)
මොකද මේ එකම ජාතිය කට්ටිය කෙළ ගන්නේ. අල්ලා දෙවියනි වහාම අවදානය යොමු කරන්න. ඔබ වහන්සේ මැවූ සත්ත්වයා දෙතට තුනට බෙදී ඇත.(නදී)
මේ උත්සහ කරන්නේ අල්ලා දෙවියන් මැවුවය කියන තර්කය බිදින්න සහ එයාගේ ආගම වක්‍රයෙන් හරිය කියන්න ොනවේද? (නි)
දිලිප්, ඔයාගේ කතාවට මම එකගයි. මේ රටේ ඉන්න දෙගොල්ලොම මුළු ලෝකෙටම පිළිලයක්. ඒක ඒ රටේ දේශාපලන ප්‍රශ්නයක්. ඒ රටවල් දෙකට විසදගන්න බැරි එකේ මට කොහොම පුලුවන්ද? එහෙම නේද? (නි)
ශිරාෂ්, මට කියලා දෙන්නකෝ බලන්න. දෙගොල්ලෝ කා ගන්නවා.ලෝකෙටම පිළිලයක් එයාලා (නි)