පාකිස්තානයට අයත් උතුරු වසිරිස්තානයේ සරම්ප වසංගතයක් පැතිර යමින් පවතින අතර, එයට ගොදුරු වූ දරුවෝ 12 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හෙවත් ‘යුනිසෙෆ්’ සංවිධානය වාර්තා කර ඇත්තේ උතුරු වසිරිස්තානය සහ ඒ ආශි‍්‍රත ගෝති‍්‍රක ප‍්‍රදේශවලින් බාල මහලූ සරම්ප රෝගීන් 143 දෙනකු ගැන තොරතුරු තමන්ට ලැබී ඇති බවය. මේ වන විට සරම්ප වැළැඳුණු රෝගීන් 70 දෙනකුගෙන් උතුරු වසිරිස්තානයේ මිරන්ෂා නගරයේ ප‍්‍රධාන රෝහල පිරී ගොස් ඇත. තලේබාන් සටන්කාමීන්ගේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා හේතුවෙන් උතුරු වසිරිස්තානයේ ප‍්‍රදේශ රැසක විදුලි බල සැපැයුම් කටයුතු වසර ගණනාවක් තිස්සේ අඩපණ වී ඇති හෙයින් රෝහල්වල සරම්ප එන්නත තබා ගැනීම ගැටලූවක් වී තිබේ. සරම්ප රෝගය, වසංගත තත්ත්වයකට පත් වීමේ ප‍්‍රධාන හේතුව වී ඇත්තේ එන්නත් නොමැති වීම යැයි පාකිස්තාන රජය පවසයි. උතුරු වසිරිස්තානය යනු තලේබාන් සටන්කාමීන්ගේ රජදහනයි. ඇෆ්ගනිස්තානයට යාබදව පිහිටි එය අතිශයින් දිළිඳු පළාතකි. තලේබාන් සටන්කාමීන්ගේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා නිසාත්, සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඇමෙරිකා හමුදා ඩ්‍රෝන යානා යොදා ගනිමින් ගුවන් ප‍්‍රහාර එල්ල කරන නිසාත් මිරන්ෂා රෝහලේ සේවයෙහි යෙදී සිටින්නේ වෛද්‍යවරුන් කිහිප දෙනකු පමණි. ”පසුගිය සති තුන පුරා දිනපතාම සරම්ප රෝගීන් රෝහල් ගත කෙරුණා. මේ වන විට රෝහලේ ප‍්‍රතිකාර ගනිමින් සිටින පිරිස 70 ක්. තවත් කී දෙනකුට රෝගය වැළැඳී ඇතිදැයි හරියටම කියන්න බැහැ. ප‍්‍රතිකාර ලබා දීමට ප‍්‍රමාණවත් පහසුකම් අපට නැහැ” යැයි මිරන්ෂා රෝහලේ වෛද්‍ය මොහොමඞ් සිඞීක් පවසයි. උතුරු වසිරිස්තානයේ මෙම වසංගත තත්ත්වය සෙසු ගෝති‍්‍රක පළාත්වලට පැතිර යෑමේ අවදානමක් ඇති බවත් ඊට කඩිනමින් පියවරක් ගත යුතු බවත් පාකිස්තාන සෞඛ්‍ය බලධාරීහු පෙන්වා දෙති. ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයට අයත් පාකිස්තාන සම්භවයක් ඇති බි‍්‍රතාන්‍ය ජාතිකයකු තලේබාන් සංවිධානය විසින් පැහැරගෙන ගොස් ඝාතනය කරනු ලැබීමෙන් පසු පාකිස්තානයේ රතු කුරුස සේවා තාවකාලිකව නවතා දැමීමට ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය පියවර ගෙන තිබේ. එම නිසා රෝගීන්ට වෛද්‍ය පහසුකම් ලබා දීම ද ඉතා අසීරු වී ඇත. තලේබාන් සටන්කාමීන්ගෙන් එල්ල වන ප‍්‍රහාර හේතුවෙන් සෙසු විදේශ වෛද්‍ය ආධාරකරුවන්ට හෝ සහන සේවා නිලධාරීන්ට පමණක් නොව පාකිස්තාන රජයේ වෛද්‍ය නිලධාරීන්ට පවා උතුරු වසිරිස්තානයට යෑම අනතුරුදායක වී ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි. ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන පරිදි 2010 වසරේදී පමණක් ලෝකයේ සරම්ප වැළැඳුණු රෝගීන් 1,40,000 දෙනකු මියගොස් ඇත.එයින් සියයට 95 ක්ම වාර්තා වී ඇත්තේ සෞඛ්‍ය පහසුකම් නොමැති ඉතා දිළිඳු රටවලිනි.
2025 දෙසැම්බර් මස 18
163
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාකිස්තානයේ සරම්ප වසංගතයක්