IMG-LOGO

2024 නොවැම්බර් මස 11 වන සඳුදා


පාකිස්තානයේ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර දෙකක්

මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනෙකු ඊයේ (07) නිරිතදිග පාකිසථානයේ ක්වෙටා නගරයේ රජයේ කාර්යාල අසල බෝම්බ පුපුරවා ගැනීම නිසා අඩු තරමින් පුද්ගලයින් 15 දෙනෙකුවත් මිය යන්නට ඇතැයි පොලිසිය පවසයි. ජ්‍යෙෂ්ඨ ආරක්‍ෂක නිලධාරියකු ඉලක්ක කරගෙන මෙම බෝම්බ පුපුරුවා ගෙන ඇතැයි මූලික පරීක්‍ෂණවලදී හෙළිවී තිබේ. එක් බෝම්බකරුවෙක්, පුපුරන ද්‍රව්‍ය සහිත රියක්, උසාවි භූමියෙහි නවතා තිබූ බලූකිස්ථානයෙහි ආරක්‍ෂක අංශ බාර නිලධාරියකු සතු වාහනය අසලදී පුපුරුවා හැරියේය. අනෙක් බෝම්බකරුවා එම ජ්‍යෙෂ්ඨ නිලධාරියාගේ නිවසට ගොස් බෝම්බය පුපුරවා ගත්තේය. එම ප‍්‍රහාරයෙන් එහි සිටි ආරක්‍ෂක භටයන් මිය ගිය බව පොලිස් ආරංචි මාර්ග තවදුරටත් කියයි. එම නිවසේ හා යාබද කාර්යාලවලට මින් හානි සිදුවී තිබේ. මෙම ප‍්‍රහාරවල වගකීම මෙතෙක් කිසිම ප‍්‍රචණ්ඩකාරී සංවිධානයක් බාරගෙන නැත. අල්කයිඩා සංවිධානයට සමීප පාකිස්ථානයේ තලෙයිබාන් සංවිධානය මෙවැනි ප‍්‍රහාර පාකිස්ථානය තුළ නිතර දියත් කරයි. පාකිස්ථානය, ඇමෙරිකාව සමග නව සබඳතා ආරම්භ කිරීම ප‍්‍රචණ්ඩකාරී සංවිධානවල ප‍්‍රකෝපයට හේතුවී තිබේ. පළාතේ බලූකිස්තාන ස්වයං පාලනයක් ඉල්ලා සිටින ප‍්‍රචණ්ඩකාරී පිරිස්, තෙල් හා අනෙක් සම්පත්වලින් ලැබෙන ආදායමෙන් වැඩි කොටසක් ඉල්ලා සිටිති. බලූකිස්තානයේ අගනුවර ක්වෙටා නගරය වෙයි.  එම පළාතේ පාලනය තමන් හට බාර දෙන ලෙස ප‍්‍රචණ්ඩකාරී සංවිධාන දසක ගණනාවක් තිස්සේ සටන් වැද සිටිති.



අදහස් (0)

පාකිස්තානයේ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර දෙකක්

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ස්පාඤ්ඤ රජයට එරෙහි විරෝධතා
2024 නොවැම්බර් මස 10 100 0

මහ වැසි සහ ප්‍රචණ්ඩ ජල ගැලීම්වලට හසුවී තමන් අන්ත අසරණ වෙද්දී, තමන්ට සහන සැපැයීමට සහ එම කටයුතු නිසි ලෙස කළමනාකරණය කරගැනීමට අපහසු වූ බව චෝදනා නගමින් ස්පා



සටන් විරාම සාකච්ඡාවලින් කටාරය ඉවත් වෙයි
2024 නොවැම්බර් මස 10 168 0

හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ සිටින ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් මුදා ගැනීමේ අරමුණින්, සටන් විරාමයක් පැවැත්වීමට කටාර් රාජ්‍යය මැදිහත් වී සිටියේ, ඊජිප්තුව


ඊශ්‍රායල ප්‍රහාරවලින් ගාසා වැසියෝ 40 ක් මරුට
2024 නොවැම්බර් මස 10 44 0

ගාසා තීරයේ උතුරු දිග ප්‍රදේශ කීපයක හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායල හමුදා බෝම්බ ප්‍රහාර එල්ල කළේය. එම ප්‍රහාරවලින් පමණක් මියගිය පලස්තීන වැ


ඇමතුම දෙද්දී ඉලොන් මස්ක් හවුල් කරගෙන
2024 නොවැම්බර් මස 09 286 0

ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වුණු ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියන් යුක්රේන යුද්ධය අවසන් කරන බවට ප්‍රතිඥා දී ඇත.


ඉන්දියාවේ දුම්රියක් පීලි පනී
2024 නොවැම්බර් මස 09 56 0

වාසනාවකට අනතුරින් කිසිවකු ජීවිතක්ෂයට පත් නොවුණු බව ද පැවැසෙයි. දුම්රිය පීලි පැනීමට ලක්වූයේ කොල්කටා සිට කිලෝමීටර් 40 ක් පමණ දුරින් පිහිටි නාල්පූර් නුවර


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 130 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 493 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1506 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site