වයඹදිග පාකිස්තානයේ මැතිවරණ රැලියකට පෙරේදා (31) බෝම්බ ප‍්‍රහාරයක් එල්ල වීමෙන් 6 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 12 කි.
තුවාල ලැබූවන් අතර හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු වන අද්නාන් වසීර් ද සිටී. ප‍්‍රහාරය එල්ල වූයේ ඔහු නියෝජනය කරන අවාමි ජාතික පක්ෂයේ රැලියකටය.
බෝම්බය මාර්ගය අසල අටවා තිබූ බවත් එය දුරස්ථ පාලකයකින් පුපුරුවා හැරිය බවත් පොලිසිය පවසයි. බෝම්බ ප‍්‍රහාරය එල්ල වූයේ කයිබර් ප‍්‍රාන්තයේ පක්තුන්කාවා දිස්ති‍්‍රක්කයේ පැවැති රැලියටය.
ප‍්‍රහාරයේ වගකීම තවමත් කිසිදු පාර්ශ්වයක් විසින් බාර ගෙන නැත.