න්‍යෂ්ටික බලය සතු නමුත් ආර්ථික අර්බුදයකට මුහුණපා සිටින පාකිස්තානය නැවත ගොඩනැගීමට එක්වන්නැයි තමා රටේ සියලූ පක්ෂවලින් ඉල්ලා සිටින බව හිටපු අගමැති නවාස් ෂරීෆ් පෙරේදා(11) පැවැසීය.
පාකිස්තාන මහමැතිවරණයේ නිල නොවන ප‍්‍රතිඵලවලට අනුව ඉදිරියෙන් සිටින හිටපු අගමැති නවාස් ෂරීෆ් ලාහෝර් නුවර මුස්ලිම් ලීග පක්ෂ මූලස්ථානයේදී ජනතාව අමතමින් මෙසේ පැවැසීය.
හැටතුන් හැවිරිදි වියේ පසුවන දෙවතාවක් පාකිස්තාන අගමැතිවරයා ලෙස කටයුතු කළ නවාස් ෂරීෆ් මෙවර මැතිවරණයේදී ඉදිරියෙන් සිටින බව නිල නොවන මැතිවරණ ආරංචිමාර්ග පෙන්වාදෙයි.
‘‘පාකිස්තානය මුහුණපා සිටින බරපතළ ගැටලූවලට විසඳුම් සෙවීමට සාකච්ඡා කිරීමට පැමිණෙන ලෙස මා රටේ සියලූ පක්ෂවලින් ඉල්ලා සිටිනවා. ත‍්‍රස්තවාදය මැඬලීම හා ආර්ථික අර්බුදයට වහාම විසඳුම් සෙවීම අවශ්‍යයි.’’ යනුවෙන් හිටපු අගමැතිවරයා ජනතාව අමතමින් කියා සිටියේය.
එම නිල නොවන වාර්තා සඳහන් කළේ ෂරීෆ්ගේ මුස්ලිම් ලීගය ජාතික රාජ්‍ය සභාවේ සමස්ත ආසන 272න් 115ක් ලබා ඉදිරියෙන් සිටින බවයි. දෙවැනි තැන හිමිකරගෙන ඇත්තේ ඉම්රාන් ඛාන්ගේ තරීක් ඊ ඉන්සාෆ් පක්ෂයයි. ඒ ජාතික රාජ්‍ය සභාවේ ආසන 30ක් හිමිකර ගනිමිනි.
මෙවර මැතිවරණයේදී ජාතික රාජ්‍ය සභාවට අමතරව කයිබර් පටුන්ක්වා, පන්ජාබ්, සින්ද් හා බලූකිස්තාන් යන පළාත් සභා සඳහා ද නියෝජිතයන් තෝරා ගැනේ.
|
නවාස් ෂරීෆ් ජනතාව අමතමින්... |
|
මුස්ලිම් ලීග පක්ෂ මූලස්ථානය ඉදිරිපිටට රැස්වූ ජනතාව |

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ත්රස්තවාදය දුරලන්න සියලු ආසියාවේ රටවල් එකතු විය යුතු බවත් අවට උඩගෙඩි දෙන බලවත් රටවල් සමග සිමා සහිතව ගනුදෙනු කිරීමට පෙලගැස්විය යුතු බවත් පෙන්වා දීමද වැදගත් නේද ? (ස)