IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


පාකිස්තානයේ දේශපාලන රැස්වීමකට මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයක්

වයඹදිග පාකිස්තානයේ පෙරේදා(22) පැවැති දේශපාලන රැස්වීමකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයකින් එරට පළාත් ඇමැතිවරයකු ඇතුළු පුද්ගලයන් 9 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.
අවාමි ජාතික පක්ෂය විසින් කයිබර් පටුන්ක්වා පළාතේ අගනගරය වන පෙෂාවොර්හිදී පැවැත් වූ දේශපාලන රැස්වීමකට මෙම මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරය එල්ල විය. ඒ වන විට ප‍්‍රදේශීය නායකයන් ඇතුළු පුද්ගලයන් සියයක් පමණ එම රැස්වීමට සහභාගීවෙමින් සිටියහ.
කයිබර් පළාතේ මහඇමැතිවරයාගේ දෙවැනි අමාත්‍යවරයා ලෙස සැලකෙන බෂීර් බිලූර් ප‍්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්විය. එම අමාත්‍යවරයා අයත් අවාමි පක්ෂය සැලකෙන්නේ පාකිස්තානයේ ත‍්‍රස්තවාදයට එරෙහිව කටයුතු කරන පාර්ශවයක් ලෙසයි.
බෝම්බ ප‍්‍රහාරයේ වගකීම තලේබාන් සංවිධානය බාරගෙන ඇත.
මීට සතියකට ඉහතදී අවි ආයුද සන්නද්ධ තලේබාන් කැරැලිකරුවන් පිරිසක් පෙෂාවෝර් ගුවන්තොටුපොළට දැවැන්ත ප‍්‍රහාරයක් එල්ල කිරීමට උත්සාහ කළ ද පාකිස්තාන ආරක්ෂක අංශ විසින් එම උත්සාහය ව්‍යර්ථ කෙරිණි. සිද්ධියෙන් පස්දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
ප‍්‍රහාරයෙන් මියගිය හැටනව හැවිරිදි ඇමැති බිලූර් දැඩි තලේබාන් විරෝධියෙකි. ප‍්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ ඇමැතිවරයා අර්බබ් අයුබ් රෝහලට ඇතුළු කිරීමෙන් අනතුරුව මියගියේය. සිද්ධියෙන් මියගිය ගණන 17කි. බෝම්බ ප‍්‍රහාරය එල්ල වූයේ එම රැස්වීමේ උච්චතම අවස්ථාවට පැමිණි අවස්ථාවේදී බව පෙෂාවොර් පොලිසිය පවසයි.
ඇමැතිවරයාගේ මරණය සැල වූ වහාම පාකිස්තාන අගමැති රාජා පර්වෙස් ජාතික ශෝක දිනයක් ප‍්‍රකාශයට පත් කළේය.
ඉකුත් සැප්තැම්බර් මාසයේදී මැදපෙරදිග කලාපය කැලඹූ ඉස්ලාම් විරෝධී චිත‍්‍රපටය නිෂ්පාදනය කළ පුද්ගලයා මරා දමන්නෙකුට ඇමෙරිකානු ඩොලර් ලක්ෂයක් දෙන බවට පවසමින් ජාත්‍යන්තර අවධානයට ලක් වූ පාකිස්තාන දුම්රිය ඇමැති ගුලාම් බිලූර්, ඇමැති බෂීර්ගේ සහෝදරයෙකි.



අදහස් (0)

පාකිස්තානයේ දේශපාලන රැස්වීමකට මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයක්

මුතුකුඩ Wednesday, 26 December 2012 12:57 PM

ඇයි මධු, අවුරුදු 20ක අතීතය අමතකද? මම හිතන්නේ ඔයා ඉපදිලා නැතිව ඇති. බබාලට මේවා කො‍හොමත් තේරෙන්නෙ නැහැ. (නි)

:       0       0

සුගත් Thursday, 27 December 2012 12:46 AM

මුතුකුඩට මොකෝ මෙච්චර අමාරු? ඔයා වෙන ප්‍රවෘත්ති කියවන්නෙ නැද්ද? (නි)

:       0       0

මධු Tuesday, 25 December 2012 02:16 PM

තව අවුරුදු 20කින් විතර ලංකාවෙත් මෙහෙම දේවල් අහන්න ලැබෙයි. (නි)

:       0       0

මධූ Monday, 24 December 2012 12:57 PM

හොඳ පුවතක් (ස)

:       0       0

ලක්ප්‍රිය Wednesday, 26 December 2012 08:41 AM

මෙයාලත් එක්ක මොන සහජීවනයක්ද? (නි)

:       0       0

නෞෂාඩ් Tuesday, 25 December 2012 05:00 PM

මුතුකුඩ‍ගේ පැතුම සඵල වේවායි මම පතමි..!(නු)

:       0       0

මුතුකුඩ Monday, 24 December 2012 02:16 PM

මධුටද අනාගතයේ මෙවැනි අත්දැකීමකට මුහුණ දීමට අවස්ථාව උදාවේවායි අපි ප්‍රාර්ථනා කරමු. (නි)

:       0       0

මධු Tuesday, 25 December 2012 06:22 PM

අනාගතේ ලංකාවෙත් මෙහෙම වෙයිද?(නු)

:       0       0

සම්පත් Wednesday, 26 December 2012 11:02 AM

ලංකාවේ ඉන්න කට්ටියටත් මේකම වුණ කාලයක් තිබුණා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 48 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 842 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 609 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site