පාකිස්තානයේ ප‍්‍රධාන වෙළෙඳ නගරය ලෙස සැළකෙන කරච්චි නුවර විරෝධතා රැුළියකට පෙරේදා (22) සවස එල්ල වූ වෙඩි ප‍්‍රහාරයකින් 10 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල් ගත කළ ගණන 25 කි.
එම රැුළිය පැවැත්වූයේ මෙම මස මුලදී කරච්චි පොලිසිය සිදු කළ මෙහෙයුමකදී පුද්ගලයන් විසි දෙදෙනකු ජීවිතක්ෂයට පත්වීමට විරෝධය පළ කරමින්ය.
ආයුධ සන්නද්ධ පිරිසක් හිටිහැටියේ පැමිණ රැුළියට සහභාගී වී සිටි පිරිසට වෙඩි වරුසාවක් එල්ල කළ බව පාකිස්තාන මාධ්‍ය වාර්තා කරයි. වෙඩි වැදීමෙන් මාධ්‍යවේදීහු දෙදෙනෙක් ද තුවාල ලැබූහ. වෙඩි තැබීමෙන් පසු කෝපයට පත් විරෝධතාකරුවෝ අසල පිහිටි වෙළෙඳසැල්වලටත් වාහනවලටත් පහර දී ගිනි තබන්න වූහ.
කරච්චියේ ඉකුත් වසරේ සිට මේ දක්වා විටින් විට හටගත් ආගමික සහ වාර්ගික ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවලින් මියගිය ගණන 800 ඉක්මවන බව පාකිස්තානයේ මානව හිමිකම් සුරැකීමේ සංවිධාන පවසයි.
1
විජයදාසගේ සුවදුක් බලන්න ගිය රනිල් කිව්වදේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd