පාකිස්තානයේ ප‍්‍රධාන වෙළෙඳ නගරය ලෙස සැළකෙන කරච්චි නුවර විරෝධතා රැුළියකට පෙරේදා (22) සවස එල්ල වූ වෙඩි ප‍්‍රහාරයකින් 10 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල් ගත කළ ගණන 25 කි.
එම රැුළිය පැවැත්වූයේ මෙම මස මුලදී කරච්චි පොලිසිය සිදු කළ මෙහෙයුමකදී පුද්ගලයන් විසි දෙදෙනකු ජීවිතක්ෂයට පත්වීමට විරෝධය පළ කරමින්ය.
ආයුධ සන්නද්ධ පිරිසක් හිටිහැටියේ පැමිණ රැුළියට සහභාගී වී සිටි පිරිසට වෙඩි වරුසාවක් එල්ල කළ බව පාකිස්තාන මාධ්‍ය වාර්තා කරයි. වෙඩි වැදීමෙන් මාධ්‍යවේදීහු දෙදෙනෙක් ද තුවාල ලැබූහ. වෙඩි තැබීමෙන් පසු කෝපයට පත් විරෝධතාකරුවෝ අසල පිහිටි වෙළෙඳසැල්වලටත් වාහනවලටත් පහර දී ගිනි තබන්න වූහ.
කරච්චියේ ඉකුත් වසරේ සිට මේ දක්වා විටින් විට හටගත් ආගමික සහ වාර්ගික ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවලින් මියගිය ගණන 800 ඉක්මවන බව පාකිස්තානයේ මානව හිමිකම් සුරැකීමේ සංවිධාන පවසයි.
2025 දෙසැම්බර් මස 18
163
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාකිස්තානයේ කරච්චි නුවර ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවලින් 10 ක් මරුට