වයඹදිග පාකිස්තානයේදී ආරක්ෂක අංශ සාමාජිකයන් ඉලක්ක කරගෙන පෙරේදා(10) පුපුරාගිය කාර් බෝම්බයකින් සිවිල් වැසියන් 12ක් ජීවිතක්ෂයට පත්ව 40 දෙනෙක් තුවාල ලැබූහ. මෙම කාර් බෝම්බය පුපුරා ගොස් ඇත්තේ කූරාම් ගෝත‍්‍රික ප‍්‍රදේශයේ වෙළෙඳසැලක් ඉදිරිපිටදීය. එම ස්ථානයෙන් ගමන් කරමින් තිබූ හමුදා නිලධාරීන් රැගත් රථ පෙළක් ඉලක්ක කරගෙන ප‍්‍රහාරය එල්ල වූවද ප‍්‍රහාරයෙන් මියගොස් ඇත්තේ ඒ අසල සිටි ෂියා මුස්ලිම් ජාතිකයන් බව පාකිස්තාන ආරක්ෂක අංශ පවසයි. ප‍්‍රහාරයට ලක්ව තුවාල ලැබූවන්ගෙන් 20 දෙනකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි. ජනාකිර්ණ ආර්ථීක මධ්‍යස්ථානයක් වන මෙහිදී සිදුවූ පිපිරීමෙන් වෙළෙඳසැල් 30කට සහ ගොඩනැගිලි 50කට හානි සිදුව ඇති බවද වාර්තා වේ. ප‍්‍රහාරය සම්බන්ධයෙන් වගකීම කිසිදු පාර්ශවයක් විසින් මේ වන තෙක් බාරගෙන නොමැති අතර පසුගිය කාලයේ මෙම ප‍්‍රදේශයේ සිදු වූ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා පසුපස සිටියේ තලෙයිබාන් සටන්කාමීන් බව පාකිස්තාන බුද්ධි අංශ පවසයි.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ පුවතක් ! (ස)
මුස්ලිම් කියන්නේ ත්‍රස්තවාදයයි. (නි)