IMG-LOGO

2025 ඔක්තෝබර් මස 30 වන බ්‍රහස්පතින්දා


පාකිස්තාන මහමැතිවරණයට ජන ගඟක්: තලේබාන් ප‍්‍රචණ්ඩ කි‍්‍රයා උත්සන්න වෙයි

පාකිස්තාන මහමැතිවරණය පැවැති පෙරේදා(11) දිනයේදී කරච්චි නුවර ඇතුළු ප‍්‍රධාන නගර රැසකින් ප‍්‍රචණ්ඩකි‍්‍රයා වාර්තා වූ අතර ඡන්දදායකයන් හා මැතිවරණ කාර්යාල ප‍්‍රහාරකයන්ගේ ඉලක්ක විය.

පාකිස්තාන මැතිවරණ කොමිසම ඡන්ද විමසීම පැයකින් දීර්ඝ කිරීමට තීරණය කිරීමෙන් පසුව කරච්චි නුවර බෝම්බ දෙකක් පුපුරා ගියේය. අවාමි ජාතික පක්ෂ කාර්යාලයක් ඉලක්ක කරගෙන එල්ල වූ මේ ප‍්‍රහාරයෙන් 12 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව 37 දෙනෙක් තුවාල ලැබූහ.

පෙෂාවොර් නගරයේ ඡන්දදායකයන් පිරිසක් ඉලක්ක කරගෙන යතුරුපැදියක අටවා තිබූ බෝම්බයක් පුපුරා ගියේය. සිද්ධියෙන් අට දෙනෙක් තුවාල ලැබූහ. 

මේ අතර, බලූකිස්තානය ඇතුළු ප‍්‍රදේශ ගණනාවකින් මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර, වෙඩිතැබීම්, යතුරුපැදි බෝම්බ පිපිරවීම් වැනි ප‍්‍රචණ්ඩකි‍්‍රයා සිදු වූ බව පාකිස්තාන මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

මහමැතිවරණය ප‍්‍රකාශයට පත් කළ දින සිට අද දක්වා පාකිස්තානයේ සිදු වූ ප‍්‍රචණ්ඩකි‍්‍රයාවලින් මියගිය ගණන 130 දක්වා ඉහළ ගොස් ඇත. තලේබාන් සටන්කාමීන් මැතිවරණ කටයුතු ආරම්භවීමට පෙර සිටම කියා සිටියේ මැතිවරණ කටයුතු නිසි පරිදි පවත්වාගෙන යාමට තමන් ඉඩ නොදෙන බවයි. 

කෙසේ වෙතත් මෙම ප‍්‍රචණ්ඩකි‍්‍රයා මධ්‍යයේ ඡුන්දය ප‍්‍රකාශ කිරීම සියයට 60කටත් වඩා ඉහළ මට්ටමක පැවැති බව එරට මැතිවරණ කොමිසම පෙන්වාදෙයි.

 

කරච්චි නුවර බෝම්බ ප‍්‍රහාරය එල්ල වූ ස්ථානය

 



අදහස් (0)

පාකිස්තාන මහමැතිවරණයට ජන ගඟක්: තලේබාන් ප‍්‍රචණ්ඩ කි‍්‍රයා උත්සන්න වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1708 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1426 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 512 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site