පාකිස්තාන මහ මැතිවරණයට ඉදිරිපත්වීමට සූදානමින් සිටි ස්වාධීන අපේක්ෂකයෝ දෙදෙනෙක් ඊයේ (15) ආයුධ සන්නද්ධ පිරිසක් එල්ල කළ වෙඩි ප‍්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වූහ.
එම අපේක්ෂකයන් දෙදෙනා සහ තවත් පුද්ගලයන් තිදෙනකු මෝටර් රථයකින් ගමන් කරමින් සිටිද්දී, ආයුධ සන්නද්ධ පිරිස රථය වටකොට ඊට වෙඩි තබා ඇතැයි පොලිසිය පවසයි.
ප‍්‍රහාරය එල්ල වී ඇත්තේ ඇෆ්ගන් පාකිස්තාන දේශසීමාව යාබද දෙරා ඉස්මයිල් ඛාන් දිස්ති‍්‍රක්කයේදීය. මෝටර් රථයේ සිටි සෙසු තිදෙනා ප‍්‍රහාරයෙන් තුවාල ලබා දිවි ගලවා ගත් බව ද පොලිසිය වැඩි දුරටත් කියා සිටී.
ප‍්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවකු බාර ගෙන නැති නමුත් එය තරීක් ඊ තලේබාන් සටන්කාමීන් විසින් සිදුකළ ප‍්‍රහාරයක් යැයි ආරක්ෂක අංශ සැක කරයි.
ඉකුත් බ‍්‍රහස්පතින්දා (11) මැතිවරණ රැලියකට සහභාගී වෙමින් සිටි ‘මුටාඩියා කුවාමී’ පක්ෂයේ අපේක්ෂකයකු වෙඩි තබා ඝාතනය කළෝ ද තරීක් ඊ තලේබාන් සටන්කාමීහුය.
පාකිස්තාන මහ මැතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ ලබන මස 11 වැනිදාය. මහ මැතිවරණ කටයුතුවලට බාධා කරමින් ප‍්‍රචණ්ඩ කි‍්‍රයා අවුළුවන බවට තලේබාන් සටන්කාමීන් අනතුරු අඟවා ඇත.
මැතිවරණයට සහභාගී වීමට සූදානමින් සිටින හිටපු ජනපති පර්වේස් මුෂාරෆ් මෙන්ම, තරීක් ඊ ඉන්සාෆ් පක්ෂයේ නායක ඉම්රාන් ඛාන් ද ඝාතනය කිරීමට මරාගෙන මැරෙන බෝම්බකරුවන් යොදවා ඇතැයි තලේබාන් සංවිධානය අනතුරු අඟවා ඇත.
පාකිස්තානයේ 2007 වසරේ පැවැති මහ මැතිවරණයට ඉදිරිපත් වීමට සූදානමින් සිටි හිටපු අගමැතිනී බෙනසීර් බූතෝ ඝාතනය වූයේ ද තලේබාන් මරාගෙන මැරෙන බෝම්බකරුවකු අතිනි.
2025 දෙසැම්බර් මස 16
14
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පාකිස්තාන මැතිවරණ අපේක්ෂකයෝ දෙදෙනෙක් වෙඩි පහරකින් මරුට