IMG-LOGO

පාකිස්තාන බන්ධනාගාරයකට ප‍්‍රහාරයක්:

තලේබාන් සටන්කාමීන් සියයකට වැඩි පිරිසක් ඊයේ (15) අලූයම වයඹදිග පාකිස්තානයේ බන්නු නුවර බන්ධනාගාරයක් වටලා ප‍්‍රහාරයක් එල්ල කළ අවස්ථාවේ රැඳවියෝ 384 දෙනෙක් පලා ගියහ. පලාගිය රැඳෙවියන් අතර අල් කයිඩා සහ තලේබාන් සංවිධානවලට අයත් අති දරුණු සටන්කාමීන් 150 දෙනකු සිටින බව පාකිස්තාන බලධාරීහු පවසති. පලා ගියවුන් සොයා මේ වනවිට සෝදිසි මෙහෙයුම් ආරම්භ කර ඇතැයි ද වාර්තා වේ. ප‍්‍රහාරයේ වගකීම බාර ගනිමින් පාකිස්තානයේ තරීක් ඊ තලේබාන් සංවිධානයේ ප‍්‍රකාශක එෂානුල්ලා එෂාන් පවසා ඇත්තේ බන්ධනාගාරයේ සිටි තම සාමාජිකයන් බේරා ගැනීමේ අරමුණින් ප‍්‍රහාරය එල්ල කළ බවය. ප‍්‍රහාරය සාර්ථක වූ බවත් තම සාමාජිකයන් බේරා ගැනීමට හැකි වූ බවත් තලේබාන් සංවිධානය වැඩි දුරටත් කියා සිටියි. ප‍්‍රහාරය එල්ල වන අවස්ථාවේදී බන්ධනාගාරයේ රැඳවියන් 944 දෙනකු සිටි බව පාකිස්තාන බලධාරීහු පවසති. ප‍්‍රහාරය එල්ල වී ඇත්තේ ඊයේ අලූයම 1 ට පමණය.



අදහස් (0)

පාකිස්තාන බන්ධනාගාරයකට ප‍්‍රහාරයක්:

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 652 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 776 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 337 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site