තලේබාන් සටන්කාමීන් සියයකට වැඩි පිරිසක් ඊයේ (15) අලූයම වයඹදිග පාකිස්තානයේ බන්නු නුවර බන්ධනාගාරයක් වටලා ප‍්‍රහාරයක් එල්ල කළ අවස්ථාවේ රැඳවියෝ 384 දෙනෙක් පලා ගියහ. පලාගිය රැඳෙවියන් අතර අල් කයිඩා සහ තලේබාන් සංවිධානවලට අයත් අති දරුණු සටන්කාමීන් 150 දෙනකු සිටින බව පාකිස්තාන බලධාරීහු පවසති. පලා ගියවුන් සොයා මේ වනවිට සෝදිසි මෙහෙයුම් ආරම්භ කර ඇතැයි ද වාර්තා වේ. ප‍්‍රහාරයේ වගකීම බාර ගනිමින් පාකිස්තානයේ තරීක් ඊ තලේබාන් සංවිධානයේ ප‍්‍රකාශක එෂානුල්ලා එෂාන් පවසා ඇත්තේ බන්ධනාගාරයේ සිටි තම සාමාජිකයන් බේරා ගැනීමේ අරමුණින් ප‍්‍රහාරය එල්ල කළ බවය. ප‍්‍රහාරය සාර්ථක වූ බවත් තම සාමාජිකයන් බේරා ගැනීමට හැකි වූ බවත් තලේබාන් සංවිධානය වැඩි දුරටත් කියා සිටියි. ප‍්‍රහාරය එල්ල වන අවස්ථාවේදී බන්ධනාගාරයේ රැඳවියන් 944 දෙනකු සිටි බව පාකිස්තාන බලධාරීහු පවසති. ප‍්‍රහාරය එල්ල වී ඇත්තේ ඊයේ අලූයම 1 ට පමණය.
1
රාජ්ය සේවය කළශඹන ඉහළ පුටු සෙලවීම
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd