තලේබාන් සටන්කාමීන් විසින් මීට දින කිහිපයකට පෙර පැහැර ගනු ලැබූ පාකිස්තාන පොලිස් නිලධාරීන් 21 දෙනා වෙඩි තබා මරා දමා ඇතැයි ඊයේ (30) වාර්තා විය.
ඔවුන්ගේ මළ සිරුරු පෙෂවෝර් නුවර ඔබ්බෙන්  ජබාටි පළාතෙන් හමුවී ඇතැයි වාර්තා වේ. සටන්කාමීන් එම පොලිස් නිලධාරීන් පැහැර ගත්තේ ඉකුත් බ‍්‍රහස්පතින්දා රාති‍්‍රයේය.
පැහැර ගෙන ගියේ පොලිස් නිලධාරීන් 23 දෙනෙකි. එහෙත් නිලධාරීන් දෙදෙනකු සටන්කාමීන්ගෙන් බේරී පලා විත් ඇතැයි ද වෙඩි වැදීමෙන් ඔවුන් බරපතල තුවාල ලබා සිටින බවද පාකිස්තාන පුවත් සේවා පවසයි.