පාකිස්තාන පාර්ලිමේන්තුව විසුරුවන්නැයි බලකරමින්, ඉස්ලාමාබාද් අගනුවර පිහිටි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට කඩා වැදීමට හැදූ විරෝධතාකරුවන් පිරිසකට පොලිසිය ඊයේ (15) හරස් විය.
රටේ දූෂණ වංචා දිනෙන් දින ඉහළ යෑමට විරෝධය පළ කරමින්, මැතිවරණ පැවැත්වීම ප‍්‍රමාද කිරීම සහ නව දේශපාලන ප‍්‍රතිසංස්කරණ සිදුකිරීමට රජය අපොහොසත් යැයි චෝදනා කරමින්, රජයට එරෙහි විරෝධතා සංවිධානය කර තිබුණේ පාකිස්තානයේ උපන්, කැනඩාවේ ජීවත් වන ආගමික නායකයකු වන තහීර් උල් කද්රිය.
විරෝධතාවයට දහසකට ආසන්න පිරිසක් එක් ව සිටියහ.
61 හැවිරිදි තහීර් උල් කද්රී පැවැසුවේ තම විරෝධතා රැලිය සාමකාමී එකක් ලෙස ආරම්භ වූ බවය. එහෙත් පොලිසිය ඊට හරස් වී විරෝධතාකරුවන්ට පහර දීමට පටන් ගැනීමත් සමඟ විරෝධතා රැලිය ප‍්‍රචණ්ඩකාරී වූ බව කද්රී වැඩි දුරටත් කියා සිටී.
පාකිස්තානයේ ආර්ථිකය කඩා වැටී ඇත්තේත්, රට බලශක්ති අර්බුදයක් සහ ආගමික ප‍්‍රචණ්ඩ කි‍්‍රයා උත්සන්න වී ඇත්තේත් දේශපාලන ප‍්‍රතිසංස්කරණ කි‍්‍රයාත්මක නොවීම හේතුවෙන් යැයි කද්රී පෙන්වා දෙයි.
රට බේරා ගැනීමට නම්, පාර්ලිමේන්තුව විසුරුවා හැර, හමුදාව යළිත් රටේ පාලන බලය අතට ගෙන මහ මැතිවරණයක් පවත්වන තුරු භාරකාර රජයක් පිහිටුවිය යුතු යැයි කද්රී යෝජනා කරයි.
කද්රී සහ ඔහුගේ අනුගාමිකයන් එම විරෝධතා රැුලිය ආරම්භ කළ අවස්ථාවේදීම ඉස්ලාමාබාද් අගනුවර පාර්ලිමේන්තු ගොඩනැගිල්ල වට කරමින් මාර්ග බාධක කිහිපයක් යෙදවීමට පාකිස්තාන රජය ආරක්‍ෂක අංශ වලට නියෝග කළේය.
ඒ අනුව පොලිසිය සහ හමුදාව කන්ටේනර් පෙට්ටි හරස් කරමින් ද මාර්ග බාධක යොදා තිබුණි. විරෝධතාකරුවන් එම මාර්ග බාධක අභිබවා ඉදිරියට යෑමට උත්සහ කළ අවස්ථාවේදී, විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් සහ ජල ප‍්‍රහාර එල්ල කිරීමට කැරැලි මර්දන පොලිස් නිලධාරීහු පියවර ගත්හ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෙනේද අපේ මිතුරෝ (ස)