පාකිස්තාන පාර්ලිමේන්තුව විසුරුවන්නැයි බලකරමින්, ඉස්ලාමාබාද් අගනුවර පිහිටි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට කඩා වැදීමට හැදූ විරෝධතාකරුවන් පිරිසකට පොලිසිය ඊයේ (15) හරස් විය.
රටේ දූෂණ වංචා දිනෙන් දින ඉහළ යෑමට විරෝධය පළ කරමින්, මැතිවරණ පැවැත්වීම ප‍්‍රමාද කිරීම සහ නව දේශපාලන ප‍්‍රතිසංස්කරණ සිදුකිරීමට රජය අපොහොසත් යැයි චෝදනා කරමින්, රජයට එරෙහි විරෝධතා සංවිධානය කර තිබුණේ පාකිස්තානයේ උපන්, කැනඩාවේ ජීවත් වන ආගමික නායකයකු වන තහීර් උල් කද්රිය.
විරෝධතාවයට දහසකට ආසන්න පිරිසක් එක් ව සිටියහ.
61 හැවිරිදි තහීර් උල් කද්රී පැවැසුවේ තම විරෝධතා රැලිය සාමකාමී එකක් ලෙස ආරම්භ වූ බවය. එහෙත් පොලිසිය ඊට හරස් වී විරෝධතාකරුවන්ට පහර දීමට පටන් ගැනීමත් සමඟ විරෝධතා රැලිය ප‍්‍රචණ්ඩකාරී වූ බව කද්රී වැඩි දුරටත් කියා සිටී.
පාකිස්තානයේ ආර්ථිකය කඩා වැටී ඇත්තේත්, රට බලශක්ති අර්බුදයක් සහ ආගමික ප‍්‍රචණ්ඩ කි‍්‍රයා උත්සන්න වී ඇත්තේත් දේශපාලන ප‍්‍රතිසංස්කරණ කි‍්‍රයාත්මක නොවීම හේතුවෙන් යැයි කද්රී පෙන්වා දෙයි.
රට බේරා ගැනීමට නම්, පාර්ලිමේන්තුව විසුරුවා හැර, හමුදාව යළිත් රටේ පාලන බලය අතට ගෙන මහ මැතිවරණයක් පවත්වන තුරු භාරකාර රජයක් පිහිටුවිය යුතු යැයි කද්රී යෝජනා කරයි.
කද්රී සහ ඔහුගේ අනුගාමිකයන් එම විරෝධතා රැුලිය ආරම්භ කළ අවස්ථාවේදීම ඉස්ලාමාබාද් අගනුවර පාර්ලිමේන්තු ගොඩනැගිල්ල වට කරමින් මාර්ග බාධක කිහිපයක් යෙදවීමට පාකිස්තාන රජය ආරක්‍ෂක අංශ වලට නියෝග කළේය.
ඒ අනුව පොලිසිය සහ හමුදාව කන්ටේනර් පෙට්ටි හරස් කරමින් ද මාර්ග බාධක යොදා තිබුණි. විරෝධතාකරුවන් එම මාර්ග බාධක අභිබවා ඉදිරියට යෑමට උත්සහ කළ අවස්ථාවේදී, විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් සහ ජල ප‍්‍රහාර එල්ල කිරීමට කැරැලි මර්දන පොලිස් නිලධාරීහු පියවර ගත්හ.
2025 දෙසැම්බර් මස 18
86
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
140
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
941
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාකිස්තාන පාර්ලිමේන්තුවට කඩාවදින්න හැදූ විරෝධතාකරුවන්ට පොලිසියෙන් බාධා
මාරසිංහ Wednesday, 16 January 2013 12:08 PM
පෙනේද අපේ මිතුරෝ (ස)