තලේබාන් සටන්කාමියකු එල්ල කළ වෙඩි පහරකින් බරපතළ තුවාල ලබා බි‍්‍රතාන්‍යයේදී ප‍්‍රතිකාර ලබන 15 හැවිරිදි පාකිස්තාන දැරිය මලාලා යූසොෆ්සායිගේ ජීවිත අත්දැකීම් ඇසුරින් පොතක් පළ කිරීමට යයි.
මලාලා, මීට මාස 3 කට පෙර තලේබාන් සටන්කාමියකුගේ වෙඩි ප‍්‍රහාරයකින් බරපතළ තුවාල ලැබුවේ පාකිස්තානයේ බාළිකාවන්ට අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය වෙනුවෙන් හඬ නැගීමේ වරදටය.
ඇය බී.බී.සී. උර්දු සේවයට එක්වී තලේබාන්වරුන්ගේ සැහැසිකම් අන්තර් ජාලයේ බ්ලොගයක් හරහා ලොවට හෙළි කිරීම නිසා ජාත්‍යන්තරයේ අවදානයටත් තලේබාන්වරුන්ගේ උදහසටත් ලක් වූවාය.
වෙඩි ප‍්‍රහාරයට ලක් වී මරණාසන්නව සිටිද්දී ඇය බි‍්‍රතාන්‍යයට ගෙන්වා ගැනීමටත් ප‍්‍රතිකාර දීමටත් බි‍්‍රතාන්‍ය රජය කටයුතු කළේය. ඒ අනුව ඇය පසුගිය මාස තුන පුරාවට ප‍්‍රතිකාර ලැබුවේ බි‍්‍රතාන්‍යයේ බර්මින්හැම්හි ක්වීන් එලිසබත් රෝහලේය.
මලාලාගේ පියා ද සමාජ කි‍්‍රයාකාරියකු වන අතර ඔහුට ද තලේබාන්වරුන්ගෙන් මරණීය තර්ජන එල්ල වෙමින් පවතී. එම නිසා මලාලා පමණක් නොව ඇගේ පියාත්, මවත් සොයොහුරන් දෙදෙනාත් බි‍්‍රතාන්‍යයට ගෙන්වා විශේෂ රැකවරණ දීමට බි‍්‍රතාන්‍ය රජය ඉදිරිපත් ව සිටී.
මලාලා රෝහල් ගතව සිටිද්දී ඇයව බැලීමට පාකිස්තාන ජනපති අසීෆ් අලී සර්දාරි ද පැමිණියේය. එම අවස්ථාවේ ඔහු මලාලාගේ පියා සියුද්දීන්ට පාකිස්තාන රජයේ විශේෂ තානාපති නිලධාරි ධුරයක් පිරිනැමූ බව ද වාර්තා විය.
මලාලා ඉක්මනින් සුවය ලැබූ බවත් ඇයට දැන් බි‍්‍රතාන්‍යයේ ඇයගේ නව නිවසට යා හැකි බවත් පවුලේ අය සමඟ සතුටින් සිටිය හැකි බවත් ඇයට ප‍්‍රතිකාර කළ එලිසබත් රෝහලේ විශේෂඥ වෛද්‍ය කණ්ඩායම පවසා ඇත.
2025 ඔක්තෝබර් මස 08
1642
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1399
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
498
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
පාකිස්තාන දැරිය මලාලාගේ ජීවිත අත්දැකීම් ඇසුරින් පොතක්
ගාමිණී Monday, 01 April 2013 03:04 PM
ලදැරියගේ හිසට දැම්මු ටයිටේනියම් තහඩුව පල දරලා වගේ (ස)
චින්තා Monday, 01 April 2013 11:21 AM
කියවන්න වටිනවා (දී)