තලේබාන් සටන්කාමියකු එල්ල කළ වෙඩි පහරකින් බරපතළ තුවාල ලබා බි‍්‍රතාන්‍යයේ රෝහලක ප‍්‍රතිකාර ලබමින් සිටි 15 හැවිරිදි පාකිස්තාන දැරිය මලාලා යූසොෆ්සායි පෙරේදා (5) සුවය ලබා රෝහලෙන් පිටවී ගියාය.
මලාලා මීට මාස 3 කට පෙර තලේබාන් සටන්කාමියකුගේ වෙඩි ප‍්‍රහාරයකින් බරපතළ තුවාල ලැබුවේ පාකිස්තානයේ බාලිකාවන්ට අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය වෙනුවෙන් හඬ නැගීමේ වරදටය.
ඇය බී.බී.සී. උර්දු සේවයට එක්වී තලේබාන්වරුන්ගේ සැහැසිකම් අන්තර් ජාලයේ බ්ලොගයක් හරහා ලොවට හෙළිකිරීම නිසා ජාත්‍යන්තරයේ අවධානයටත් තලේබාන් වරුන්ගේ උදහසටත් ලක් වූවාය.
වෙඩි ප‍්‍රහාරයට ලක් වී මරණාසන්නව සිටිද්දී ඇය බි‍්‍රතාන්‍යයට ගෙන්වා ගැනීමටත් ප‍්‍රතිකාර දීමටත් බි‍්‍රතාන්‍ය රජය කටයුතු කළේය. ඒ අනුව ඇය පසුගිය මාස තුන පුරාවට ප‍්‍රතිකාර ලැබුවේ බි‍්‍රතාන්‍යයේ බර්මින්හැම්හි ක්වීන් එළිසබත් රෝහලේය.
මලාලාගේ පියා ද සමාජ කි‍්‍රයාකාරියකු වන අතර ඔහුට ද තලේබාන්වරුන්ගෙන් මරණීය තර්ජන එල්ල වෙමින් පවතී. එම නිසා මලාලා පමණක් නොව ඇයගේ පියාත්, මවත් සොහොයුරන් දෙදෙනාත් බි‍්‍රතාන්‍යයට ගෙන්වා විශේෂ රැකවරණ දීමට බි‍්‍රතාන්‍ය රජය ඉදිරිපත්ව සිටී.
මලාලා රෝහල්ගතව සිටියදී ඇය බැලීමට පාකිස්තාන ජනපති අසීෆ් අලී සර්දාරි ද පැමිණියේය. එම අවස්ථාවේ ඔහු මලාලාගේ පියා සියාඋද්දීන්ට පාකිස්තාන රජයේ විශේෂ තානාපති නිලධාරි ධුරයක් පිරිනැමූ බව ද වාර්තා විය.
මලාලා ඉක්මනින් සුවය ලැබූ බවත් ඇයට දැන් බි‍්‍රතාන්‍යයේ ඇයගේ නව නිවසට යා හැකි බවත් පවුලේ අය සමඟ සතුටින් සිටිය හැකි බවත් ඇයට ප‍්‍රතිකාර කළ එළිසබත් රෝහලේ විශේෂඥ වෛද්‍ය කණ්ඩායම පවසා ඇත.
වෙඩි උණ්ඩයෙන් තුවාල වී ඇති ඇගේ හිස් කබල සකස් කිරීමේ ප‍්‍රතිකර්ම ඉතා සෙමින් සිදුවන අතර මීළඟ මාස කිහිපයේදී අවස්ථා ගණනාවකදී ප‍්‍රතිකාර සඳහා ඇයට යළි රෝහලට පැමිණීමට සිදුවනු ඇතැයි ද විශේෂඥ වෛද්‍ය කණ්ඩායම වැඩි දුරටත් පවසා ඇත. මලාලාගේ සියලූම ප‍්‍රතිකාර සිදුවන්නේ බි‍්‍රතාන්‍ය රජයේ අනුග‍්‍රහයෙනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට දෙවි පිහිටයි (ස)
සුබ පතනවා (ස)
ඔබට සුභ අනාගතයක්! (නි)
ඔබට නිරෝගී සුව ලැබේවා
මෙවන් විපත් නොවේවා (දී)
ඔබ දිරිය දියණියක්. සුබ ආරංචියක් (ස)
ඔබ ඇත්තෙන්ම ආදර්ශමත් චරිතයක් (ස)
දුබල උවත් ඇය ඔසවයි අන් දුබලුන් තලේබාන් පැරදුනි ඇගෙ බල බිඳුමෙන් නිර්භීතවත් දියණිය මගෙ සුබ පැතුමෙන් දින දින සුවය වැඩිවේවා දෙවිඳු බලෙන් (ස)
ඔබට සුබ අනාගතයක් (ස)
අපි හැමෝම ඔයාට ආදරෙයි (ස)
ඔබට සුව අත් වේවා
ගොඩක් සතුටුයි. සුබ පතනවා. ඉදිරියට ආරක්ෂාවී කටයූතූ කරන්න... (ස)
ඔබගේ ළුීරකම නිසා දැන් මුලු ලෝකයටම නිදහසේ හුස්ම ගන්න පුලුවන්. (නි)
මම ඔබගේ නිර්භීතකමට ගෞරව කරමි. (නි)
ඔබට දීර්ඝායුෂ ලැබේවා! (නි)
අරාබි ලෝකයේ පුංචි වීර වරිය (ස)
ඔබට සුභ අනාගතයක්! (නි)