කාන්තා අධ්‍යාපන අයිතීය වෙනුවෙන් හඩ නැගීම නිසා තලේබාන් සංවිධාන තුවක්කුකරුවෙකුගේ වෙඩි පහරකට ලක්ව බරපතළ තුවාළ ලැබූ 14 හැවිරිදි මලාලා යුසාෆ්සා වැඩිදුර ප්‍රතිකාර සදහා එංගලන්තය බලා පිටත් කළ බව පාකිස්තාන ආරංචි මාර්ග සදහන් කරයි. මලාලා පාසල නිමවී නිවස බලා පැමිණෙමින් සිටි බස් රථයට ගොඩ වැදුණු තුවක්කුකරුවෙකුගේ වෙඩි පහරට ලක්වූයේ ඉකුත් 9 වැනිදාය. හිසට සිදුවූ බරපතල තුවාල නිසා අවිනිශ්චිත තත්ත්වයක සිටි ඇයගේ හිසෙන් උණ්ඩයක් ඉවත් කිරීමෙන් ඇයගේ තත්ත්වය යහපත් අතට හැරවීමට පාකිස්තාන වෛද්‍යවරුන්ට හැකි විය. එසේ වුවත් පූර්ණ ලෙස කායික හා මානසික සුවය ලැබීමට අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමට ඇය මෙසේ එංගලන්තය බලා පිටත් කිරීමට පාකිස්තාන බලධාරීන් පියවර ගෙන තිබේ. මලාලාට පූර්ණ ලෙස සුවය ලබා ගැනීමට විධිමත් ප්‍රතිකාර මාලාවකින් පසුව හැකි වෙතියි එංගලන්තයේ වෛද්‍යවරු කියති. (කෝවිගු)
1
රාජ්‍ය සේවය කළශඹන ඉහළ පුටු සෙලවීම
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සින්තියා.. ඔබගේ ඇත්ත දැකීම අපිත් අගයනවා.. මේ වෙලාවට කවුරුවත් නැහැ.. පව් අසරණ ළමයා..!(නු)
සුබ පැතුම් !!!!!!!! (ස)
ඇත්තටම දැරියට යහපත් නිරෝගී සුවය ලැබේවායි පතමු. (නි)
ඔබට ඉක්මන් නිරෝගි සූවය ලැබේවා! (නි)
කමෝන් ඉස්ලාම් කමෝන්! කෝ මේ අර මොහොමඩ්ගෙ ෆිල්ම් එකට බෝඩ් අල්ලන් බොරු පාට් දාපු ඉමාම්ලා ටිකයි ගෝලයො රොත්තයි? මේ ඉස්ලාම් තුළ කාන්තා නිදහසේ සැබෑ තත්ත්වයයි! සහෝදරයා ඔබේ බෝඩ් මේ වාගේ දේවල් වලට අල්ලන්න. ඇෆ්ගන් එම්බසියක් හොයන් යන්න! එහෙම නොකිරීමෙන්ම පේනවානේ එයාලා මේවාත් අනුමත කරනවා කියලා? (නි)
අධ්‍යාපනය දෙනු මැන අපි ගෑණු ලමුන් මේ දරු මලාලා ඔසවයි සැම දුබලුන් වෙඩි උණ්ඩයත් පරදියි ඇගෙ බල බිඳුමෙන් සුවපත් වේව ඔබ අදහන දෙවිඳු බලෙන් (නි)
සින්තියාගේ කියමන හරි..!(නු)
තලේබාන්ලට ගොඩක් මුස්ලිම්වරුන් විරුද්ධයි.. එයාගේ අයියා වන කෙනෙක් ඉගෙන ගන්නේ අප සමග විදෙස් විශ්ව විද්‍යාලයකයි.. සබා මුස්ලිම්වරුන් කාන්තා අධ්‍යාපනයට කැමතියි... සින්තියාගේ කියමන හරි..!(නු)
පව් අහිංසක දැරිය..!(නු)