නබි නායකතුමාටත්, ඉස්ලාම් දහමටත් නිගරු වන අන්දමේ චිත‍්‍රපටය නිර්මාණය කළ ඇමෙරිකානු ජාතිකයා මරා දමන අයකුට ඇමෙරිකන් ඩොලර් ලක්ෂයක මුදල් ත්‍යාගයක් පිරිනැමීමට සූදානම් යැයි ප‍්‍රකාශ කළ පාකිස්තාන දුම්රිය කටයුතු පිළිබඳ ඇමැති ගුලාම් අහ්මඞ් තම ඝාතන ලැයිස්තුවෙන් ඉවත් කළ බව තලේබාන් සංවිධානය ඊයේ (27) ප‍්‍රකාශ කළේය. ‘ඉනසන්ස් ඔෆ් මුස්ලිම්ස්’ නමැති එම චිත‍්‍රපටය නිර්මාණය කළ ඇමෙරිකානුවා මරා දැමිය යුතු බවත්, ඔහු මරා දැමීමට තලේබාන් සහ අල්කයිඩා මුස්ලිම් සොහොයුරන් යුහුසුළුව කටයුතු කළ යුතු බවත් පාකිස්තාන දුම්රිය ඇමැතිවරයා කියා සිටියේ පසුගිය 22 වැනිදා ඉස්ලාමාබාද් නුවරදී මාධ්‍ය හමුවක් පැවැත්වූ අවස්ථාවේදීය. පාකිස්තාන ජනපති, අගමැති ඇතුළු මැති ඇමැතිවරු රැසක් තලේබාන් සටන්කාමීන්ගේ ඝාතන ලයිස්තුවේ සිටිති. ”ඇමැති ගුලාම් අහ්මඞ් කළ ප‍්‍රකාශය හේතුවෙන් අප ඔහුට සමාව දෙනවා. අපේ ඝාතන ලැයිස්තුවෙන් ඔහුගේ නම ඉවත් කිරීමට අප තීරණය කළා” යැයි තලේබාන් සංවිධානය වෙනුවෙන් එහි ප‍්‍රකාශක එන්සනුල්ලා එන්ශාන් පැවැසීය.
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
809
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
593
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පාකිස්තාන දුම්රිය ඇමැති තලේබාන් ඝාතන ලැයිස්තුවෙන් ඉවතට
වරුණ Friday, 28 September 2012 12:55 PM
කෝකත් වෙන්නේ හොදටයි කියනවනේ. (නි)