(ඒ.එෆ්.පී.* පාකිස්තාන ජනාධිපති අසීෆ් අලී සර්දාරිට එරෙහි මූල්‍ය වංචා පිළිබඳ නඩු විභාග ආරම්භ කරන්නැයි ස්විට්සර්ලන්ත රජයට දැනුම් දෙන ලෙස එරට ශ්‍රේෂ්ඨාධිකරණය පෙරේදා (27) නව අගමැති රාජා පර්වේස් අෂ්රාෆ්ට නියෝග කළේය. ඒ සඳහා සති දෙකක කාලයක් ලබා දෙන බව ද අධිකරණය අගමැතිවරයාට දැනුම් දී ඇත. පර්වේස් පාකිස්තානයේ අගමැති ධුරයට පත් වූයේ එම ධුරයේ කටයුතු කළ යූසොෆ් රාසා ගිලානී අගමැති ධුරයෙන් ඉවත් වීමත් සමඟය. ගිලානිට ධුරය අහිමි වූයේ ඔහු එම ධුරයට නුදුසුදු යැයි එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කිරීම නිසාය. ඊට හේතු වූයේ පාකිස්තාන ජනපති අසීෆ් අලී සර්දාරිට එරෙහිව ඇති දුෂණ නඩු විභාග යළි ආරම්භ කරන ලෙස ස්විට්සර්ලන්ත රජයට දැනුම් දෙන්නැයි පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගය පැහැර හැරීමෙන් ගිලානි අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වීමය. අගමැති ධුරයේ වැඩ බාර ගත් අෂ්රාෆ්ගේ ප‍්‍රමුඛ කාර්යය විය යුත්තේ ජනපති සර්දාරිට එරෙහිව නඩු විභාග ආරම්භ කරන ලෙස ස්විට්සර්ලන්ත රජයට දැනුම් දීමය. එසේ නොකළහොත් ඔහුට එරෙහිව ද නීති මගින් කටයුතු කෙරෙනු ඇතැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
2025 දෙසැම්බර් මස 18
147
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාකිස්තාන ජනපතිට එරෙහි ස්විට්සර්ලන්ත නඩුව වහා අරඹන්නැයි නව අගමැතිට උසාවි නියෝග