IMG-LOGO

2025 ජුලි මස 24 වන බ්‍රහස්පතින්දා


පාකිස්තාන ජනපති සර්දාරි ඉන්දියාවේ එක්දින සංචාරයක

පාකිස්තාන ජනාධිපති අසීෆ් අලී සර්දාරී, දැඩි රැකවල් මැද පෞද්ගලික සංචාරයක් සඳහා ඊයේ (8) ඉන්දියාවට පැමිණි අතර, නවදිල්ලි අගනුවරදී අගමැති මන්මෝහන් සිං හමුවී දිවා භෝජන සංග‍්‍රහයකට ද එක් වූයේය. පාකිස්තාන ජනාධිපති සර්දාරී, ඉන්දියාවට පැමිණියේ නවදිල්ලියට නිරිතදිගින් පිහිටි මුස්ලිම් දේවස්ථානයක් වන්දනාමාන කිරීමේ අරමුණින්ය. 2005 වසරෙන් පසු පාකිස්තාන ජනපතිවරයකු ඉන්දියාවට පැමිණි ප‍්‍රථම අවස්ථාව මෙයයි. එක් දින සංචාරයකට ජනාධිපති සර්දාරී ඉන්දියාවට පැමිණෙන බව ඉකුත් සතියේ දැනුම් දීමත් සමඟ ඔහු සාදරයෙන් පිළිගැනීමට පමණක් නොව දිවා භෝජන සංග‍්‍රහයකට ආරාධනා කිරීමට ද ඉන්දීය අගමැති මන්මෝහන් සිං තීරණය කළේය. පාකිස්තාන ජනපතිවරයා ඉන්දීය අගමැති සිං හමුවූයේ ඒ අනුවය. රාජ්‍ය නායකයන්ගේ එම කෙටි හමුව දෙරටටම ඉතා වැදගත් බවත් ඉන්දු/පාකිස්තාන සබඳතා ශක්තිමත් කරගැනීමට එය හේතු වනු ඇති බවත් දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. මෙය පාකිස්තාන ජනපතිගේ පෞද්ගලික සංචාරයක් මෙන්ම ආගමීක සංචාරයක් බවත් රාජ්‍යතාන්ති‍්‍රක කටයුතු ගැන සාකච්ඡුා පැවැත්වීමට කාලවේලාවක් ලැබුණේද යන්න සැක සහිත යැයි  ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබිණි. මේ වසර අගදී පාකිස්තානයේ සංචාරයක් සඳහා පැමීණීමට පාකිස්තාන ජනාධිපතිවරයා ඉන්දීය ජනාධිපතිවරයාට, මෙම සංචාරය අතරතුර ඇරියුම් කරනු ඇතැයි එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය. ඉන්දීය සංචාරය සඳහා පාකිස්තාන ජනාධිපතිවරයාගේ පුත‍්‍රයා, එරට අභ්‍යන්තර කටයුතු ඇමැති රෙහ්මාන් මලික් ඇතුළු නියෝජිත පිරිසක් පැමිණි බව වාර්තා වේ. ඉකුත් වසරේ, පාකිස්තාන අගමැති යූසුෆ් රාසා ගිලානී ඉන්දියාවට පැමිණියේය. ඒ, ලෝක කුසලාන කි‍්‍රකට් තරගය නැරැඹීමටය. එම අවස්ථාවේදී ද ඉන්දු/පාකිස්තාන සබඳතා තර කර ගැනීමේ අරමුණින් අගමැති ගිලානී, ඉන්දීය අගමැති සිං හමුවී සාකච්ඡුා පැවැත්වීය. එම හමුව ඵලදායී වුවත් 2008 වසරේදී ඉන්දු/පාකිස්තාන සබඳතා මුළුමනින්ම අඩපණ විය. ඒ, පාකිස්තානයේ කි‍්‍රයාත්මක ලෂ්කාර් ඊ තයිබා ඉස්ලාමීය සටන්කාමීන් මුම්බායි නගරයට ප‍්‍රහාරයක් එල්ල කිරීමෙන් පසුවය. මුම්බායි ප‍්‍රහාරයෙන් විදේශිකයන් ද ඇතුළුව 166 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම ප‍්‍රහාරයෙන් පසු පාකිස්තාන ජනපති සහ අගමැති, ඉන්දීය අගමැති සිං හමුවූයේ විදෙස් රටවලදී ඉන්දියාවත් පාකිස්තානයත් සහභාගී වූ උත්සව සහ සමුළු අතර මැදදීය. දෙරට අතර ඇති ‘විරසකය’ අවසන් කිරීමටත්, ද්වීපාර්ශවික සබඳතා තර කර ගැනීමටත් එම අවස්ථාවලදී සාකච්ඡුා පැවැත්වුණු නමුත් ඒවා ඵලදායී නොවිණි. පාකිස්තානු ජනපති අසිෆ් අලි සර්දාරි ඊයේ නවදිල්ලි නුවරදී ඉන්දීය අගමැති මන්මෝහන් සිං හමුවූ අවස්ථාව



අදහස් (0)

පාකිස්තාන ජනපති සර්දාරි ඉන්දියාවේ එක්දින සංචාරයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 97 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 19 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 676 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site