IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


පාකිස්තාන අත්අඩංගුවේ සිටි තලේබාන් සිරකරුවන්ට නිදහස

ඇෆ්ගන් රජයත් එරට සාම මණ්ඩලයත් කළ ඉල්ලීමක් සැළකිල්ලට ගනිමින්, තම අත්අඩංගුවේ සිටින තලේබාන් සිරකරුවන් සිවු දෙනකු නිදහස් කිරීමට තීරණය කළ බව පාකිස්තානය ඊයේ (1) නිවේදනය කළේය.
ඇෆ්ගන් රජය විසින් පත් කරනු ලැබ සිටින එම සාම මණ්ඩලය උත්සහ ගන්නේ, තලේබාන් සංවිධානය සමඟ සාම මාවතකට පිවිස, පවතින අර්බුදයට දේශපාලන විසඳුම් සෙවීමටය.
ඒ සඳහා සාම මාවතක් සකස් කිරීමට නම්, තලේබාන් සංවිධානයේ ද හොඳ හිත දිනා ගත යුතු බව ඇෆ්ගන් සාම මණ්ඩලයේ විශ්වාසය වී ඇත.
ඒ අනුව මීට පෙර අවස්ථා කිහිපයකදී ද ඇෆ්ගන් රජය පාකිස්තාන රජයෙන් ඉල්ලා සිටියේ ඔවුන්ගේ අත්අඩංගුවේ සිටින ඇෆ්ගන් තලේබාන් සටන්කාමීන් නිදහස් කරන ලෙසටය. එම ඉල්ලීම්වලට ද පාකිස්තාන රජයේ යහපත් ප‍්‍රතිචාර හිමිවිය.
ඊයේ (1) නිදහස ලැබූ සිරකරුවන් සිව් දෙනා අතර තලේබාන් සංවිධානයේ දෙවැනි නායක මුල්ලා අබ්දුල් ඝානී බරාඩාර්ගේ දෙවැනියා ලෙස සැළකෙන මුල්ලා නූර්දීන් ටුරාබි ද සිටී. ටුරාබි හිටපු අධිකරණ ඇමැතිවරයෙකි. මුල්ලා අබ්දුල් ඝානී ද පාකිස්තාන ආරක්ෂක අංශ අත්අඩංගුවේ සිටී. ඔහු නිදහස් කරන බව පාකිස්තාන රජය පවසා නැත.
සිරකරුවන් නිදහස් කර ගැනීම පමණක් නොව, තලේබාන් සංවිධානයට පනවා ඇති සම්බාධක ලිහිල් කිරීම් කෙරෙහි ද ඇෆ්ගන් ජනපති හමිඞ් කර්සායිගේ අවදානය යොමු වී ඇත. ඇෆ්ගන් සාම මණ්ඩලය පිහිටුවීමට මූලිකත්වය ගෙන කටයුතු කළේ ජනපති කර්සායිය.
2014 වසරේ දී, ඇමෙරිකාව ප‍්‍රමුඛ නේටෝ හමුදා ඇෆ්ගන් සංග‍්‍රාමය අවසන් කර, එරටින් පිටව යද්දී තලේබාන්වරුන් සමඟ තිරසාර සාම වැඩසටහනක් ආරම්භ කිරීම එම සාම මණ්ඩලයේ අරමුණ වී ඇත.



අදහස් (0)

පාකිස්තාන අත්අඩංගුවේ සිටි තලේබාන් සිරකරුවන්ට නිදහස

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 49 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 842 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 609 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site