
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි රැගත් විශේෂ ගුවන් යානය ටෙල් අවීව් නුවර බෙන් ගුරියන් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණි අවස්ථාවේදී, ඔහු පිළිගැනීමට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ගුවන්තොටුපාළට ගොස් සිටියේ බිරිඳ සාරා ද සමඟය.
ඉන්දිය අග්‍රාමාත්‍යවරයා මහත් හරසරින් පිළිගැනීමට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ බිරිඳ කටයුතු කළහ. ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා මෝදි පිළිගත්තේ ඔහු වැලඳ ගනිමිනි.
ඊශ්‍රායලය බලා පැමිණෙද්දී අග්‍රාමාත්‍ය මෝදි සැරසී සිටියේ, සාම්ප්‍රදායික කුර්තාවකින් සහ සුදු පැහැති දුරිදාර් කලිසමකිනි.
ඊට අමතරව, ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අළු පැහැති ගත්තම් කළ අත් රහිත කබායක් පැලද සිටි අතර, එහි සාක්කුවේ, රන්වන් තැඹිලි පැහැති සාක්කු ලේන්සුවක් විය. මෝදි පිළිගැනීමට පැමිණ සිටි නෙදන්යාහුගේ බිරිඳ සාරා නෙදන්යාහු ද සැරැසී සිටියේ රන්වන් තැඹිලි පැහැති ඇඳුමකිනි.
බිරිඳගේ ඇඳුමේ පැහැයත්, මෝදිගේ සාක්කු ලේන්සුවේ පැහැයත් සමාන බව ඊශ්‍රායලය අග්‍රාමාත්‍ය නෙදන්යාහුට පෙනුණි. ‘ඔබේ ලේන්සුවේ පාට මගේ බිරිඳගේ ඇඳුමේ පාටට සමානයි’ යැයි අග්‍රාමාත්‍ය නෙදන්යාහු, ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි පැවැසූ අතර එම සිදුවීම ද මාධ්‍ය අවධානය දිනා ගත්තේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරකම්කරපුව එහෙම නෙවෙයිනේ, අර බෙල්ලේ ඔතාගෙන ඉන්න ඒව වගේ?