
ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ මාධ්‍ය ආයතන නියෝජනය කරන මාධ්‍යවේදීන් සහ මාධ්‍ය වෘත්තිකයන් සඳහා විශේෂ පුහුණු වැඩසටහනක් ඉන්දියාවේ තෙලගනා ප්‍රාන්තයේ හයිද්‍රාබාද් නුවර MCR මානව සම්පත් සංවර්ධන අධ්‍යයන අංශයේ දී පැවැත්විණි.
සාමාජිකයන් 30 දෙනකු බැගින් මාධ්‍යවේදීන් සහ මාධ්‍ය වෘත්තිකයන් කණ්ඩායම් දෙකක් එම පුහුණු වැඩසටහන් සඳහා සහභාගී විය.
පළමු කණ්ඩායම ජනවාරි 26 සිට 31 දක්වාත්, දෙවන කණ්ඩායම පෙබරවාරි 16 සිට 21 දක්වාත් ඊට සම්බන්ධ විය.
පුහුණු වැඩසටහනේ මූලික අවධානය යොමු වූයේ, දිනෙන් දින වේගයෙන් වෙනස් වන ගෝලීය මාධ්‍ය ක්ෂේත්රය තුළ මුද්‍රිත, විද්‍යුත්, ඩිජිටල් සහ සමාජ මාධ්‍ය යන අංශයන්හි මාධ්‍යවේදීන්ගේ වෘත්තීය නිපුණතා වර්ධනය කිරීම සඳහාය.
ඉන්දීය රජය විසින් සංවිධානය කරන ලද මෙම පුහුණු වැඩසටහන හරහා නවීන මාධ්‍ය තාක්ෂණය, යහපාලන සන්නිවේදනය සහ මාධ්‍ය සදාචාරය පිළිබඳවත්, මාධ්‍යකරණය සහ ඒ.අයි. තාක්ෂණය පිළිබඳවත් මාධ්‍යවේදීන් සහ මාධ්‍ය වෘත්තිකයන් දැනුවත් කෙරුණි.

න්‍යායාත්මක දැනුමට අමතරව, මාධ්‍යවේදීන්ට ප්‍රායෝගික අත්දැකීම් ලබා දීම සඳහා ක්ෂේත්‍ර චාරිකා සංවිධානය කර තිබුණි.
ඓතිහාසික චාර්මිනාර් ඉස්ලාමීය ස්මාරකය, හයිද්‍රාබාද් නුවර ඉන්දියාවේ ප්‍රමුඛතම නව නිපැයුම් කේන්ද්‍රස්ථානය ලෙස සැලකෙන T-Hub සහ බෞද්ධ උරුම නැරඹීමට පුහුණු වැඩසටහනට සහභාගී වූවන්ට අවස්ථාව ලැබුණි.
මෙම පුහුණු වැඩසටහනට අඩිතාලම වැටුණේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා, පසුගිය 2025 අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාවේ කළ සංචාරයයි.
එහිදී ඇති කරගත් එකඟතාවකට අනුව, ශ්‍රී ලාංකික වෘත්තිකයන් සඳහා වාර්ෂිකව පුහුණු අවස්ථා 700ක් වෙන් කෙරුණි. වසරකට ශ්‍රී ලාංකිකයන් 1,000කට ඉන්දියාවේදී පුහුණුව ලැබීමේ අවස්ථාව ලබා දීමට අග්‍රාමාත්‍ය මෝදි එකඟ විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැබැයි අපිට අවශ්‍ය විදියට ලියන්න හරියැ...