නළ දරු උපත් ක‍්‍රමය ලොවට හඳුන්වා දෙමින් වෛද්‍ය විද්‍යාවේ නිම්වළලූ පුළුල් කළ නොබෙල් ත්‍යාගලාභී ශී‍්‍රමත් රොබට් එඞ්වර්ඞ්ස් ඊයේ (11) මෙලොවින් සමුගත්තේය. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 87 කි.
මියයන තෙක්ම එඞ්වර්ඞ්ස් කේම්බි‍්‍රජ් විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයකු ලෙස ඔහු රාජකාරි කළේය.
නළ දරු උපත් සම්බන්ධයෙන් එඞ්වර්ඞ්ස් පර්යේෂණ කළේ තවත් වෛද්‍ය වරයකු ද සමඟය. ඔහු පැට්රික් ස්ටෙප්ටෝය.
වෛද්‍ය විද්‍යාවට හිමි නොබෙල් ත්‍යාගය මොවුන් දෙදෙනා අතරේ සම සමව බෙදී ගියේ 1978 වසරේදීය.
මේ වනවිට නළ දරුවන් ලෙස ලොවට බිහි වූ දරු දැරියන් ගණන මිලියන 5 ඉක්මවන ද වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිසුන් ලොවට විශිෂ්ටයන් වන්නේ ඔවුන් ලොවට දායාද කරන දේ තුලිනි. මොහු නිසා දෙමුපියන් කොතරම් ප්‍රමාණයක් හදවතින්ම ප්‍රීතිවන්න සිනහවන්න ඇත්ද? එවැනි සහෘර්දයක් මියගියත් සදා අමරණීයයි (නි)
ශ්‍රේෂ්ට බුද්ධිමතෙක්. නමුත් කිසිවෙකුට මරණින් ගැළවිය නොහැක. (නි)
ලාල් ජකර්තා, මමත් බෞද්ධ. නමුත් තර්කයක් කරද්දී හරියට කරන්න.මෙයින් මැවුම් වැඩේ බොරු වෙන්නේ නැහැ. මැවුම් වැඩේ ඇත්ත වෙන්නෙත් නැහැ. අනික මේ වෙලාවේ තියෙන ප්‍රශ්නේ ඕකද? ඇයි මේ ආගම්වාදේ? (නි)
මෙතුමාට නොබෙල් ත්‍යාගය ප්‍රධානය කිරීමට ප්‍රමාද වුණාලු නේද? (නි)
මිනිසාව මැවුවා යයි කීයන, මනඃකල්පිත දෙවියාට අභීයොගයක් කළ දැවැන්තයෙක්. බුද්ධිමතානනි, ඔබතුමාගේ නාමය අමරණියයි. නිවන් සුව පතමි…! (නි)
ඔබට නිවන් සුව ලැබේවා! (නි)
ඔබේ නම ලෝකය පවතින තුරු පවතිනවා. මොක් සුව පතමු.(නදී)
මහා ප්‍රඥයා නුබට නිවන් සුව. (නදී)
ලාල්, ජාකර්තා නල දරු උපත් මගින් සිදු කරන්නේ ජීවය තියෙන සුක්රානුව සහ ඩිම්බය එකතුකිරීමි, මිනිසා මැවීම බොරුවෙන්නේ නැහැ, මැවීම කියල කියන්නේ මොකුත්ම නැති දේකින් යමක් සෑදීස. මේ දරු උපත් සදහා ජීවය තියෙන සුක්‍රානු සහ ඩිම්බ යොදාගන්නවා.(නදී)
ලංකාවේ ගොඩක් අය නල දරුවෝ වගේ රට,ජාතිය, ආගමට, ගරහනවා... (නි)