දෙරටේ හොඳහිත ගොඩ නැගෙන ලකුණු
|
නාවික භටයෝ දෙදෙනා: මැසිමිලානෝ ලැටොර් සහ සැල්වටෝර් ගිලෝර් |
ඉන්දීය ධීවරයන්ට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ තම නාවික භටයන් දෙදෙනා යළි ඉන්දියාවට බාර දීමට ඉතාලි රජය ඊයේ (22) තීරණය කළේය.
ඉතාලි රජය ගත් එම තීරණය ඉතා ප‍්‍රශංසනීය බවත් එය දෙරටේ රාජ්‍යතාන්ති‍්‍රක සබඳතා සහ අනෝන්‍ය විශ්වාසය තහවුරු කිරීමට හේතු වූ බවත් ඉන්දීය රජය කියා සිටී.
එම නාවික භටයන් දෙදෙනා මුල්කොට ගනිමින්, ඉන්දු - ඉතාලි රාජ්‍යතාන්ති‍්‍රක අර්බුදයක් හටගත්තේ ඉකුත් වසරේ දීය. ඒ, ඉතාලි තෙල් නැවක ආරක්ෂාවට සිටි එම නාවික භටයන් දෙදෙනා සෝමාලියානු මූදු කොල්ලකරුවන් යැයි වරදවා වටහාගෙන දකුණු ඉන්දියාවේ කේරළයේ ධීවරයන් පිරිසකට වෙඩි තැබීමෙනි. වෙඩි තැබීමෙන් ධීවරයෝ දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.
ඉතාලි තෙල් නැව සහ නාවික භටයන් දෙදෙනා ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන් හරහා ආරක්ෂක අංශ අත්අඩංගුවට පත් විය. එම සිදුවීම සම්බන්ධයෙන් නඩු විභාගයක් ද ඇරැඹුණි.
පසුගිය වසර අවසානයේ ඉන්දියාවේ ඉතාලි තානාපති ඩැනියෙල් මැන්සේනීගේ මැදිහත් වීමෙන් මැසිමිලානෝ ලැටොර් සහ සැල්වටෝර් ගිලෝර් නමැති එම නාවික භටයන් දෙදෙනාට මාසයක කාලයකට පමණක් යළි ඉතාලියට යෑමට අවසරයක් හිමි විය. ඒ, ඉතාලි මැතිවරණයේදී ඡුන්දය ප‍්‍රකාශ කිරීම සඳහාය.
එම නාවික භටයන් දෙදෙනා ඉතාලියට ගියත් ඔවුහු ආපසු ඉන්දියාවට ඒම ප‍්‍රතික්ෂේප කළහ. ඉතාලි රජය පසුගියදා ඔවුන්ගේ ඉන්දීය තානාපති හරහා ඉන්දියානු රජයට දැනුම් දුන්නේ එම දෙදෙනා යළි ඉන්දියාවට නොපැමිණෙන බවය.
එයින් කෝපයට පත් ඉන්දීය රජය ඉතාලි තානාපති මැන්සේනී කැඳවා ඔහුට තම විරෝධය පළ කර සිටියා පමණක් නොව, නොතීසි නිකුත් කරමින් ඔහුට රටින් බැහැරවීම ද තහනම් කළේය. මීළඟ නඩු දිනයට ඔහුට අධිකරණය හමුවේ පෙනී සිටීමට ද නියෝග කෙරුණි. ඉතාලි තානාපති බලෙන් ඉන්දියාවේ රඳවා ගැනීමට ඉන්දීය රජයට නීතිමය බලතල නැතැයි එම අවස්ථාවේදී එරට ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දුන්නේය.
එම අවස්ථාවේ ඉන්දීය රජය වෙනුවෙන් විදේශ කටයුතු ඇමැති සල්මන් කුර්ෂිඞ් කියා සිටියේ ඉතාලි රජය සමඟ සහයෝගීව කටයුතු කර එය නිරාකරණය කර ගන්නා බවය.
එම සිදුවීම සම්බන්ධයෙන් ඉන්දීය රජය කටයුතු කළ ආකාරය දැඩි ලෙස විවේචනය කරමින් ඊට ප‍්‍රබල විරෝධයක් එල්ල කළේ ප‍්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන භාරතීය ජනතා පක්ෂයයි.
භරතීය ජනතා පක්ෂයේ රජිව් ප‍්‍රතාප් රූඞී පැවැසුවේ ඉතාලි රජය ඉන්දියාවට බොරු කළ බවත්, නාවික භටයන් දෙදෙනා ආපසු නො එවීම හරහා ඔවුන් ඔවුන්ගේ විශ්වාසය බිඳ දැමූ බවත්ය.
ඉන්දියා රජය එම අවස්ථාවේදී ඉතාලි රජයට කියා සිටියේ ඉතාලි නාවික භටයන් යළි ඉන්දියාවට බාර නොදුනහොත්, දෙරටේ රාජ්‍යතාන්ති‍්‍රක සබඳතා නවත්වන බවත්, එම නාවික භටයන් දෙදෙනා සම්බන්ධයෙන් අන්තර් ජාතික අපරාධ අධිකරණයට පැමිණිලි කිරීමට සූදානම් වන බවත්ය.
අනපේක්ෂිත ලෙස හටගත් ඉන්දුxඉතාලි අර්බුදය සම්බන්ධයෙන් පාලක කොංග‍්‍රස් පක්ෂ නායිකාවට ද චෝදනා එල්ල වන්නට විය. චාරිත‍්‍රවාරිත‍්‍ර අතින් පමණක් නොව ඇඳුමින් පැලඳුමින් පවා ඉන්දියානු කාන්තාවක වුවත්, ඉන්දියාවේ හිටපු අගමැති රජිව් ගාන්ධිගේ බිරිය මෙන්ම ඉන්දියාවේ මීළඟ අගමැති යැයි එරට දේශපාලනඥයන් විසින් හඳුන්වා දෙන රාහුල් ගාන්ධිගේ ද මව වන සෝනියා උපතින් ඉතාලි ජාතික කාන්තාවකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ හාමුදුරුවන්ට ගහපු අය එල්ලන්න අපිට බැරිද? (නදී)
අපේ අයට තමිල් නාඩුවෙදි ගහන කට්ටියව ලංකාවට ගෙන්න ගන්න අපිට බැරිද?(නදී)
ඉන්දියාවට මොකද මේ දවස් වල වෙලා තියෙන්නේ (දී)
ඉන්දීය ආණ්ඩු නායිකාව ඉතාලි නිසා ජාතියට පොඩි අවස්තාවක් දෙන්න ඇති ගම රට දැක බලාගෙන එන්න (ස)