වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පාස්කු ඉරිදා දේව මෙහෙය පවත්වමින් පළමු වැනි ෆ‍්‍රැන්සිස් පාප්තුමා පෙරේදා (31) කියා සිටියේ ලෝක සාමය වෙනුවෙන් ලෝකවාසී සැවොම එකමුතු වියයුතු බවය.
එම දේව මෙහෙයට කතෝලික බැතිමතුන් ලක්ෂ දෙකකට වැඩි පිරිසක් සහභාගී වූ බව මාධ්‍ය වාර්තා කියයි.
මැද පෙරදිග රටවල පවතින අර්බුදය, උතුරු කොරියාව නිසා කොරියානු අර්ධද්වීපයේ හටගෙන ඇති නොසන්සුන්තාව හේතුවෙන් පීඩාවට පත් වූවන් වෙනුවෙන් යාඥා කිරීමට ද පාප්තුමෝ අමතක නොකළහ.
පළමු ෆ‍්‍රැන්සිස් යන පෙළපත් නාමය භාවිත කරමින් පාප් පදවියට පත් වූයේ ආජන්ටිනාවේ බුවනෝස් අයර්ස් නුවර අගරදගුරුව සිටි මාරියෝ ජෝර්ජ් බර්ගොග්ලියෝය. බුවනෝස් අයර්ස් අගරදගුරු ලෙස කටයුතු කරද්දී පවා එතුමෝ අසරණයන් වෙනුවෙන් කැප වී සිටියහ.
දුප්පතුන් වෙනුවෙන් කැපැවී කටයුතු කරන එතුමන් චාම් දිවිපෙවෙතක් ගත කරන්නකු ලෙස ප‍්‍රකටය.
|
ශාන්ත පීතර චතුරශ‍්‍රයට රැස්වූ බැතිමතුන්ට ආශිර්වාද කරමින්... |
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහර වෙලාවට සාමය ඇතිකරන්න යුද්ධයත් අවශ්‍ය වෙනවා (නි)
ඒකටත් එක්ක අපේ අය? අරෙහේ ගල් ගහගන්නවා. (නි)
දන්න කාලයේ ඉදලා ලෝක සාමය ඇතිවෙන්න කියලා දේව මෙහෙයවල් තිබ්බා. නමුත් සාමයක් උදාවෙන්නෙම නැහැනේ.(නදී)