ශුද්ධෝත්තම 16 වැනි බෙනඩික් පාප්තුමන්ගේ විශ‍්‍රාම යෑමෙන් පසු එම පදවියට සුදුස්සකු තෝරා ගැනීමේ ඡන්ද විමසුම අද (12) රෝමයේ වතිකානුවේදී පැවැත්වීමට නියමිතය.
ලොව පුරා විසිරී සිටින කාදිනල්තුමන්ලා 115 දෙනා වතිකානුවට රැස්ව ඡන්දය ප‍්‍රකාශ කිරීමෙන් නව පාප්තුමෝ පත් කර ගැනෙති. මේ සඳහා දින දෙක තුනක් ගත වනු ඇත. 
පාප් පදවියට සුදුසුකම් ලබන්නෝ කාදිනල් හිමිවරුය. කාඩිනල් හිමිවරු පාප්තුමකු තෝරා ගැනීමට වතිකානුවට රැස්වී, අභ්‍යන්තර ඡන්ද විමසුමක් පවත්වා නව පාප්තුමා තෝරා ගනිති.
 පාප් වහන්සේ කෙනකු තෝරා ගත්තේ ද නැද්ද යන්න වතිකානුව ලෝකයාට සංඥා කරන්නේ සිස්ටන් දෙව් මැඳුරේ දුම් කවුළුවෙන් නිකුත් වන දුමේ පැහැය මගිකි.
කාඩිනල් පියතුමන්ලා පාප් වහන්සේ පදවියට කෙනෙකු තෝරා ගත්තේ නම් ඒ බව ලෝකයාට දන්වන්නේ සුදු පැහැති දුමක් පිට කිරීමෙනි. තීරණයකට එළැඹී නැතිනම් මෙන්ම පාප් තුමකු ස්වර්ගස්ථ අවස්ථාවකදී නිකුත් කෙරෙන්නේ කළු පැහැ දුමකි.