IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


න්‍යෂ්ටික වැඩසටහන ගැන ඉරානය දැනුම්වත් කර නෑ

ඉරාන න්‍යෂ්ටික වැඩසටහන මතභේදයකට ලක්ව ඇත්තේ, එය කි‍්‍රයාත්මක විය යුත්තේ කෙසේද යන්න ගැන ලෝක ප‍්‍රජාව කල් තියා ඉරානය දැනුම්වත් නොකිරීම නිසා යැයි ඊශ‍්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහූ චෝදනා කරයි. ඊශ‍්‍රායල අගමැතිවරයා මේ බව කියා සිටියේ පෙරේදා (2) පැවැති කැබිනට් හමුවකට එක්වෙමිනි. අගමැති නෙදන්යාහු ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් අදහස් දක්වා සිටියේ එක්සත් ජාතීන්ගේ පරමාණු ශක්ති අධිකාරිය නව වාර්තාවක් එළිදැක්වීමට නියමිතව තිබියදීය. ”ඉරාන න්‍යෂ්ටික වැඩසටහන ලොවට තර්ජනයක් වී ඇත්තේ එය විධිමත්ම කි‍්‍රයාත්මක නොවුණු නිසයි. එය කි‍්‍රයාත්මක විය යුත්තේ කුමන අයුරින් ද කුමන සීමා මායිම් යටතේ දැයි ඉරානය දන්නේ නැහැ. ඒ බව ඔවුන්ට අවධාරණය කරන්න ලෝක ප‍්‍රජාවට හැකියාවක් ලැබී නැහැ” යැයි අගමැති නෙදන්යාහූ පෙන්වා දෙයි. ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන ලොවට තර්ජනයක් බවටත් එම වැඩසටහනට මුවා වී, ඉරානය පරමාණු බෝම්බ තනන බවත් ඊශ‍්‍රායලය චෝදනා කරයි. ඊශ‍්‍රායලයේ අදහස වන්නේ ඉරානය මට්ටු කිරීමට නම් පහර දිය යුතුයි කියාය. මේ වනවිටත් එම න්‍යෂ්ටික වැඩසටහනට විරෝධය පළ කරමින් ඇමෙරිකාව, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ යුරෝපා සංගමය ඉරානයට ආර්ථික සහ වෙළෙඳ සම්බාධක පනවා ඇත. මේ අතර ඉරානය පවසා ඇත්තේ කොතරම් විවේචන එල්ල වුණත් සම්බාධක පැනැවූවත් තම න්‍යෂ්ටික වැඩසටහන නැවැත්වීමට තමන්ගේ සූදානමක් නැති බවය. න්‍යෂ්ටික වැඩසටහන යටතේ යුරේනියම් බලගැන්වීමේ කි‍්‍රයාවලිය ද අඛණ්ඩව සිදු කරන බව ඉරානය පවසා ඇත. කෙසේ නමුත් ඉරානය පවසා ඇත්තේ එම යුරේනියම් බලගැන්වීමේ කි‍්‍රයාවලිය අන්තර්ජාතික පරමාණු බලශක්ති ආයතනයේ අධීක්ෂණය යටතේ අඛණ්ඩව සිදු කරන බවය. එක්සත් ජාතීන්ගේ පරමාණු ශක්ති අධිකාරිය ඔවුන්ගේ නවතම වාර්තාව එළිදැක්වීමට සූදානම් වන්නේ එම යුරේනියම් බලගැන්වීමේ කි‍්‍රයාවලිය සම්බන්ධයෙනි.අගමැති නෙදන්යාහු



අදහස් (0)

න්‍යෂ්ටික වැඩසටහන ගැන ඉරානය දැනුම්වත් කර නෑ

මල්කි Tuesday, 04 September 2012 07:15 PM

ඊශ්‍රායලයේ අයට හොද බලයක් සහ සැළසුමක් තිබෙනවා. (නි)

:       0       0

සිල්වා Tuesday, 04 September 2012 01:16 PM

මේ අය තමයි ලෝකයට අධි මානසිකත්වය ඇති කරන්නේ...ඇමරිකන් හයිය පෙන්වන්න බලන් ඇත්තේ...(ස)

:       0       0

රම්සි Tuesday, 04 September 2012 01:40 PM

හැමෝම කතාකරන්නේ ඇමරිකාව සහයට ඉන්න නිසයි....(ස)

:       0       0

රිම්සි Tuesday, 04 September 2012 02:39 PM

ඇමරිකාව උදව් කළේ නැතිනම් ඊශ්‍රායලය ලෝක සිතියමෙත් නැතිව ඇති..!!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site