ඉරාන න්‍යෂ්ටික වැඩසටහන මතභේදයකට ලක්ව ඇත්තේ, එය කි‍්‍රයාත්මක විය යුත්තේ කෙසේද යන්න ගැන ලෝක ප‍්‍රජාව කල් තියා ඉරානය දැනුම්වත් නොකිරීම නිසා යැයි ඊශ‍්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහූ චෝදනා කරයි.
ඊශ‍්‍රායල අගමැතිවරයා මේ බව කියා සිටියේ පෙරේදා (2) පැවැති කැබිනට් හමුවකට එක්වෙමිනි. අගමැති නෙදන්යාහු ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් අදහස් දක්වා සිටියේ එක්සත් ජාතීන්ගේ පරමාණු ශක්ති අධිකාරිය නව වාර්තාවක් එළිදැක්වීමට නියමිතව තිබියදීය.
”ඉරාන න්‍යෂ්ටික වැඩසටහන ලොවට තර්ජනයක් වී ඇත්තේ එය විධිමත්ම කි‍්‍රයාත්මක නොවුණු නිසයි. එය කි‍්‍රයාත්මක විය යුත්තේ කුමන අයුරින් ද කුමන සීමා මායිම් යටතේ දැයි ඉරානය දන්නේ නැහැ. ඒ බව ඔවුන්ට අවධාරණය කරන්න ලෝක ප‍්‍රජාවට හැකියාවක් ලැබී නැහැ” යැයි අගමැති නෙදන්යාහූ පෙන්වා දෙයි.
ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන ලොවට තර්ජනයක් බවටත් එම වැඩසටහනට මුවා වී, ඉරානය පරමාණු බෝම්බ තනන බවත් ඊශ‍්‍රායලය චෝදනා කරයි. ඊශ‍්‍රායලයේ අදහස වන්නේ ඉරානය මට්ටු කිරීමට නම් පහර දිය යුතුයි කියාය.
මේ වනවිටත් එම න්‍යෂ්ටික වැඩසටහනට විරෝධය පළ කරමින් ඇමෙරිකාව, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ යුරෝපා සංගමය ඉරානයට ආර්ථික සහ වෙළෙඳ සම්බාධක පනවා ඇත.
මේ අතර ඉරානය පවසා ඇත්තේ කොතරම් විවේචන එල්ල වුණත් සම්බාධක පැනැවූවත් තම න්‍යෂ්ටික වැඩසටහන නැවැත්වීමට තමන්ගේ සූදානමක් නැති බවය.
න්‍යෂ්ටික වැඩසටහන යටතේ යුරේනියම් බලගැන්වීමේ කි‍්‍රයාවලිය ද අඛණ්ඩව සිදු කරන බව ඉරානය පවසා ඇත. කෙසේ නමුත් ඉරානය පවසා ඇත්තේ එම යුරේනියම් බලගැන්වීමේ කි‍්‍රයාවලිය අන්තර්ජාතික පරමාණු බලශක්ති ආයතනයේ අධීක්ෂණය යටතේ අඛණ්ඩව සිදු කරන බවය.
එක්සත් ජාතීන්ගේ පරමාණු ශක්ති අධිකාරිය ඔවුන්ගේ නවතම වාර්තාව එළිදැක්වීමට සූදානම් වන්නේ එම යුරේනියම් බලගැන්වීමේ කි‍්‍රයාවලිය සම්බන්ධයෙනි.
1
රාජ්‍ය සේවය කළශඹන ඉහළ පුටු සෙලවීම
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊශ්රායලයේ අයට හොද බලයක් සහ සැළසුමක් තිබෙනවා. (නි)
මේ අය තමයි ලෝකයට අධි මානසිකත්වය ඇති කරන්නේ...ඇමරිකන් හයිය පෙන්වන්න බලන් ඇත්තේ...(ස)
හැමෝම කතාකරන්නේ ඇමරිකාව සහයට ඉන්න නිසයි....(ස)
ඇමරිකාව උදව් කළේ නැතිනම් ඊශ්‍රායලය ලෝක සිතියමෙත් නැතිව ඇති..!!(නු)