IMG-LOGO

2025 සැප්තැම්බර් මස 01 වන සඳුදා


නියමුවන් නැති ප්‍රවාහන යානාත් එයි

නියමුවන් නොමැතිව දුරස්ථ පාලකයක් ආධාරයෙන් කි‍්‍රයාකරවිය හැකි මගී ප‍්‍රවාහන ගුවන් යානයක් නිපදවීමට බි‍්‍රතාන්‍ය පර්යේෂකයෝ  පිරිසක් සමත්ව සිටිති.

එහි පළමු පරීක්ෂණ පියාසැරිය සාර්ථකව නිම කිරිමට හැකි වූ බව ඔවුහු  කියති.මෙසේ නියමුවන් රහිත මගී ප‍්‍රවාහන ගුවන් යානාවක් නිපදවා ඇත්තේ ලොව ප‍්‍රථම වතාවට බවද සදහන්වෙයි.

පොළොවේ සිට හැසිරවෙන  මේ ගුවන් යානය මෑත කාලයේදී කතා බහට ලක්වූ නියමුවන් රහිත ප‍්‍රහාරක යානා හෙවත් ඩ්‍රෝන යානාවන්හි කි‍්‍රයාකාරීත්වයට අනුව නිපදවා තිබේ.

වෙනසකට ඇත්තේ මෙහි ප‍්‍රහාර එල්ල කිරීමේ හැකියාව නොමැති වීමයි. සැබෑ ගුවන් යානයක නියමු කුටියේ සිටිනනියමුවාට ගුවන් යානයේ විවිධ පද්ධති වලින් තොරතුරු සැපැයෙනවා සේම මේ ගුවන් යානයත් පොළොවේ සිටින‘‘නියමුවාට‘‘ තොරතුරු සැපැයීම සපයයි.

ඒ ගුවන් යානයේ සවිකර ඇති විශේෂ සංවේදක ආධාරයෙනි..

කෙසේ වෙතත් මෙම නියමුවන් රහිත ගුවන් යානය තවමත් පවතිනුයේ පර්යේෂණ මට්ටමේය.මූලික පියාසර අභ්‍යාස වලින් බැහැර අයහපත් කාළගුණ තත්ත්ව වලදී පියාසර කරවීම්,හදිසි අවස්ථාවකදී

නියමු සහයෙන් තොරව ගුවන්තොටුපළකට ගොඩබැස්වීම්, ආදී අවස්ථාවන් වලදීද කි‍්‍රයාත්මක කළ හැකි වනසේ මෙය වැඩි දියුණු කළ යුතුව ඇති බව පර්යේෂකයන් පිරිස කියයි.පරීක්ෂණ කටයුතු සාර්ථක වුවහොත් ගුවන් ගමන් ඉතිහාසයේ නව පිටුවක් පෙරැුළෙන දිනය වැඩි ඈතක නොවන බව ඔවුහු පවසති.



අදහස් (0)

නියමුවන් නැති ප්‍රවාහන යානාත් එයි

රාණි Sunday, 19 May 2013 01:37 PM

ලංකාවේ කුහක මිනිසුන් මෙය දකිනවිට පුරාජේරුකාර කතාවක් හරහා මෙය මෙසේ පහත් කරනවා ඇත." ඕවා සුද්දන්ට කලින් රාවණට තිබුනා" (නි)

:       0       0

රංජනී Sunday, 19 May 2013 03:00 PM

ඒකත් එහෙමද? (නි)

:       0       0

ගාමිණී-සිරි Sunday, 19 May 2013 09:13 PM

බ්‍රිතාන්‍ය ජාතිකයින්,අපේ රටට දුම්රිය මාර්ග හදල, කෝච්චි දමල කරපු සේවය අගේ කරනවා බෙහෙවින්ම .! දුම්රිය නියමුවන් අලින්,මුවන්,ගොනුන් මෙන්ම වාහන හප්පලා මිනිසුනුනුත් මරනවා . එම නිසා කරුණාකරලා නියමුවන් රහිත කෝච්චි එන්ජින් ටිකක් වහාම හදල එවන්නකො පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවට පෙර !! (අ)

:       0       0

සරසි Sunday, 19 May 2013 05:01 PM

රාවනට රානි කියලා බිරිදක් හිටියේ නැහැ.(නදී)

:       0       0

මර්සි ලංකා Sunday, 19 May 2013 11:52 PM

නියමුවන් ඉඳලත් නිතර සිදුවන අනතුරු දෙකකම . මේවා අවොත් මොන වෙනවද දන්නේ නැහැ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 132 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 15775 7
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 553 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site