IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


නයිජීරියාවේ බෝම්බ පිපිරී 36 ක් මරුට: 120 ක් රෝහලේ

අප‍්‍රිකා රටක් වන නයිජීරියාවේ කි‍්‍රස්තියානි දේවස්ථාන ඉලක්ක කර ගනිමින් පෙරේදා (9) සවස අධි බලැති කාර් බෝම්බ දෙකක් පුපුරා ගිය අතර එයින් පුද්ගලයෝ 36 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලබා රෝහල් ගත කළ ගණන 120 කි. ඒ අතරින් 35 දෙනකුගේ තත්ත්වය බරපතළ බවත් මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවත් නයිජීරියා බලධාරීහු පවසති. බෝම්බ පුපුරා ගියේ මධ්‍යම නයිජීරියාවේ හෝස් නගරයේ සහ උතුරින් පිහිටි කඩූනා නගරයේය. පාස්කු ඉරිදා දිනය වූ හෙයින් පෙරේදා කි‍්‍රස්තියානි දේවස්ථාන බැතිමතුන්ගෙන් පිරී තිබුණි. ප‍්‍රහාරයේ වගකීම බෝහෝ හරාම් ඉස්ලාමීය සටන්කාමීන් විසින් බාර ගනු ලැබ ඇත. නයිජීරියාවේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා අවුළුවන්නෝ බෝහෝ හරාම් සටන්කාමීහුය. ඔවුන් අල් කයිඩා සංවිධානය සමඟ ද සබඳතා පවත් වන බව වාර්තා වේ. පසුගිව වසරේ නත්තල් දා ද කඩූනා නගරයේ කි‍්‍රස්තියානි බැතිමතුන් ඉලක්ක කර ගනිමින් බෝහෝ හරාම් සටන්කාමීහු දරුණු ප‍්‍රහාරයක් එල්ල කළහ. පාස්කු ඉරිදා ද එවැනිම ප‍්‍රහාරයක් එල්ල වේවි යැයි බියක් හටගෙන තිබුණු හෙයින් කි‍්‍රස්තියානි දේවස්ථානවලට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා තිබුණු බවද වාර්තා වෙයි. හෝස් නගරයේ කාර් බෝම්බය පුපුරා ගිය ස්ථානය



අදහස් (0)

නයිජීරියාවේ බෝම්බ පිපිරී 36 ක් මරුට: 120 ක් රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 181 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 156 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 961 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site