IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


නයිජීරියා ගුවන් අනතුරින් මඟීහු150 ක් මරුට

නයිජීරියාවේ ලාගෝස් නුවරදී අනතුරට පත් ගුවන්යානයේ ගමන් ගත් මඟීන් 150 දෙනාම ජීවිතක්ෂයට පත්ව ඇතැයි එරට ගුවන්සේවා බලධාරීහු පවසති. එරට ආර්ථික මර්මස්ථානය ලෙස සැලකෙන ලාගෝස් නුවර පිහිටි දෙමහල් ගොඩනැගිල්ලක යානය ගැටීමෙන් ගුවන් අනතුර සිදුව තිබේ. මෙම ගුවන්යානය එරට ඩානා ගුවන්තොටුපොළින් ගුවන් ගත වී ලාගෝස් දක්වා පියාසර කරන අතරතුර අනතුරට පත්ව ඇති බව වාර්තා වේ. අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නැත. සිද්ධිය සැල වූ පසු එරට ජනපති ගුඞ්ලක් ජොනතන් දින තුනක ජාතික ශෝක කාලයක් ප‍්‍රකාශයට පත් කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. මිය ගිය අය අතර එරට ජාතික ඛණිජ තෙල් සංස්ථාවේ ප‍්‍රකාශක ලෙවී අජු ඕනුමා ද සිටින බව යානයේ ගමන් ගත් මඟී විස්තර පිරික්සූ ගුවන්සේවා බලධාරීහු ප‍්‍රකාශ කළහ. යානය අනතුරට පත්වීමත් සමඟ ඒ අසලට ප‍්‍රදේශවාසීන් විශාල පිරිසක් රැුස්ව සිටි බවත් ඒ නිසා අනතුරට පත් වූවන් සොයා සිදු කළ මෙහෙයුම්වලට බාධා සිදු වූ බව සහන සේවකයෝ පැවසූහ. අනාරක්ෂිත ගුවන්ගමන් සේවා හේතු කොට ගෙන නයිජීරියාවේ නිරන්තරයෙන් ගුවන් අනතුරු සිදුවේ.



අදහස් (0)

නයිජීරියා ගුවන් අනතුරින් මඟීහු150 ක් මරුට

ජගත් Tuesday, 05 June 2012 11:12 AM

බිමින් ගියා නම් ඉවරයිනේ

:       0       0

සුභාශිනී Wednesday, 06 June 2012 03:16 AM

න අන්තලික්ඛේ න සමුජ්ජ මජ්ජේන.! ගුවනේ සිටියත් මහ සාගරය මැද සුරක්ෂිත වන්නට සූදානම්වූවත් මරණයෙන් ගැලවීමක් නොමැත!! යැයි බුදුන් ප්‍රකාශකළේ එබැවිනි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 158 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site