IMG-LOGO

2025 මැයි මස 13 වන අඟහරුවාදා


නොබෙල් සාම ත්‍යාගය ලැබිය යුත්තේ රුසියා ජනපති පුටින්ටයි

2013 වසරේ නොබෙල් සාම ත්‍යාගය, හිමිවිය යුත්තේ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ට යැයි රුසියාවේ මානව හිමිකම් කි‍්‍රයාකාරී සංවිධානයක් පවසයි.

සිරියානු අර්බුදය මුල්කොට ගනිමින් ලෝකය බල කඳවුරු දෙකකට බෙදී යුද්ධ කිරීමට සූදානම් වෙද්දී, රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින් මැදිහත් වී, එම අර්බුදයට සාමකාමී විසඳුමක් ලබා දීම හේතුවෙන් මහා විනාශයක් වැළැකී ගියේ යැයි ද එම මානව හිමිකම් කි‍්‍රයාකාරී සංවිධානය පෙන්වා දෙයි.

ඔවුන් මෙය සඳහන් කරමින් නොබෙල් කමිටුවට විශේෂ ලිපියක් ද යවා ඇති බව විදෙස් පුවත් සේවා කියා සිටී.

ඇමෙරිකා ජනපති බැරැක් ඔබාමාට වඩා, පුටින් ලෝක සාමය අගය කරන බව ද එම සංවිධානය වැඩි දුරටත් කියා සිටී. ජනපති ඔබාමාට 2009 වසරේ දී නොබෙල් සාම ත්‍යාගය හිමිවිය. ඒ, ලෝකය යහපත් තැනක් බවට පත් කිරීමට ගන්නා උත්සාහය අගය කරමිනි.



අදහස් (0)

නොබෙල් සාම ත්‍යාගය ලැබිය යුත්තේ රුසියා ජනපති පුටින්ටයි

මාගරී Thursday, 03 October 2013 11:57 AM

දැක්කා නේද ඒ රටවල්වල තියෙන මානව හිමිකම් සංවිධාන වල හැටි? ඒවා තමන්ගේ රටවල් වලට ආදරය කරන සංවිධාන. ඒකට අපේ රටේ මානව හිමිකම් සංවිධාන..... රටේ වැරදීම තමයි ලෝකෙට බෙදා හරින්නේ. (නි)

:       0       0

රජ Thursday, 03 October 2013 11:59 AM

හරිම හොද යෝජනාවක්. පුටින් ජනාධිපතිතුමා නොසැලී සිටි හන්දයි සිරියාවේ වෙන්න ගිය මහා විනාශය වැළකුනේ. නැත්නම් මේ වනවිට කොපමන පිරිසක් මිය යන්න තිබුනද? (නි)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Thursday, 03 October 2013 03:10 AM

එයාට මොන නොබෙල් සම්මානද? (නි)

:       0       0

රුචිත Thursday, 03 October 2013 12:36 PM

ඔක්කොම ලොකු ලොකු අය බෙදාගන්නවා. (නි)

:       0       0

හේරත් Thursday, 03 October 2013 03:26 AM

මෙන්න අපෙන් සහාය. (නි)

:       0       0

ලලිත් අපොන්සු Friday, 04 October 2013 01:21 AM

පුටින්ට වඩා අාර්ථිකය කඩාවැටුණ අැමරිකාවේ නායක ඔබාමාටනේ නා්ෙබල් සාම ත්‍යාගය දෙන්න ඕනෑ. (නි)

:       0       0

පෙඩ්රික් Thursday, 03 October 2013 05:12 PM

ඔය නොබෙල් තෑග්ග දෙන්න ඕනෑ පාප්තුමාට බවයි මගේ අදහස (නි)

:       0       0

රණා Thursday, 03 October 2013 12:44 PM

හරියට හරි. (නි)

:       0       0

ඉන්දු මෙල්බෞර්නෙ Thursday, 03 October 2013 04:39 AM

සම්පූර්ණ ඇත්ත ! පුටින් මහතාට එය හිමි විය යුතුයි. (නි)

:       0       0

නිල්මිණි Thursday, 03 October 2013 05:23 PM

නොබෙල් සාම තෑග්ග දෙන්න ඕනෑ අපේ ජනාධිපතිතුමාට. එයා තමා සුදුසුම කෙනා මේකට (නි)

:       0       0

සම්පත් දිල්ලිමුනි Friday, 04 October 2013 01:59 AM

හරිම හොද යෝජනාවක්. තව දෙයක් කියන්න තියෙනවා. නොබෙල් සාම තෑග්ග අපේ ජනාධිපතිතුමාටත් හිමි වෙන්න ඕනෑ. එතුමා ලංකාවට සාමය ගෙන ආ සාමයේ රජිදා ය (නි)

:       0       0

ගිබාල් Friday, 04 October 2013 02:00 AM

පෙඩ්රික්, ඔයාට පිස්සුද? (නි)

:       0       0

අචිනි Thursday, 03 October 2013 05:42 PM

අහවල් රටේ කෙනාට දෙන්නේ නැද්ද? (නි)

:       0       0

පුෂ්පා Thursday, 03 October 2013 05:36 AM

ලෝකය යහපත් තැනක් කිරීමට දරන ප්‍රයන්තය සඳහා දෙන නෝබල් සාම ත්‍යාගයට ඉතාම සුදුස්සා පකිස්ථානයේ වීර දැරිය මලාලායි. දැනට ඇගේ වයස අවුරුදු 16 යි. මේ දැරියගේ නම නෝබල් සාම ත්‍යාගය සඳහා යෝජනා වුනා මේ අවුරුද්දේ මාර්තුවල. ඇය තම ජීවිතය පවා පරදුවට තබා අන් දැරියන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ඇති නිදහස වෙනුවෙන් තලෙයිබාන් වැනි අන්තවාදීන්ට විරුද්ධව යුද ප්‍රකාශ කළේ කිසිම දේශපාලන හෝ ආර්ථික වාසියක් බලාගෙන නොවෙයි. (නි)

:       0       0

පෙත්තා Thursday, 03 October 2013 06:01 AM

නාඩගම් නැතුවට මේවා.... ඇමෙරිකන් සල්ලි.... (නි)

:       0       0

දයා අළහකෝන් Thursday, 03 October 2013 06:02 PM

ලෝකයේ තිබුණු දරුණුම ත්‍රස්තවාදී සංවිධානයේ බල බින්දේ අපේ ජනාධිපතිතුමා (නි)

:       0       0

ලුම්බිණි Thursday, 03 October 2013 07:03 AM

යෝජනාව ගෙනල්ල තියෙන්නේ රුසියාවේ මානව හිමිකම් කි‍්‍රයාකාරී සංවිධානයක්. මේ යෝජනාව සිරියාවේ අසාද් ස්ථිර කරාවි. (නි)

:       0       0

සුදත් Thursday, 03 October 2013 08:23 AM

නොබෙල් සාම ත්‍යාගය ලෝක සාමයට කරන අපහාසයක් ලෙසයි මම නම් දකින්නේ (නි)

:       0       0

ශලිනි Friday, 04 October 2013 09:11 AM

මලාලා යුසුෆ් දැරියට නොබෙල් ත්‍යාගය ලබා ගන්න වයස මදි.(16) (නි)

:       0       0

ඉන්දික Thursday, 03 October 2013 08:45 AM

ලුම්බිණි, ඔබාමට දෙන්න හොඳ නම්, පුටින්ට දුන්නට කොහොමත් කමක් නෑ. ඔබාමට දුන්නේ සාමය සඳහා එයා කරන්න හිතාගෙන හිටපුවට. ඒත් එයා කරේ තිබිච්ච ප්‍රශ්න තවත් වැඩි කරපු එක විතරයි. බලන්න ඉරාකෙට වෙලා තියෙන වැඩේ. පුටින්ට දෙන්න කියන්නේ කරපු දෙයකට. ලෝකෙම දැක්ක එකේ ප්‍රතිපලය. (ස)

:       0       0

දර්ශන් Thursday, 03 October 2013 09:10 AM

පූටින්ට මෙය ලැබුනොත් ලෝක විනාසයි... (ස)

:       0       0

ආර්.එල්. බාලසූරිය Thursday, 03 October 2013 09:33 AM

නොබෙල් සම්මානය අපේ ජනාධිපති තුමාටත් හිමි වෙන්න ඕනේ . එතුමා ලංකාවට සාමය ගෙනාපු හින්දා ..... (ස)

:       0       0

දුමින්ද Thursday, 03 October 2013 10:15 AM

කොහොමද පුටින්ට දෙන්නේ?? ? රුසියාවෙ අභ්‍යන්තර යුද්ධයක් තියෙද්දී.. (ස)

:       0       0

නුවන් Thursday, 03 October 2013 10:16 AM

පුෂ්පා මහත්මිය, කියන විදිහට නොබෙල් සාම ත්‍යාගය දෙන්න මලාලා දියණිය සුදුසු නෑ. ඒකට හේතුව තමයි එයා කථා කරන්නේ පකිස්තානු අන්තවාදය ගැන පමණයි. නමුත් ඇමරිකානු ගුවන් පහරදීම් වලින් මිය යන අහිංසක තමන්ගේ මව්බිමේ පකිස්තානු දරුවන් ගැන ඇය කතා කරන්නේ නෑ. බටහිර රටවල් කරන පහරදීම් පිළිබඳ ඇය කිසිවක් කතා කරන්නේ නෑ. එසේ බටහිර රටවලට විරුද්ධව කතා කළොත් ඇය දැන් ලබන සියලු සැප පහසුකම් අහිමි වෙනවා නොඅනුමානයි. එම නිසාම ඇය ඉතා කෙටි කාලයකින් බටහිර ගැති ඉත්තෙක් වනවා නොඅනුමානයි. (ස)

:       0       0

කුමාර් Thursday, 03 October 2013 03:20 PM

පුටින්ට දෙනවා නම් නොබෙල් සම්මාන, ඉතින් යකඩ අතින් මිනිස්සුව පාලනය කළ අනෙක් අයටත් දෙන්න ඕනෑ (නි)

:       0       0

අන්ස්ලාම් Thursday, 03 October 2013 11:40 AM

අන්න හොද දෙයක් ගොඩක් කාලෙකට පස්සේ මානව හිමිකම් වලට පෙනිලා නැත්තනම් පුස්පල වගේ අය නැවතත් ඔබමටම දෙන්න කියයි (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

සයුරෙන් එතෙර

ඇමෙරිකාව චීනය තීරුබදු අඩු කරන්න එකඟ වෙයි
2025 මැයි මස 12 1599 0

ඇමෙරිකාව මෙන්ම චීනය ද එකිනෙකාට පැනවූ තීරුබදු සියයට 115 කින් අඩු කිරීමට එකඟ වූ බව නිවේදනය කළේ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට්ය.


ඇමෙරිකන් චීන සාකච්ඡා සාර්ථකයි
2025 මැයි මස 12 101 0

චීනයේ වෙළඳ නියෝජිත හී ලිෆෙන්ග් සහ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් අතරේ හමුවක්, ස්විට්සර්ලන්තයේ දී පැවැත්වුණු අතර, එම සාකච්ඡා ඵලදායී වූ බව ඇමෙ


තවත් යුද්ධයක් එපා: ලියෝ පාප්තුමෝ කියති
2025 මැයි මස 12 99 0

ලියෝ පාප්තුමන්ගේ පළමු ඉරිදා දේව මෙහෙය වතිකානයේ දී පැවැත්විණි. ‘තවත් යුද්ධයක් එපා’ යැයි නව පාප්තුමන් එම දේව මෙහෙය අතතුරේ ලෝකවාසීන්ගෙන් ඉල්ලීමක් කළේය.


පුටින් හමුවෙන්න සූදානම්: යුක්රේන ජනාධිපති කියයි
2025 මැයි මස 12 1463 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවීමට තමන් සූදානම් බවත්, රුසියන් යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් පුටින් සමඟ සාකච්ඡා පවත්වා පැහැදිලි


සටන් විරාමය කඩලා
2025 මැයි මස 11 1742 1

සටන් විරාමයක් සදහා කැමැත්ත පළ කළත්, ඉන්දියාව එය උල්ලංගනය කළේ යැයි පාකිස්තානය චෝදනා කරයි.


කෘත්‍රිම බුද්ධිය තර්ජනයක්
2025 මැයි මස 11 2814 1

14 වැනි ලියෝ පාප්තුමන් සහ කාදිනල්වරුන් අතර පළමු හමුද වතිකානයේ දී පැවැත්විණි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1225 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1508 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 388 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site