IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


නොබෙල් සාම ත්‍යාගය යුරෝපා සංගමයට

මෙවර නොබෙල් සාම ත්‍යාගය යුරෝපා සංගමයට හිමි වන බව නොබෙල් කමිටුව නිවේදනය කළේය. දෙවන ලෝක යුද්ධයෙන් අනතුරුව යුරෝපා කලාපයේ රටවල සාමය වෙනුවෙන් ඉටු කරන ලද මෙහෙය අගැයීමට ලක් කරනු පිණිස යුරෝපා සංගමයට මෙලෙස නොබෙල් ත්‍යාගය හිමිවී තිබේ. දශක හයක් තිස්සේ යුරෝපා කලාපයේ සාමය, සංහිඳියාව සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පවත්වාගෙන යාම සඳහා දක්වන ලද දායකත්වය වෙනුවෙන් යුරෝපා සංගමයට නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීමට තමන් තීරණය කළ බව නොබෙල් කමිටු සභාපති තෝබ්ජෝන් ජැග්ලන්ඞ් පැවැසීය. යුරෝපා සංගමය මේ වන විට දරුණු ආර්ථික අවපාතයකට මුහුණපා සිටී. මේ අතරින් දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටිනේ යුරෝපයේ දකුණු කලාපයේ පිහිටි ගී‍්‍රසිය වැනි රටවල්ය. මේ රටවල ආර්ථිකයන් ගොඩගැනීමට ජර්මනිය ප‍්‍රමුඛ ධනවත් උතුරු යුරෝපීය රටවල් ඉදිරිපත්ව සිටී. ජාතීන් 27කින් සැදුම්ලත් යුරෝපා සංගමය ලැබූ මෙම ගෞරවය සම්බන්ධයෙන් තමා සතුටට පත්වන බව යුරෝපා පාර්ලිමේන්තු ප‍්‍රධානී මාටින් ෂූස් සඳහන් කළේය. යුරෝපා කලාපයේ දේශපාලන සහ ආර්ථික ඒකාබද්ධතාව උදෙසා අස්සන් කෙරුණු මාස්ටි‍්‍රච් ගිවිසුම පදනම් කරගෙන 1993 නොවැම්බර් මස 1 වැනිදා යුරෝපා සංගමය පිහිටුවනු ලැබිණි.



අදහස් (0)

නොබෙල් සාම ත්‍යාගය යුරෝපා සංගමයට

අසිත Monday, 15 October 2012 06:17 PM

යුරෝපය යුරෝපයටම තෑගි දීලාද? (නි)

:       0       0

සුභාෂිණි Tuesday, 16 October 2012 10:52 AM

මේක හරියට තව තවත් ආයුධ නිපදවන්න දීපු බලපත්‍රයක් වගෙයිනේ (නි)

:       0       0

පාලිත වීරතුංග Monday, 15 October 2012 10:39 PM

i ඒරොපේ සංගමයට දෙන්න ඕනේ සාම ත්‍යාගය නොවෙයි ජාතීන් අසමගි ත්‍යාගයයි. (අ)

:       0       0

තුවාන් Monday, 15 October 2012 11:09 PM

මම කියන්නේ ඕක දෙන්න ඕන අපේ විපක්ෂ නායක තුමාට (ස)

:       0       0

ජනක Monday, 15 October 2012 03:19 PM

නොබෙල් සාම ත්‍යාගය වෙන්න බැහැ. නොබෙල් යුද්ධ ත්‍යාගය වෙන්න ඕනෑ. මට හිතෙන්නේ එහෙමයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 808 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site