මෙවර නොබෙල් සාම ත්‍යාගය යුරෝපා සංගමයට හිමි වන බව නොබෙල් කමිටුව නිවේදනය කළේය.
දෙවන ලෝක යුද්ධයෙන් අනතුරුව යුරෝපා කලාපයේ රටවල සාමය වෙනුවෙන් ඉටු කරන ලද මෙහෙය අගැයීමට ලක් කරනු පිණිස යුරෝපා සංගමයට මෙලෙස නොබෙල් ත්‍යාගය හිමිවී තිබේ.
දශක හයක් තිස්සේ යුරෝපා කලාපයේ සාමය, සංහිඳියාව සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පවත්වාගෙන යාම සඳහා දක්වන ලද දායකත්වය වෙනුවෙන් යුරෝපා සංගමයට නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීමට තමන් තීරණය කළ බව නොබෙල් කමිටු සභාපති තෝබ්ජෝන් ජැග්ලන්ඞ් පැවැසීය.
යුරෝපා සංගමය මේ වන විට දරුණු ආර්ථික අවපාතයකට මුහුණපා සිටී. මේ අතරින් දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටිනේ යුරෝපයේ දකුණු කලාපයේ පිහිටි ගී‍්‍රසිය වැනි රටවල්ය. මේ රටවල ආර්ථිකයන් ගොඩගැනීමට ජර්මනිය ප‍්‍රමුඛ ධනවත් උතුරු යුරෝපීය රටවල් ඉදිරිපත්ව සිටී.
ජාතීන් 27කින් සැදුම්ලත් යුරෝපා සංගමය ලැබූ මෙම ගෞරවය සම්බන්ධයෙන් තමා සතුටට පත්වන බව යුරෝපා පාර්ලිමේන්තු ප‍්‍රධානී මාටින් ෂූස් සඳහන් කළේය.
යුරෝපා කලාපයේ දේශපාලන සහ ආර්ථික ඒකාබද්ධතාව උදෙසා අස්සන් කෙරුණු මාස්ටි‍්‍රච් ගිවිසුම පදනම් කරගෙන 1993 නොවැම්බර් මස 1 වැනිදා යුරෝපා සංගමය පිහිටුවනු ලැබිණි.
1
රාජ්‍ය සේවය කළශඹන ඉහළ පුටු සෙලවීම
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුරෝපය යුරෝපයටම තෑගි දීලාද? (නි)
මේක හරියට තව තවත් ආයුධ නිපදවන්න දීපු බලපත්‍රයක් වගෙයිනේ (නි)
i ඒරොපේ සංගමයට දෙන්න ඕනේ සාම ත්‍යාගය නොවෙයි ජාතීන් අසමගි ත්‍යාගයයි. (අ)
මම කියන්නේ ඕක දෙන්න ඕන අපේ විපක්ෂ නායක තුමාට (ස)
නොබෙල් සාම ත්‍යාගය වෙන්න බැහැ. නොබෙල් යුද්ධ ත්‍යාගය වෙන්න ඕනෑ. මට හිතෙන්නේ එහෙමයි. (නි)